IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහ දෙපක්ෂය වසර 67 ක් මොනවද කළේ ?

වසර 67 ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්ට රටේ ඇති අර්බුදවලටට විසඳුම් සෙවීමට නොහැකි වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය බලය ලබාදීමේ වැදගත්කම ජනතාවට පැහැදිලි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දී අද (22) පෙරවරුවේදී ප‍්‍රකාශ කළේය.

පක්ෂයක් අතින් සිදුනොවිය යුතු දේවල් ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදුවීම පිළිබඳව තම පක්ෂය කම්පා වන බවත්, මින් ඉදිරියට ජනතා විමුක්ති පෙරමුණ අවි බලයක් නොමැතිව අදහස් හරහා වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී පැවසීය.

 අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන්  කළේ ”හෘදසාක්ෂියේ සම්මුතිය” නමින් ඉදිරි මැතිවරණය සඳහා  වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීම හා එහි විශේෂ සමුළුව කොළඹ පිහිටි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අද (22) පෙරවරුවේ පැවැති අවස්ථාවට සහභාගි වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී ”ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, ”උසස් මානව සම්පතක්” යන ප‍්‍රධාන කරුණ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය, ආහාර, පෝෂණය හා සනීපාරක්ෂාව, ක‍්‍රීඩා හා ශරීර සුවතාව, විද්‍යා හා තාක්ෂණ යන අනුකරුණුත්, ”නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආර්ථික ක්ෂේත‍්‍රය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ධීවර හා ජලජ කර්මාන්තය, වැවිලි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉඩම්, ජල කළමනාකරණය හා වාරිමාර්ග, දේශීය හා විදේශීය වෙළදාම, මූල්‍ය ක්ෂේත‍්‍රය, බලශක්තිය, ප‍්‍රවාහනය හා මහාමාර්ග, නිවාස, පරිසරය, රැකියා, විදේශගත ශ්‍රී ලාංකිකයන්, ග‍්‍රාමීය සංවර්ධනය යන අනු කරුණුත්, ”සාධාරණ සමාජයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආණ්ඩුවේ කාර්යභාරය නමින් මූලික මිනිස් අයිතීන්, අධිකරණය, අපරාධ හා බන්ධනාගාර, කාන්තා හා ළමා අයිතිවාසිකම්, වැඩිහිටි, ආබාධිත සහ වෙනස් වූ හැකියාවන් සහිත පුරවැසියන්, සමාජ සුබසාධනය, නාස්තිය, දුෂණය සහ වංචා වැළැක්වීම යන කරුණු සහ පෞද්ගලික සමාගම්වල හා ආයතනවල කාර්යභාරය, පවුල සහ පුද්ගල කාර්යභාරය යන අනුකරුණු සහ ”නිවහල් මිනිසෙක්” යන ප‍්‍රධාන කරුණ යටතේ කලාව සහ අනෙක් ක්ෂේත්‍ර රාජ්‍ය බලපෑමෙන් නිදහස් කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වේ.

GLA_8516 - Copy GLA_8533 GLA_8557 GLA_8574 - Copy GLA_8609 GLA_8626 - Copy GLA_8649 GLA_8686 GLA_8688 - Copy GLA_8698 - Copy



අදහස් (0)

මහ දෙපක්ෂය වසර 67 ක් මොනවද කළේ ?

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:38 PM

හරියට අයිසින් කල ලස්සන කේක් ගෙඩියක් වගේ.. කන්න කැපුවම මැද රිජි ෆෝම්. අපි නොදන්නා ජේ වී පි ෂෝ.(ර)

:       0       0

ජගත් Wednesday, 22 July 2015 03:03 PM

පිවිතුරු යහපාලවගේ වයසක අයට මේ අලුත් ක්‍රම ඇලජික්. (බ)

:       0       0

රණසිංහ Sunday, 26 July 2015 01:32 AM

නිදහස් අධ්‍යාපනය, නොමිලේ සුව සේවා, රටෙන් 1/5 ක් වනාන්තර ඉතිරිවීම... ලෝකයේ අනිත් රටවලට නැති ගොඩක් ඒවා පක්ෂ දෙකෙන්ම කළා. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 22 July 2015 11:45 AM

ජයවේවා! අලුත් ක්‍රමවේදයක් සමඟ නව පාලනයක් අත්හදා බැලීම අද යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන් තරුණ පරපුරේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනිසිටීම ගැන සතුටු වියයුතුය. (අ)

:       0       0

ලාල් Wednesday, 22 July 2015 01:20 PM

අශීක්කිත දේශපාලන ක්‍රමය අතුගා දමා,නවමාවතකට ගමන් කරන්න වෙරදරන ජනතා විමුක්ති පෙරමුණවටා එක්වෙමු.ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා..! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 907 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 411 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 570 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1916 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1947 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 866 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22549 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22501 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site