IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මහ පක්ෂ දෙකම දකුණින් ඡන්ද වැඩිකරගෙන

මහ මැතිවරණයෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර මැතිවරණ කොට්ඨාශ හැර අන් සියලුම මැතිවරණ කොට්ඨාශ ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පසුගිය පාර්ලිමේන්තුවේ හිමිව තිබූ මන්ත්‍රීධූර තුනක් අහිමිවී ඇත. එසේ වුව ද ඔවුන් පසුගිය 2010 මැතිවරණයේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා තිබීම ද විශේෂත්වයකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇමතිවරු තිදෙනෙක්, නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් හා එක් මන්ත්‍රීවරයකු මෙවර ජයගෙන නැත. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සියළු දෙනා තම ස්ථානය යළි තහවුරු කරගෙන සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2010 දී ඡන්ද 305,307 ලබා මන්ත්‍රීධූර හතක් හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන හතක් හිමිකරගෙන තිබිණි. මෙවර සිය ඡන්ද ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් 312,518ක් දක්වා ඡන්ද 7,211 කින් වැඩි වුව ද එක් ආසනයක් අහිමිවිය.

2010 දී එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයේ එකම මැතිවරණ කොට්ඨාශයක් හෝ ජයගත නොහැකිවිය. එම පක්ෂය එවර හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 120,101 කි. ඒ අනුව මන්ත්‍රීධුර දෙකක් හිමිවිය. මෙවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද සංඛ්‍යාව 265,180ක් දක්වා ඉහළ දමාගෙන ඇත්තේ ඡන්ද 145,079 කින් වැඩිකරගනිමිනි. ගාල්ල මැතිවරණ කොට්ඨාශය ද ජයගැනීමට සමත්වූ එක්සත් ජාතික පක්ෂය සිය මන්ත්‍රීධුර සංඛ්‍යාව හතරක් දක්වා වැඩිකරගැනීමට ද සමත්වූයේය.

2010 මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 33,663ක් ලබා එක් මන්ත්‍රි ධූරයකට හිමිකම් කීවේය. මෙවර ජනතා විමුක්ති පෙරමුණ තනිවම තරඟ කරමින් ඡන්ද 37,778 ට හිමිකම් කීව ද ඔවුන්ට මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට හැකිවූයේ නැත. 2010 මැතිවරණයෙන් තේරීපත්වූ අජිත් කුමාර මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව පෙරටුගාමී පක්ෂයට එක්වීමත් සමග පාර් ලිමේන්තුවේ දී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සිටියේය. ඔහු නියෝජනය කළ පෙරටුගාමී පක්ෂයට ආසන හිමිවූයේ නැත.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරු වූ පියසේන ගමගේ හා ගුණරත්න විරකෝන් මහත්වරු මෙවර මැතිවරණනේ පරාජය ලැබූහ. 2010 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර් ලිමේන්තුවට තේරීපත්වූ මනූෂ නානායක්කාර මහතා මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර ජයගෙන ඇත්තේ මනාප 73,387ට හිමිකම් කියමින් සිව්වැන්නා බවට පත්වෙමිනි. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා එම පක්ෂයේ වැඩිම මනාප ලාභියා බවට පත්වූ අතර ඔහු ලැබූ මනාප සංඛ්‍යාව 114,851කි. පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය ද මනාප 63,955ක් ලබමින් මන්ත්‍රීධුරයක් ලබා ගැනීමට සමත්වූවාය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වැඩිම මනාප 149,573ක් හිමිකරගනිමින් වැඩිම මනාප ලබාගත් අතර 2010 මහ මැතිවරණයෙන් ජයගත නොහැකි වූ වජිර අබේවර්ධන මහතා මෙවර මනාප 142,874ක් ලබා යළි පාර් ලිමේන්තුවට තේරීපත්ව සිටියි. දීර් ඝ කාලයක් පළාත් සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ බන්දුලලාල් බණ්ඩාරිගොඩ හා විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරු ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර් ලිමේන්තුවට තේරීපත්ව සිටිති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ප්‍රජාත්නත්‍රවාදී ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීධුරය බැගින් එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත.

