බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ හිමිවරු සහ දහම් පාසලේ ඉන්දියා දරු දැරියන් එකතුව පාලි සහ හින්දි භාෂාවලින් මහ පිරිත සජ්ඣායනය කිරීමේ පින්කමක් පැවැත්වූහ.
බෝසතානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියස ධර්මාශෝක අධිරාජයාණන් විසින් පිහිටුවන ලද වජ්රාසනය අසල මෙම පිරිත් සජ්ඣායනය පැය තුනක් පුරා පැවැත්විණි.
බුද්ධගයා මහා විහාරය අවට ජීවත්වන බුදුදහම කෙරෙහි උනන්දුවක් දක්වන දරු දැරියන් විශාල සංඛ්‍යාවක් බුදුනුව විහාරස්ථානයේ දහම් පාසලට පැමිණ බුදුදහම උගනිති.
දහම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත පත හින්දි භාෂාවට පරිවර්තනය කර ඇති අතර මෙම පන්තිවලට සහභාගීවන දරු දැරියන්හට හින්දි සහ පාලි භාෂාවෙන් පන්සිල් සහ වන්දනා ගාථා මෙන්ම පිරිත් දේශනා අර්ථය උගන්වා ඒවා නිවැරදිව කීම සඳහාද පුහුණුවක් දෙයි.
බුදු නුවණ මහමෙව්නා අසපුවේ මහන දම් පුරන ඉන්දියා ජාතික භික්ෂුන් වහන්සේද වැඩ සිටිති. දහම් පාසලේ ඉගෙනීම් කටයුතු කෙරෙන්නේ හින්දි භාෂාවෙනි.
ඉන්දියාවේදී මෙවන් පින්කමක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි.
බුද්ධගයාවේ පිහිටි අනෙකුත් ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් බෞද්ධ රටවල සියලුම විහාරස්ථාන මඟින්ද දහම් පාසල් අධ්‍යාපනය මෙන්ම අනෙකුත් සාශනික කටයුතු ඉතා සාර්ථක අන්දමින් පවත්වයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ පිරිත හින්දියෙන්
විජිත බුලත්සිංහල Sunday, 09 November 2014 06:20 PM
අතිවිශිෂ්ට කාර්යයක් (නි)
නුවන් Sunday, 09 November 2014 06:28 PM
සාධු ! සාධු !! සාධු !!! බුදුසසුන බැබළේවා !! (නි)
සේන Sunday, 09 November 2014 11:31 AM
ඉතා වටිනා පින්කමක්. බුදුන් වහන්සේ ගැන බොහෝ ඉන්දියානුවන් තුල ගරුත්වයක් තියෙනවා. නමුත් ආගම පිළිබද හරි අවබෝදයක් තියෙන උදවිය අඩුයි. (නදී)
ඉසුරන්දි - දෝහා Sunday, 09 November 2014 12:11 PM
හින්දි භාෂාව කියන්නේ හරිම මිහිරි භාෂාවක්. එම භාෂාවෙන් පිරිතක් සජ්ජායනා කරනවයි කියන්නේ තවත් මිහිරියි. අනේ පුලුවන්නම් හින්දියෙන් පටිගත කල පිරිත් ගාථා සි ඩී තැටි තියෙනවා නම් කියන්නකෝ. (නදී)
පුක්කුස වීරේ ලන්ඩන් Sunday, 09 November 2014 12:11 PM
එංගලන්තය ඇතුළු යස ඉසුරින් පිරි රටවල ධර්ම ප්‍රචාරයේ යනවා සේම මෙම සද්ධර්මය උපත ලැබූ රටේද සිටින පින්වතුන්ට මෙම ධර්මය කියා දීමට අප හාමුදුරුවරුන් උනන්දු විය යුතුයි. මෙය මහඟු පින්කමකි. (නදී)
චාන්දනී මෙන්ඩිස්. Wednesday, 12 November 2014 04:45 AM
මේ කරගෙන යන සත්කාර්‍ය්ය සියැසින්ම දැක්කෙමි. මේ පින්වත් ස්වාමීන් වහසේලාගේ උතුම් වෑයම තව තවත් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය තෙරුවන් බෙලන් නිබඳවම ලැබේවා!(දිල්)
නිහාර Thursday, 13 November 2014 06:27 AM
හරිම සතුටුයි මටනම්.(හේ)
දිලානි Sunday, 09 November 2014 11:40 PM
නමෝ බුද්ධාය! (නි)
