IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ බැංකුව බෙදා ගත්තු හැටි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කාර්යාල සහායක පංතිය  (111) සේවකයකුගේ වැටුප නව වැටුප්  වර්ධකයට පසු  පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ඊයේ (6) පාර්ලිමේන්තුවේ  සභාගත කළ පිළිතුරක සඳහන් වේ.

ඒ අනුව එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59129කින් වැඩි වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ  වැටුප  2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසි අටදහස්  හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.

ඒ අනුව නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ වැටුප් වැඩිවීම රුපියල් හත් ලක්ෂ පනස් එක් දහස් හත්සිය පනස් හතකි. නියෝජ්‍යාධිපතිවරයෙකුට  2024 සාමූහික ගිවිසුමට පෙර පැවති දළ වැටුප වූයේ  රුපියල් නවලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකකි.

මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයෙකුගේ  2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධනයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැට හත්දහස් එකසිය හැත්තෑවකි

එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනකි. ඒ අනුව එම නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූ හතකි.

එසේම මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියෙකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුම් වර්ධකයට පසු දළ වැටුප  දස ලක්ෂ  හතළිස් නව දහස් හාරසිය තිහකි.

මාණ්ඩලික පන්තිය (111) (2) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ   අනූතුන්දහස් දහස් හත්සිය පහකි.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  එස් එම් මරික්කාර්  මහතාඅසා තිබූ  ප්‍රශ්නයකට  අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභා ගත කළේය.

 



අදහස් (8)

මහ බැංකුව බෙදා ගත්තු හැටි

Perera Thursday, 07 March 2024 08:45 AM

අපි පටි තදකර ගන්නම් ... ඔබලා හිතේ හැටියට පටි බුරුල්කරගෙන බඩකට පුරා බෙදාගන්න. කරපු උන් ඔක්කෝටම හෙණම ගහන්න ඕනේ මකබෑවිලා යන්න.

:       0       0

Sahan Thursday, 07 March 2024 09:09 AM

හෙන හතම ගහන්න ඕනේ... නන්දලාල්ට... දැන්වත් යවන්න.

:       0       0

Kazi Shajahan Thursday, 07 March 2024 11:51 AM

ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් ඇක්ෂන් එකක් ගන්න ඕනෑ.. ඉක්මණටම.. මහබැංකු ජොබ් කරනවා කියන්නේ UK ,USA ,CANADA , AUS වගේනේ... මාර බෙදාගැනිල්ලක්නේ බෙදාගෙන තියෙන්නේ. නන්දලාල් මරු තමයි.

:       0       0

ranjith Thursday, 07 March 2024 12:30 PM

මොවුන්ටත්, මේ ආණ්ඩුවේ අයටත් හෙණ ගහන්න ඕනේ මේ මහජන මුදල් බෙදාගැනීමට...

:       0       0

kumara Thursday, 07 March 2024 04:01 PM

මහබැංකුවේ කලමනාකාර සහකාරගේ වැටුප විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකුටත් වඩා වැඩිය.

:       0       0

sumith Thursday, 07 March 2024 04:05 PM

කාලකන්නින්ට පාරේ යන්න හොඳ නා .හෙන ගහාවි

:       0       1

Rohana Thursday, 07 March 2024 05:15 PM

රටේ මහජනතාව දැඩි ආර්ථික පීඩනයකින් සිටින බව මැති ඇමැතිවරුන්ද දන්නා බව දැන ගත්තේ මහ බැංතවේ වැටුප් වැඩිකරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති කතාබස්වලින් පමණි. මීටපෙර කිසිඳු මැති ඇමැතිවරයෙකු රටේ ආර්ථික අහේනිය ගැන කතාකළත් ජනතා දුක්වේදනාවන් ගැන කතාකර නොමැත. යමක් ගැන දැනගැනීමට මෙවැනි සිදුවීම්ද උපකාරි වී ඇත. එහෙකම් දැන් අවශ්‍ය වන්නේ රටේ මෙන්ම ජනතාවගේ ජීවනබර සැහැල්ලු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් රජය මගින් ක්‍රියාත්මක කිරීමයි...

:       0       0

පිටරටවැසියා Friday, 08 March 2024 12:46 PM

එතනත්, පොඩි මිනිහට 67%යි, ලොකු මිනිහට 89%යි. බෙදන හැන්දෙ තරම තමයි....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 290 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 218 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 580 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 270 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site