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 මැතිවරණයෙන් හිමිකැරගත් ඡන්ද සංඛ්‍යාව 213,937 ක සිට මෙවර 250,505 ක් දක්වා ඡන්ද 36,568කින් වැඩිවී තිබිණි. එසේ වුව ද ඔවුන්ගේ මන්ත්‍රීධුර සංඛ්‍යාව හයක සිට පහක් දක්වා අඩුවී ඇත. එම අඩුවූ මන්ත්‍රීධූරය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.

මාතර දිස්ත්‍රික්කයේ  හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් යාපා මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරු වූ විජය දහනායක හා හේමාල් ගුණසේකර මහත්වරු මෙවර පරාජයට පත්වූහ. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිම මනාප 105,404ක් ලබා මෙවර ද පාර් ලිමේන්තුවට තේරීපත්ව සිටින අතර සන්ධානයෙන් මාතර දෙවැනි ස්ථානය දිනාගෙන ඇත්තේ දේශපාලනයට නවකයකු වූ රූපවාහිනී නිවේදක නිරෝෂන් ප්‍රේමරත්න විසිනි. හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුත් කාංචන විජේසේකර ද ප්‍රථම වතාවට පාර් ලිමේන්තුවට තේරීපත්ව සිටියි. හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා ද සිය ධූරය රැක ගැනීමට සමත්ව සිටියි.

2010 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 91,114ක් ලබා ගනිමින් මන්ත්‍රීධුර දෙකකට හිමිකම් කීවේය. මෙවර සිය ඡන්ද සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකරගත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 186,675ට හිමිකම් කියන අතර හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව තුනකි.

එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප හිමිකැරගෙන සිටින්නේ බුද්ධික පතිරණ මහතා විසිනි. ඒ මනාප 98,815කි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර එක්සත් ජාතික පක්ෂයෙන් දෙවැනියා වී සිටින අතර 2010 මැතිවරණයෙන් සිය ධූරය අහිමිවූ සාගල රත්නායක මහතා යළි මන්ත්‍රීධූරයකට පත්ව සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ නොකළ ද රාපක්ෂ බලකොටුව වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ඡන්ද සංඛයාව වැඩිකැර ගැනීමට සමත්ව සිටියි. පසුගිය 2010 මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 174,808ක් දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය එම සංඛ්‍යාව 22,172 න් ඉහළ දමා ගනිමින් ඡන්ද 196,980 ක් හිමිකරගෙන සිටියි. එසේ වුව ද 2010 දී ඔවුන් දිනාගත් මන්ත්‍රීධූර පහ මෙවර හතරක් දක්වා අඩුවී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය හා වී.කේ.ඉන්දික මහතා මෙවර පරාජයට පත්ව සිටින අතර පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතාගේ පුත් ඩී.වී.චානක මහතා පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවැනිය වී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාය. ඒ මනාප 127,201ක් හිමිකර ගනිමිනි. මහින්ද අමරවීර හා චමල් රාජපක්ෂ මහත්වරු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දෙවැනියා හා තුන්වෙනියා වී සිටිති.  

එක්සත් ජාතික පක්ෂයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 2010 දී හිමිවූ ඡන්ද 83,027 මෙවර 130,433 ක් දක්වා වැඩිවී ඇතත් ඔවුන්ට 2010 දී මෙන් මෙවර ද හිමිව ඇත්තේ මන්ත්‍රීධූර දෙකක් පමණි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මනාප 112,645ක් ලබා පළමු ස්ථානයට පත්ව සිටින අතර මනාප 61,391ක් ලැබූ දිලිප් වෙදආරච්චි මහතා දෙවැනි තැනට පත්ව සිටියි.

2010 දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඡන්ද 19,186ක් ලබා මන්ත්‍රීධූරයකට හිමිකම් නොකීව ද මෙවර ජනතා විමුක්ති පෙරමුණ තනිවම තරඟ කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 36,527ක් හිමිකරගනිමින් එක් මන්ත්‍රීධූරයකට හිමිකම් කියයි. මානප 12167 ක් ලැබූ නිහාල් ගලප්පත්ති මහතා එම මන්ත්‍රීධූරය හිමිකැරගෙන සිටියි.



අදහස් (0)

මහ පක්ෂ දෙකම දකුණින් ඡන්ද වැඩිකරගෙන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 28 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 86 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 585 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 762 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 64 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 200 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site