IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහ කොමසාරිස් බුදුන් වැඳ වැඩ අරඹයි

බ්‍රිතාන්‍යයේ නව මහකොමසාර්ස් බුදුන් වඳී

එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව 8 වැනි සඳුදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තාය. ඇය ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය සෙනසුරාදාය.

වැඩබලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න සහ තානාපති කාර්යයාලයේ මනෝජ් වර්ණපාල ඇය කැටුව විහාරස්ථානයට පැමිණියහ. 

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විජේවර්ධන මහත්මිය ප්‍රධාන පිරිස පංච ශීලයෙහි පිහිටුවා සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කළහ.

සීලවිමල නාහිමියෝ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය සමඟ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාලාන්තරයක් තිස්සේ පවත්නා සමීප සම්බන්ධතාවය ස්තුති පූර්වකව නාහිමියෝ  සිහිපත් කළහ.

අද මෙන් නොව ලන්ඩනයේ ශ්‍රී ලාංකික බෞද්ධයන් එතරම් නොසිටි වකවානුවක ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වැඩ කටයුතු පවත්වාගෙන යාම  සඳහා මහ කොමසාරිස් කාර්යාලයෙන් අනුපමේය අත්වැලක් ලැබුන බවත් අද පවා සෑම මාසයකම පළමුවන දවසේ දානය පිරිනැමෙන්නේ මහ කොමසාරිස් කාර්යාලයෙන් බවත්, මහකොමසාරිස් තනතුර සඳහා බෞද්ධ නොවන අය පත්ව සිටි අවදි වලදී පවා මෙම ක්‍රියාදාමය කිසිදු වෙනසක් නොමැතිව පවත්වාගෙන ගිය බවත්, මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කැරෙන ආගමික, සමාජීය සහ සංස්කෘතික වැඩකටයුතු වලදී අවශ්‍ය මඟ පෙන්වීම් සහ ආගමානුකුල අනුශාසනා නිබදව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙන් ලබාගත් බවත් උන්වහන්සේ පැවසුහ.

සැදැහැවත් බොදු සමාජ සේවිකාවක මෙන්ම සාර්ථක වෙළඳ ව්‍යාපාරයක හිමිකාරියක ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට පත්වීම පිළිබඳව සතුටුවන බව පැවසු සීලවිමල නාහිමියෝ එතුමියගෙන් බ්‍රිතාන්‍යයේ ජිවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින්හටද ජාති ආගම් භේදයකින් තොරව අත්‍යාවශ්‍ය සේවයක් ලබාගැනීමේ අවස්තාව උදාවනු ඇතැයිද පැවසුහ.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථාන පාලක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය ලකී පනාගොඩ, සුදන්ත අබේකෝන් සහ අබේකෝන් මහත්මිය නව මහකොමසාරිස් තුමිය පිළිගනිම සඳහා පැමිණ සිටියහ. 

විජේවර්ධන මැතිනිය සිත තනතුරේ වැඩ කටයුතු බදාදා ආරම්භ කරනු ඇත. ඊට පෙරාතුව අඟහරුවාදා ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානයටද වෙම්බ්ලි ඉලපතිශ්වර් හින්දු දෙවාලයටද ගොස් ආශිර්වාද ලබාගැනීමටද බලාපොරොත්තු වන්නීය. 

ක්‍රිස් නොනිස් මහතාගේ ධූර කාලයෙන් පසුව අතිවූ පුරප්පාඩුවට අමාරි විජේවර්ධන මහත්මිය මේ තනතුර සඳහා පත් කර ඇත.

1-1 1-2 1-9 1-12 1-14 1-16 1-17 1-20 1-22



අදහස් (0)

මහ කොමසාරිස් බුදුන් වැඳ වැඩ අරඹයි

සම්පත් Tuesday, 09 August 2016 10:52 AM

චාරිත්‍ර කරන්න ඕන නිසා කරනවා වගේ, කකුලක් පිට කකුලක් දමාගෙන සිටිමෙන් පෙන්නේ. (ර)

:       0       0

ටෙහාන් Tuesday, 09 August 2016 05:52 AM

හාමුදුරුවො ඉදිරියේ කකුලක් පිට කකුලක් දමාගෙන සිටීම නම් මම අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

අමල් Tuesday, 09 August 2016 06:06 AM

ඇත්ත. බෞද්ධ හිමිනමක් ඉදිරිපිට වාඩිවී සිටින ආකාරය අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නිවන්තක Tuesday, 09 August 2016 06:30 AM

හදවතින්ම එන ශ්‍රද්ධාව නම්, මම මෙය අගයමි (නි)

:       0       0

කාංචන Tuesday, 09 August 2016 06:33 AM

මම නම් මොකුත්ම මේ ගැන නොකියා ඉන්න හිතාගත්තා. අවශ්‍ය හැමදේම අනෙක් අය කියලා (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 09 August 2016 06:28 AM

