IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහා නා හිමිගෙන් චම්පිකට බණ පදයක්

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද(25) අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙණ   ඥාණේස්වර මහ නාහිමියන්  බැහැ දැක, ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනාවලිය මහ නාහිමියන්ට පිළිගැන්වීය.

යට පාලනය සඳහා රට ගමන් කරවීම හෙළ උරුමයේ උත්සාහය බව කීය රණවක මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් මහා නාහිමියනට කීවේය.

තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත් බවත් මහා නා හිමියෝ කීහ.

10171752_1499607743654072_8151941261504808478_n 10421288_1499607793654067_6117290566975674623_n   



අදහස් (0)

මහා නා හිමිගෙන් චම්පිකට බණ පදයක්

ප්‍රනාන්දු පැරිස් Tuesday, 25 November 2014 11:01 PM

විමල් ඔබ මන්ද බුද්දික අයෙක්ද ? (නදී)

:       0       0

තරංග Tuesday, 25 November 2014 01:03 PM

හෙළ උරුමය ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන ඕන කෙනෙක් එක්ක එකතු උනාට කමක් නැහැ. මහින්ද මහත්මයා ඒ යෝජනා වලට ඇහුන්කන් දෙන පාටක් නැහැ. එ්ක නිසයි මෙතුමලා ඉවත් උනේ. අපි සැමදා ඔබ සමගයි (නදී)

:       0       0

ගිහාන් Tuesday, 25 November 2014 11:06 PM

අඩුපාඩු හදාගන්න දැන් කල්ගත්තා ඇති නේද බන්දුල? එන්න එන්නම තත්ත්වය දරුණු වෙනවා මිසක් අපිට නම් හොඳක් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

සුමන මානන්දුව. Tuesday, 25 November 2014 01:04 PM

පබසරා කියන්නේ ජනාදිපතිතුමා සමග එකතුවෙලා මේ කුඩුකාරයන්ගේ හා එතනෝල් කාරයන්ගෙන් ආණ්ඩුව රැකගන්න කියලද? (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 01:10 PM

තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත් බවත් මහා නා හිමියෝ කීහ. අපේ නායක හාමුදුරුවෝ පැහැදිලි උදාහරණයක් මේ තුලින් දේශපාලකයන්ට දීල තියෙන බව වැටහෙනවා. (නදී)

:       0       0

සිල්වා Tuesday, 25 November 2014 01:24 PM

දේශපාලන හොරු ඔක්කොම නිරයට තමයි යන්නේ !(හේ)

:       0       0

බටන්ගල Tuesday, 25 November 2014 01:30 PM

දිනේෂ්, ඔයකියන මහින්ද චින්තනය හදන්න සක්‍රිය දායකත්වය දුන් මේ බුද්ධිමතුන්ට ගල් අඟුරු වලින් වංචා කල කියල වහෙන් ඔරෝ භාෂාවෙන් කියෙව්වේ කවුද? තවත් කතා කරන්න දෙයක් ඉතිරි කලේ නැත්තේ කවුද? (නදී)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Tuesday, 25 November 2014 01:30 PM

චම්පික මහතාණෙනි ඔබ ජනාධිපති තුමා සමග සිටිය යුතු කෙනෙකි. එම නිසා දුර දිග බලා කටයුතු කරනු මැනවි. හොද්දට කරපිංචචා කොලයක් නොවී. (නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 26 November 2014 01:31 AM

මොනවාද ජනාධිපතිතුමාගේ අඩුපාඩු බන්දුල? (නි)

:       0       0

විමල් Tuesday, 25 November 2014 01:49 PM

ඔබ තුමා දේශපාලන වෙනසක් කරන්න විපක්ෂය සමග එකතුවෙන්න රනිල් කියන්නේ බුද්දිමත් නායකයෙක් ලෝකෙත් එක්ක වැඩකරන්න පුළුවන් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් පිරිසිදු නායකයා ඒ හින්ද හරි තීරණේ ගන්න හොරකම දූෂණයට තිත තියන්න. (ස)

:       0       0

බේබි Wednesday, 26 November 2014 04:39 PM

වේයෝ හුඹස් බඳිති. දෙපැත් නයි හුඹසට රිංගති. අනේ නෑයෝ...තොපිත් වේයෝ.(නදී)

