IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්

(නිමල කොඩිතුවක්කු)

මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.

එහිදී මඩකලපුවෙන් මෙට්‍රික්ටොන්  15ක් සහ අම්පාරෙන් මෙට්‍රික්ටොන්  7ක් මිලදී ගෙන ඇති බවත් එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේය.

පොලොන්නරුව ඇතුලු දිස්ත්‍රික්ක වලින් වී තොග ලැබීමට නියමිතව ඇතත් පවතින වර්ෂාව සහිත කාලගුණ තත්වය ඊට බාධා වී ඇතැයිද සභාපතිවරයා කීවේය.

මෙවර මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන්  දෙලක්ෂ දස දහසක් මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලය පහසුකම් සලසා ඇතැයිද ඔහු පැවසීය.

ඒ වෙනුවෙන් වී අළෙවි මණ්ඩලය සතු මධ්‍යස්ථාන 166ක් සූදානමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (9)

මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිල දී අරන්

ප්‍රියන්ත Monday, 10 March 2025 05:44 PM

අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වී අලෙවි මණ්ඩලයට යලි පණදී වී මිලට ගැනීම ඇරඹූ විට එය කඩාකප්පල් වේවා යැයි පැතූ අධමයින් පිරිසක් මේකේ කමෙන්ට් දාන අය අතරේත් ඉන්නවා...!

:       15       40

යෝගා Monday, 10 March 2025 05:52 PM

ඔන්න ඔය ටිකත් ඩඩ්ලිටම දීලා දාන්න. දෙගොල්ලන්ම එකතු වෙලා යටින් ඩීල් දාලා උඩින් සංදර්ශන පෙන්නනවා... මේසෙට ගහ ගහ. දැන් පුළුවන් නම් හාල් ආනයන බද්ද අඩුකරන්න. ලොවෙත් කරන්නේ නෑ. කොහොමත් බොරු කියන කෙනා හොර වංචා කරනවාමයි.

:       39       22

රටඑඇසියා Monday, 10 March 2025 06:24 PM

ඒ කියන්නෙ තාම වී කිලෝ 48000යි. බලාපොරොත්තුව කිලෝ 210,000,000 යි 210,000,000-48000=209952000 209952000 කිලෝ කවදා අරන් ඉවර කරන්නද?අවුරුදු ලබන්න තව මාසයයි තියෙන්නෙ..දවසකට වී කිලෝ 69 ලක්ස 98400.

:       33       20

Indika Monday, 10 March 2025 08:11 PM

අප්පේ ඕකටද ඔය ඔච්චර හය්යෙන් මේසෙට ගැහුවේ... වී ටොන් 48ක් ගන්න ආන්ඩුවක් මක්කටෙයි. අපේ ගමේ මෝලක් කරන පොඩි කෙනෙකුට කිව්වා නම් ඔයිට වඩා ගනීවි.. ඕක දෙන්න ළමයෙකුට... ලැජ්ජයි...

:       31       21

PGPThilak Monday, 10 March 2025 09:02 PM

මේ වී ටිකෙන් රටට කැඳ වේලක් බොන්නවත් මදි නේද? ගබඩාවල නිලධාරීන්ට පඩි කනවා විතරයි වගේ!

:       0       0

ගුණරත්න Monday, 10 March 2025 10:15 PM

මේ වී කිලෝ 48000න් හාල් කිලෝ කීයද? දවස් කීයකට ලංකාවේ අවශ්‍යතාවය පිරිමහින්න ඒ සහල් ප්‍රමාණවත් වේවිද? දැන් වී ගබඩා කළා කියලා කිව්වත් ඔය වියදමට තව වියදම් එකතු වෙන්න ඕනෑ. වැටුප් සහ ගබඩා නඩත්තු වියදම්, ආණ්ඩුවේ ගිණුමෙන් ඒ වියදම් පියෙව්වා වුණත් සහල් විකුණන විට ඒ වියදමත් එකතු කරලා මිල නියම කරන්නේ නැතිනම් ඔය බිස්නස් එකෙන් පාඩුවෙන්න පුළුවන්...

:       1       1

මිලානෝ වැසියා Tuesday, 11 March 2025 12:55 AM

රටේ දවසක වී අවශ්‍යතාවය වී මෙට්‍රික්ටොන් 10400 යි. දවසක අවශ්‍යතාවය මිලදී ගන්නත් තව 10352 ක් අඩුයි. මාලිමාවේ සෙනග හරි සන්තෝෂෙන් ප්‍රතිචාර පළ කරනවා. කිසිම අවබෝධයක් නෑ.

:       0       1

Mangala Dissanayake Tuesday, 11 March 2025 08:51 AM

ගොවිතැන ගැන නොදන්න, දේශපාලන ඇම්බැට්ටයෝ ටිකක් අහිංසක ගොවියන්ගේ හීන බොඳ කරන හැටි සමහරකගේ අදහස් වලින් පේනවා.

:       1       1

Business Tuesday, 11 March 2025 09:48 AM

සමහර ගොවියෝ ආත්මාර්ථකාමි, මිනිස්සුගේ ආකල්පමය වෙනසක් කරන්න ලංකාවේ ලේසි නෑ. ඉල්ලීම් විතරයි, යුතුකම් , වගකීම් කියලා දෙයක් ඔලුවේ නෑ.තමුන්ගේ වැඩේ කර ගත්තා නම් හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 10 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 13 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1456 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 481 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 750 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 231 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site