අමිත් Monday, 10 November 2014 01:10 AM
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි! මෙවන් පිංකම් තවත් කිරීමට හැකිවේවා...!!! (නි)
බන්දුලසේන Monday, 10 November 2014 01:57 AM
බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් මේ උතුම් පින්බිමෙහි ශ්‍රී සද්ධර්මය ප්‍රතිස්ථාපනය කිරීමට මේ ගන්නා උත්සාහය අති විශිෂ්ටයි. (නි)
නිලුපුල් Monday, 10 November 2014 10:00 AM
බුදුදහම තේරුම් ගැනීමට භාෂාව බලපාන්නේ නැත.බුදුදහම බබළන්නේ එය ලොවට විවර වන තරමටය.බුදුදහමේ පවතින එහිපස්සික ගුණය හෙවත් ඕනෑම අයෙකුට විමසා බැලීමේ ගුණය එයට හේතුවී.තමාට හැකි අයුරකින් සජ්ඣායනය සිදු කිරීම වරදක් නැත.ඕනෑම ධර්ම කරුණක් පිළිබඳව තම තුල ඇති නොසැලෙන ශ්‍රද්ධාව බුදුදහමේ පළමු න්‍යායයි. තෙරුවන් සරණයි (හේ)
රජින්ද Sunday, 09 November 2014 02:02 PM
වාසනාවන්ත ප්‍රබෝධමත් කාර්යයක්. පින් සිද්ධ වෙන්න ඕනා සැමටම. (නදී)
චන්ද්‍රා Sunday, 09 November 2014 02:15 PM
තමන් දන්නා භාෂාවෙන් හදාරන්න හැකි නම් ඕනෑම දෙයක් වැඩි දෙනකුට එහි ප්‍රයෝජනය ලබාගත හැකිවෙනවා වැටහෙනවා, ඉතා හොද වැඩක් (නදී)
ප්‍රියංක Monday, 10 November 2014 05:49 AM
පිරිත් කියන්න ඕන භාෂාවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා ඉවරයි. උන්වහන්සේ තුන් කල් දකින නුවනින් බලල තමයි ඒවා දේශනා කළේ. ඕනෑම කෙනෙක් ඒවා තේරුම් ගන්න ඒ භාෂාවන්ට පරිවර්තනය කළාට කමක් නෑ. එත් පිරිතේ බලය ගුණය හරියට ලැබෙන්නේ පාලි භාෂාවෙන්ම පමණි. මොකද එක බුද්ධ භාෂාව නිසා. මිනිස්සු සිංහලෙන් පිරිත් කියනවා එකත් වරදි. එක නිසා පිරිත් කියන්න ඕනේ පලියෙන්ම විතරයි. නැත්නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන හැම භාෂාවෙන්ම පිරිත් දේශනා කරනවනේ. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන කවුරු වුණත්.(හේ)
නාලි Sunday, 09 November 2014 04:04 PM
අපේ ද්‍රවිඩ ජාතියටත් ඒ කාලෙම මේවා කළා නම් අවුරුදු 30 ක් විඳවන්නේ නැහැ. (නදී)
සංජීව කරුණාරත්න Monday, 10 November 2014 06:23 AM
කුමන හෝ භාෂාවකින් බුදු ගුණ සිහිකරන්න කෙනෙකුට පුළුවන්නම් ඒක ඒ පුද්ගලයාට බොහෝ කාලයක් හිත සුව පවතිනවා. ඒකට හේතුව, අපේ චේතනාවට අනුව තමයි කර්මය සකස් වෙන්නෙ. ඉතින් අවබෝධයෙන් ම පිරිත් කීම සහ අවබෝධයෙන් ම පිරිත් ඇසීමේ ආනිශංෂ ගැන කවර කතාද?. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.(හේ)
අමිල Sunday, 09 November 2014 04:26 PM
හරිම සුන්දර වැඩක්. තවත් මේ වාගේ කටයුතු කරන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
කාන්ති Monday, 10 November 2014 06:46 AM
මේ පින්වත් ස්වාමින් වහන්සේලා ඉතා දුෂ්කර ලෙස ඉන්දියානුවන්ට නැවත බුදු දහම උරුමකරවන්ට දරන උතුම් වෑයාම අපි හැමෝම අගය කරමු නේද..(හේ)
පිටිගල මිලානෝ Sunday, 09 November 2014 04:41 PM
ලංකාවෙත් පිරිත් හින්දියෙන් කිව්වොත් නම් කවදාවත් පිරිත් අහලා නැති අයත් අහයි. (නි)