IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි.

සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිතා කළ හැකි වන අතර  අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වන බවත මෙම තැටි ලබා දීමේ දී ගොවි ජනතාව එක් තැටියක් මිල දී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

පැරෂුට්  තැටි ලබා දීමේ මෙම වැඩ සටහන යටතේ මෙවර මහ කන්නය සඳහා තැටි මිලියන 3.2ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

 



අදහස් (1)

මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:31 PM

කෘෂිකාර්මයට නව තාක්ෂණය හඳුන්වා ⁣නුදුන්නොත් මේක තවදුරටත් ලාභදායි ලෙස පවත්වාගත නොහැකි වෙයි. කරුණාකර නිසි පුහුණුවකින් පස්සෙ මේවා දෙන්න. දෙන්නන් වාලේ අරගෙන අන්තිමට මේවා රටටම එපා කරවන්න එපා...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 520 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 156 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 1642 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 892 1

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 395 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 559 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39926 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25913 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 184 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1285 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site