:       0       0

නුවන් Tuesday, 25 November 2014 02:05 PM

සුළු ජාතීන් ගැන හිතන්න සුළු ජාතීන් ගේ සුභ සිද්ධියට විශාල නියෝජිතයන් පිරිසක් හිටියත්, සිංහල අපි නියෝජනය කරන්න, බුදු දහම රැක ගන්න, කෙලින් කතා කරන කොන්දක් තියෙන නායකයෝ හරි අඩුයි. මහා නායක හාමුදුරුවෝ කිවුවා වගේ කරන හැම පිනක්ම පවක්ම අපි පසු පස එනවා සංසාරය පුරාවටම. මේ ජීවිතයේ සැප පහසුව ගැන විතරක් පටුවෙන් හිතල තීරණ ගන්නේ නැතුව, බුදු දහමේ පැවැත්ම උදෙසා, බුදු දහම රැක ගන්න ප්‍රතිඥා දීල තියන සිංහල ජාතිය රැක ගන්න පුළුවන් නායකයෝ අපිට අවශ්‍යයි. ඔබ තුමාටත් හොඳින් විභාග විශ්ලේෂණය කරලා සුදුසු පිරිසට සහයෝග දෙන්න ලැබේවා කියල අපි පතනවා. අපි කාට සහයෝගය දෙන්නද කියල තවම තීරණය කරලා නැති තැනක ඉන්නේ. රොටිය දෙපැත්ත ගහනවා වගේ, ආණ්ඩු මාරු කරලා කරලා ඇති වෙලා තියෙන්නේ. හරි දේ කරන්න ඕනේ අපි. මොකද වරදක් උනොත් ආයෙත් අවුරුදු 6 කට නිවැරදි කරන්න වෙන්නේ නැහැ. දෙපිරිසේම ප්‍රතිපත්ති මාලාව කියවල, රට කරවන යාන්ත්‍රනය ගැන හදාරලා අපි තීරණයක් ගන්නම්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 02:06 PM

තව දුරටත් රතන හාමදුරුවන්ගේ ලනු කන්නේ නැතුව දේශද්‍රෝහී බලවේගවලට රට අරාජික කරන්න දැන හෝ නොදැන පාරවල් කපන්නේ නැතුව ගම්මන්පිල මහත්තයත් එක්ක ආයෙත් සන්ධානෙට එකතු වෙලා මහින්ද මහත්තයගේ තියෙන අඩුපාඩුවක් හදාගෙන,තමන්ගේ දේශපාලන අනාගතයත් විනාශ කරගන්නේ නැතුව මහින්ද මහත්තයත් එක්ක ඉදිරියට යන්න.මේ රටේ බහුතර සිංහල ජන මතය සන්ධානය තුල නියෝජනයට ඉදිරියටත් අපිට ඔබ දෙපළ අත්‍යවශ්‍යයි.. (ස)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Tuesday, 25 November 2014 02:08 PM

රට පාවා දෙන්න හදන්නේ දවස් සියක්‌ උහුලන්න බැරි උණ හැදිලද? අපේ උරුමය කරුමයක් කරන්න එපා. (ස)

:       0       0

සිරිසේන Wednesday, 26 November 2014 02:24 AM

තුන් සැරයක් ඉල්ලනවා...දිනනවා. අඩුව ඒකයි (නදී)

:       0       0

නාලි Wednesday, 26 November 2014 02:37 AM

ඔය දේශපාලකයෝ කවුරුත් කවදාකවත් බන පිළිපදින්නේ නැහැ. ඒ අය කරන්නේ ඒ ගොල්ලන්ගේ න්‍යාය පමණයි. (නදී)

:       0       0

බාලසුරිය කොලොන්නාව Tuesday, 25 November 2014 02:24 PM

මෙතන පොදු අපේක්ෂකයාට කවුරුත් කැමතියි , එහෙත් ප්‍රශ්නය ඔහු දින සියයකින් බලය දෙන්නේ රනිල්ට , බොහෝ දෙනෙකු එයට අකමැතියි , ඇයි රනිල්ට කෙලිම්ම පොදු අපේක්ෂක වෙලා දිනලා ඕවා කරන්න බැරි ? ඔහුගෙන් ලැබුණු අමිහිරි අතීතය නිසා බොහෝ දෙනෙක් විචිකිච්චාවෙන් ඉන්නේ (ස)

:       0       0

ගමගේ Tuesday, 25 November 2014 02:25 PM

රනිල් නායකයා කලොත් ඒකීය භාවයනම් රකීවි නියමෙටම. හෙළ උරුමය කරුම නම් කරන්න එපා ඔය අශුද්ධ සන්ධානයට සපෝර්ට් කරල. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන කාරණය සිහියට ගන්න. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 03:19 AM