මොන හොඳ දෙයක් කළත් අපේ සමහර අයගේ මෝඩකම්, උද්දච්චකම් නිසයි ලෝකය ඉදිරියේ හෑල්ලු වෙන්නේ (නි)

:       0       0

අරවින්ද Tuesday, 09 August 2016 06:28 AM

මේවා දකිනකොට හිතට එන හැඟීම විස්තර කරන්න අමාරුයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 11:59 AM

අපි පොඩිකාලේ හාමුදුරු වරුන්න්ට ආසන පනවන්නේ සුදු රෙද්දක් දාලා, කවදාවත් ගැහැණු කෙනෙක් තියා වැඩිහිටි පිරිමි කෙනෙක් වත් සංඝයා වහන්සේලා සමග එක මට්ටමෙන් ආසන වල වාඩිවෙන්නේ නෑ. මෙතන එහෙම්පිටින්ම සංස්කෘතිය කඩලා මේ නෝනයි අර මහත්ත්වරු ටිකයි. ආගමද, ගිහියෝද මෙතන මොඩ් වෙලා තියෙන්නේ? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 12:05 PM

මෙයා අහංකාරයි (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 09 August 2016 06:59 AM

අපිට මේ මහත්මියගේ සුදුසුකම දැනගන්න පුලුවන්ද මේ තනතුරට? තරුණ, උගත්, බුද්ධිමත් අයෙක් වුණා නානම් තමා හොඳ මම හිතන්නේ (නි)

:       0       0

අනුර Thursday, 11 August 2016 04:36 PM

කොහොම වුණත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මේ වගේ වාඩිවීම නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නාරද Tuesday, 09 August 2016 07:16 AM

මෙයයි යහපාලනය

:       0       0

අශෝක්‌ Tuesday, 09 August 2016 07:21 AM

මොකක්ද මහින්ද හා රනිල්ගේ අතර වෙනස? අපේ අය හැමදාම පරාදයි. නුඹලා ඡන්දය දුන්නේ ඔවුන්ටයි. කවුරු අාවත් අපි පරාදයි. (නි)

:       0       0

හංසිනී Tuesday, 09 August 2016 07:22 AM

හාමුදුරු කෙනෙක් ඉස්සරහ ඉන්න හැටි දන්නෙත් නැත්නම්, අනාගත කටයුතු ගැන ප්‍රශ්නයක් අපිට ඇතිවෙවා (නි)

:       0       0

බටුගෙදර Tuesday, 09 August 2016 07:41 AM

මම නම් මොකුත්ම කියන්නේ නැහැ

:       0       0

නිහාල් Tuesday, 09 August 2016 07:59 AM

එම තනතුර නෑදෑ සංග්‍රහය නැතුවද පත්කළේ? එහෙනම් හොඳයි (නි)

:       0       0

සෑම් Tuesday, 09 August 2016 08:17 AM

කොහොම හරි කමක් නෑ වැඩක් කරනවා නම්.(හේ)

:       0       0

වසන්ත රත්නායක Tuesday, 09 August 2016 08:39 AM

මෙතුමිය කැලණිය පන්සලේ ප්‍රදාන දයිකාවක් , විජේවර්ධන පරපුරේ (ම)

:       0       0

අනුරාධ Tuesday, 09 August 2016 08:38 AM

හාමුදුරුවන් ඉදිරියේ වාඩිවී සිටින ආකාරය නිවැරදිද? (නි)

:       0       0

නන්ද කරුණානායක Tuesday, 09 August 2016 03:35 PM

මෙය පන්සල ඇතුලේ කරන හමුවීමක් නිසා සුදු රෙදි දමා ආසන පනවා නොමැත. ඉහළ සමාජයේ කාන්තාවන් ඉඳගන්න විට කකුල් එක්කොට ඉඳ ගැනීම හොඳ පුරුද්දක් ලෙස සැලකේ. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 09 August 2016 08:57 AM

බෞද්ධ හිමිනමක් ඉදිරිපිට වාඩිවී සිටින ආකාරය අනුමත කරන්න බැහැ.... අමල් කියන්නේ හරියට කකුල් දෙක උස්සන් හිටිය වගේනේ.(බ)

:       0       0

කරුණාරත්නේ ගම්පොල. Tuesday, 09 August 2016 09:26 AM

පිරිත් සජ්ඣායනා ව ඉතාමත් සංවරව ශ්‍රවනය කිරීම ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. එතුමිය අර්ධපර්යන්ඛයෙන් වාඩිවී සිටීම පැහැදිලියි. සත්පුරුෂයෝ කිසිවකුගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ හෙළිකරන්නේ නැත. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 3 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 294 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 431 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 331 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1200 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1094 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site