මැතිවරණ ක්‍රමයේ සංශෝධනයකින් පසුව නව මහ මැතිවරණය පවත්වනු ඇතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ඇමැති අද (5) ප්‍රකාශ කළේය.
කවදා මහ ඡන්දය පවත්වන්නේදැයි මාධ්‍ය වේදීන් ඇසූ විට ඔහු කීවේ දින වකවානු ගැන දැන්ම කිව නොහැකි බවයි. අප්‍රේල් මස 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවන බව කලින් කියා තිබිණි. මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දයක් ඇති කරන බවත් එය ගිය රජය සමයේ දිනේෂ් ගුණවර්ධන කමිටුවේ යෝජනාවලට වඩා ඉදිරියට ගිය ක්‍රමයක් බවත් සේනාරත්න ඇමැති කීවේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සම්බන්ධයෙන් ඡන්ද කොමසාරිස්, නීතිපති හා මැනුම්පති සමගද සාකච්ඡා කර ඇතැයිද ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව හෝ ජනමත විචාරයකින් අනතුරුව මහ ඡන්දය පවත්වන බවත් කොමසාරිස්ගේ වාර්තාව සති කිහිපයකින් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
අයවැයෙන් පොරොන්දුවූ පරිදි ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක මුදල රුපියල් 2000 බැගින් මාස 10 කින් ගෙවන බවද රාජිත සේනාරත්න මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහා ඡන්දය කල් යන හැඩයි
දයා Thursday, 05 March 2015 06:51 PM
ඔය එන්නේ ටික ටික එලියට ,කියන්නේ එකක් කොරන්නේ තව එකක් , (අ)
වසන්ත ප්‍රංශය Thursday, 05 March 2015 09:33 PM
දින 100 ත් කල් යන හැඩයි. (අ)
යසංග Thursday, 05 March 2015 09:04 AM
ඒ මොකද දන්නෙ නැහැ (නි)
සෙනරත් Thursday, 05 March 2015 12:52 PM
කට්ටියම මහ මැතිවරණයට බය වෙලාද (දිල්)