අඩුපාඩු කාගේද නැත්තේ ස්ටැන්ලි මහත්තයෝ. අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. රජයක් පවත්වාගෙන යන්න සිල් අරගෙන බැහැ. බලයක් ගන්න කාට උනත් ඒ බලය රැක ගන්න බලය දීපු මහජනතාව පමණක් සතුටු කිරීමෙන් බැහැ. දොළ පිදේනි ඉල්ලන යක්කු ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ සතුටු කරන්න වෙනවා අකමැත්තෙන් උනත්. නමුත් ඒක අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය එක තමයි එතුමාගේ අඩු පාඩුව. ඒකේ පල විපාක එතුමා මේ වතාවේ තේරුම් ගන්න ඇති. එතුමාගේ ඉදිරි පාලන සමය මේ රටේ විශාල වෙනසක් සිදු කරාවි අනිවාර්යයෙන්ම. (නදී)

:       0       0

සදුනි Tuesday, 25 November 2014 03:09 PM

මගේ පියා චම්පික මහතාට ඡන්දෙ දෙන්නේ සිහල උරුමෙන් ඡන්දෙ ඉල්ලන කාලේ ඉදලා. ඒ රටගැන හැගීමක් තිබෙන ඒ නිසාම විදේශයකට ගොස් සිය උගත්කමේ හැටියට ඉපයියහැකි මහා ධනස්කන්ධය අමතක කල සැබෑ ලාංකීය පුත්‍රයෙක් කියලයි. ඒ ගෞරවනීය හැගීම එන්.ජී.ඔ. ලනුවලට අහුවෙලා නැතිකරගන්න එපා. (ර)

:       0       0

රණසිංහ Wednesday, 26 November 2014 03:53 AM

චම්පික මහත්මයාණනි ඔබ කල යුත්තේ මහින්දගේ අත පය සීමාවකට ගැටගසා ඔහු සමග සිටීම මිස කසල ගොඩකට එකතු වීම නොවේ. (නදී)

:       0       0

බුද්දික Tuesday, 25 November 2014 03:28 PM

බන්දුල පෙරේරා දෙවියන්ගේ හාල් කැවිලද මෙතුමා සන්ධානය ආණ්ඩුවෙන් අවේ මොකද වැඩකරන්න බැරි හින්ද දුසන වංචා ඉහවහා ගිහිල්ල නැවත මේ හොර තක්කඩි එක්ක උඩුගම්බලා පීනන්න පුලුවන්ද හොදම දේ මෛත්ත්‍රී එක්ක එකතුවෙලා රට හරිමග ගන්න එක ව්‍යවස්ථාව සංසෝදනය කරලා වියදම් අඩු කර රටේ යහ පාලනයක් ඇතිකරන්න ජනතාව වෙනුවෙන් අවංකව පෙනිසිටින්න. (ස)

:       0       0

අදිරි Tuesday, 25 November 2014 03:34 PM

මේ තරමට රටේ නායකයන් නැතිවුනේ කොහොමද ? නුවන්, තව අවුරුදු 6 දුන්නොත් රට ෂරියා වෙලා අපෙත් බෙලි කැපෙයි . ඇයි මේක තේරෙන් නැත්තේ ? (අ)

:       0       0

බන්දුල Tuesday, 25 November 2014 03:55 PM

ජාතික හෙළ උරුමය රත්න හාමුදුරුවෝ රටට ලොකු ආඩම්බරයක් කෙලින් කතාකරන බුද්දිමත් එඩිතර අවංක හිමිනමක් ඔය මහලොකු සේනාවලට දැන් හිතාගන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන්නේ කියල.(අ)

:       0       0

රන්ජිත් Tuesday, 25 November 2014 04:21 PM

ජනාධිපතිතුමා ට තිබුනේ තමන්ගේ ඉතිරි වසර දෙකත් නිළයේ ඉඳල පක්ෂයේ ඊළගට සිටින මෛත්‍රීට අපේක්ෂක කම බාරදීලා ව්‍යවස්තාවට ගරු කරමින් විශ්‍රාම යන්න. නමුත් එතුමා ගේ බල තණ්හාවට හැම දෙයක්ම නැති කරගත්තා. අද ඔක්කොම අර්බුද ටික හදාගෙන වමාරන්නේ එතුමා විසින්මයි. ඉදිරියේදී ඔය පක්ෂය විශාල බිඳවැටීමකට‍ෙ ලක්වෙනවා. එ්කට වගකියන්න ඕනි වර්තමාන රජය සහ වටේ සිටින එහියෝ ටික. (ස)

:       0       0

සුජිත් Wednesday, 26 November 2014 04:43 AM

මොහමඩ් අපිනම් විරුද්ධ වුනා ඇෆ්ගනිස්තානයෙ ඇමෙරිකන් භටයෝ කරපු වැඩේට.. (අ)

:       0       0

සමන් Tuesday, 25 November 2014 04:34 PM

ප්‍රශස්ති ගායනා කරනවට වැඩිය බුදු බණපද කියලා දෙනවා නම් මොනතරම් හොඳද? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 25 November 2014 04:40 PM

"තමන් කළ දෑ තමන් පසුපස සසර පුරා ගමන් කරන බවත්, එය දැනගෙන කටයුතු කිරීමට සෑම දෙනාටම යහපත්" බවත් මහා නා හිමියෝ කිව්වේ චම්පික ගැන හිතල නොවෙයි චම්පිකට ආණ්ඩුවෙන් යන්න සැලැස්සුව අය ගැන හිතලා. (නදී)

:       0       0

අප්පුහාමි Tuesday, 25 November 2014 05:07 PM

හරි දේ හරි විදිහට, වැරදි දේ වැරදි විදිහට දකින්න තරන් අවංක නැති කුහක මිනුස්සු කියන දේවල් වලට උත්තර දීලා වැඩක් නැහැ. එක පැත්තකින් අපේ මිනුස්සු ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද 'ඔබේ සැප මගේ සතුටක්' කියලා සතුටුවෙන මිනිස්සු ඉන්න එකට. (නදී)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Wednesday, 26 November 2014 05:10 AM

පාටලී මහතාණනි. ඔබතුමා සන්ධානය තුළ ඉඳන් දෙපා මුල පමණක් බලන්නේ නැතිව මාහැඟී සේවයක් ඉටු කරන උගත් අවංක ජාති හිතෛෂී මහත්මයෙක්. ඔබ තුමා තවමත් සන්ධානය තුළ සිටීම අපේ හදවතට සහනයක්. රටට විපත් සිදුවන විට ඔබතුමා කිසිම දවසක් නිහඬව සිටියේ නැහැ. අදත් එහෙමයි, අපේ ජනාධිපතිතුමාගේ සමීපයේම සිට එතුමාගේ ගමනට නිසි මග පෙන්වමින් රැඳී ඉන්නා ලෙස අයදිමි. ඔබතුමාට ජය පතමි. (ස).

:       0       0

දයා Tuesday, 25 November 2014 05:21 PM

අනේ හාමුදුරුවනේ රට දෙකට කරන්න හැදු යු.එන්.පි යට එදා බැන වැදුණු චම්පිකලා දැන් කොහොමද යු. එන්. පි වේදිකාවට නැග රට බේරාගත් මහින්ද මහතාට විරුද්දව කතාකරන්නේ. ඇහෙලේපොලලා වන්න එපා කියල බන ටිකක් කියන්න (නදී)

:       0       0

නලීන් Tuesday, 25 November 2014 05:47 PM

අනේ අපේ හාමුදුරුවනේ....! (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 25 November 2014 06:21 PM

ඔබතුමාට ජය! (නි)

:       0       0

මහී Tuesday, 25 November 2014 12:05 PM

රටේ බලයට පත්වන දේශපාලකයන් දුෂිත ව්‍යාපාරිකයික් සහ කේවට්ටයන් ලංකරගන්නවා මිස බුද්ධිමත් කෙනාට තැනක් දෙන්නේ නැහැ. මෙය තමයි ලංකාවේ ප්‍රශ්නය. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 25 November 2014 06:28 PM

කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට" "කොස් ඇට" වගේ අපේ සමහර අයට. (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 25 November 2014 06:29 PM

ඒ උපදේශය නම් බොහොම වටිනවා (නි)

:       0       0

රන්කැටි Tuesday, 25 November 2014 12:07 PM

බඩ සුද්ද නොවුනත් කමක් නෑ ලෙඩා ජීවත් වෙනවා නම්? (නදී)

:       0       0

කෝසල Tuesday, 25 November 2014 12:10 PM

එහෙනම් ඉතින් ඔය හොර කරන අයට මොනවා වෙයිද? අනේ මට නම් හිතා ගන්නත් බැහැ (නදී)

:       0       0

කාන්තිනී Tuesday, 25 November 2014 06:31 PM

ඔබතුමා කරන්න යන දේ ගැන තවවරක් හිතාබැලුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

සියදෝරිස් ලංකා Tuesday, 25 November 2014 06:55 PM

මමත් දැන් මේ රජය ගැන කලකිරී සිටිනා කෙනෙක්. කලක් මගේ ලොකුම කැප කිරීම් සන්දානයට. එහෙත් සිදුවන කරුණු අනුව දැන් මගේ කිසිම කැමැත්තක් නැහැ. එහෙත් මම පොදු අපේක්ෂකයාට කැමති උනෙත් නැහැ. දවස් 100 කින් බලය ගන්නේ නිකම්ම ඉඳලා රවිල් මහත්තයා. එනිසා මෙවරත් ඡන්දය සන්දානයටම දෙනවා. මා වැනි බොහෝ අය සිටිනවා මේ දෙයම කරනා. (නදී)

:       0       0

මොහමඩ් Tuesday, 25 November 2014 06:55 PM

දළදා මාලිගාව වටේ නලගණන් නටවනවට, දළදා මාලිගාව වටේ කාර් රේස් තියනවට මම නම් හරිම කැමතියි. (නදී)

:       0       0

අමන්දා Tuesday, 25 November 2014 07:15 PM

කොටි ගැන කතා කරන්නේ අමතකද මහා කොටි සියල්ලම ආණ්ඩුවත් එක්ක කියලා. රටේ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙනවා කියලා. ඔය වගේ දේවල් නැති කරන්න තමා මෛත්‍රී ආණ්ඩුවක් ඕනා. කව්ද එ්කට අකමැති (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 25 November 2014 12:29 PM

මහත්මයානෙනි ඔබ රටට සම්පතකි. නමුත් ඔබ ඉක්මන් උනා වැඩි යැයි මට සිතේ. දෙයක් ඇත්නම් කතා කර විසඳා ගැනීමට හැකි නායකයෙක් රටට සිටින නිසා. පොදු අපේක්ෂක අච්චාරුවට නම් අත ගහන්න එපා. එ්කෙන් රටට වෙන හානිය බොහොම බරපතල නිසා. (නදී)

:       0       0

නෙලික Tuesday, 25 November 2014 07:36 PM

ඔබ ජනපති මහින්ද එක්ක ඉන්න. පොදු ජන මතය මහින්ද මිස අන් කෙනෙක් නොවේ. රනිල්ට බලය දෙන්න මෛත්‍රීට ඡන්දෙ දෙන්නේ මොන මෝඩයෝද ? තාමත් ජනපති පොදු ජනතාවගේ අපේක්ෂ්ව. ජනපති තුමනි අපි ඔබ තුමා සමග (නදී)

:       0       0

චමිලා Tuesday, 25 November 2014 07:41 PM

බුද්දික ඔයා මන්ද බුද්දික නෙමේ නේද ? මෛත්‍රී එක්ක කොහොමද රට හරි මගකට ගෙනියන්නේ ? දින 100 න් පස්සේ එයා රනිල්ට බලය පවරනවා . හෙළ උරුමයට වැඩ කරන්න වෙන්නේ රනිල් එක්ක. (නදී)

:       0       0

සෙන්දනායක Tuesday, 25 November 2014 08:17 PM

ඔබතුමන්ලා මෙතරම් මහන්සිවෙන්නේ මොනවටද දෙවියනේ? (නි)

:       0       0

පබසරා විමුක්ති Tuesday, 25 November 2014 12:40 PM

ඔව් ඔව් හත් හවුලට සෙට් වෙන්න නම් එපා. අපේ ජනපති තුමා සමග ඔබතුමා දිගටම සිටිය යුතුයි (නදී)

:       0       0

දයාරත්න Tuesday, 25 November 2014 09:17 PM

දේශපාලකයන්ට රටේ අනාගතය ගැන හිතෙන්නේ මොනවද?ඔවුන් මෝඩයෝ. (නදී)

:       0       0

මහී Tuesday, 25 November 2014 12:48 PM

රටේ ඒකීයත්වය තහවුරුකිරීමට වැඩකරන්න. කොටි පනගසමින් බටහිර රටවල සිටින බව අමතක කරන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 722 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 536 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 772 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 577 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 495 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 312 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site