IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය තවත් ඇදෙයි

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද සොයැබැලීම සදහා පත් කළ කෝප් අතුරු කමිටුව මෙතෙක් කළ පරීක්ෂණවලදී මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට එහි අධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට තරම් කරුණු හෙළිවී නැති බව එම අතුරු කමිටුවේ සාමාජික හා හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මෙම කෝප් අතුරු කමිටුවේ කටයුතු ද අවසන් වුවත් එය ඉදිරි පාර්ලිමේන්තුව යටතේ යළිත් ආරම්භ කර අවසානයක් දක්වා ඉදිරියට ගෙන යා යුතු බව ද  සේනසිංහ මහතා සදහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව විසිරැවීම නිසා පොදු ව්‍යවසාය පිළිබඳ කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.

එම වාර්තාව පසුගිය සිකුරාදා (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කීවත් ඉදිරිපත් නොකැරිණි. එදාම රෑ පාර්ලිමේන්තුව විසිරැවිණි.

රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රකාශ කළේ තමා ඉල්ලීමක් කර තිබිය දීත් එම කමිටුවට තමා නොකැඳවූ බවයි.

_DSC0188



අදහස් (0)

මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය තවත් ඇදෙයි

කුමා Monday, 29 June 2015 01:15 PM

තබයා ඇවිල්ලා .....මෙදා සැරේ තබයගේ බොරු අතේ කෝට් වෙනවා (බ)

:       0       0

ඩීන් Monday, 29 June 2015 01:49 PM

ගෝඨාබය, බැසිල් ඩලස් දේශපාලනය කළේ පුරවැසිභාවය තියාගෙනද ? (බ)

:       0       0

මාරි Monday, 29 June 2015 01:57 PM

සමීර හරි (බ)

:       0       0

ඉමල්කා Monday, 29 June 2015 02:24 PM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ද ගැලවුණේ ය. ඔහු පිළිබඳ අදාළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල රැගත් කෝප් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි ය. එය ප්‍රමාද වූයේ ඇයි? ඩිව් ගුණසේකර එහි දී රනිල්ට ආධාර කෙළේ ද? එය ඉදිරිපත් කිරීම ජූලි 7 වැනි දා තරම් ඈත දිනයකට කල් දැමුණේ කෙසේ ද? මහේන්ද්‍රන් රැක ගැනීමට ඩිව් ගුණසේකර රනිල්ට ආධාර කර ඇති බව පෙනෙයි. (බ)

:       0       0

ලංකා Monday, 29 June 2015 02:38 PM

සමීර නිකන් ගොන් කතා කියන්න එපා, එතකොට වාර්තාව හදන්න තව අවුරුද්දක් විතර යාවි. ඒ අතර අර්ජුනලා තව කෝටි ප්‍රකෝටි ගණන් ගහල තියෙයි. (බ)

:       0       0

මහේෂ් Monday, 29 June 2015 02:49 PM

මෙයාගේ හැටි අපි දන්නවා. අපිව අන්දන්න එන්න එපා හලෝ. දී කිරට බළල්ලුත් සාක්කිලු. (බ)

:       0       0

රාධා Monday, 29 June 2015 03:06 PM

පියලාල්, මන්ත්‍රීවරුත් සමහර ලේකම්ලාත් හිටියා මතක නැත්ද? (බ)

:       0       0

මහානාම - කඳාන Monday, 29 June 2015 03:49 PM

මෙතන පුරවැසි භාවය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ , හරියට රටට වාසි වෙන විදිහට මහා බැංකු අදිපති වැඩ කළා නම් , අපිට මොකටද එයා ගේ පැටිකිරිය , ලංකාවේ එම තනතුර සුදුස්සෙක් නැති නිසා , එයාව ආනයන කළා , එ්කේ වරදක් නැහැ , වරද තියෙන්නේ එයා කරපු දේ මිසක් එයා ගේ පුරවැසි බාවයේ නෙවේ , දැන් ඔය දියුණු රට වල වැදගත් රට ට අවශ්‍ය උදවියට ගෙන්වන්නේ පුරවැසි කම් දීල ,ඒ නිසා පුරවැසි කම් වැදගත් නැත භාර ගත් රාජකාරිය හරියට කළා නම් , එකටනේ මේ අවුට්සොස් කරනවා කියන්නේ .(බ)

:       0       0

තිලක් Monday, 29 June 2015 03:52 PM

සුජීව මහත්තයට තිබුණනේ තමන්ගේ ලොක්කට කියලා පාර්ලිමන්ට් එක නොවිසුරුවා මේක එලියට දාන්න ඉඩ තිබුනනේ . නිකන් මිනිස්සුන්ව අන්දන්න හදනවා.(බ)

:       0       0

විපුල Monday, 29 June 2015 05:29 PM

ඊළඟ පාර්ලිමේන්තුවට එජාපෙ 2/3 බලය ලැබෙනවා කියල තමයි විසිරෙව්වේ. එතකොට විශ්වාසබංග දාන්න බැහැ නේ. දැන් බලන්න දින 100 යේ වැඩසටහනට මර්වින් සිල්වා එස්බී දිසානායක වගේ අයගේ හොරා කෑමක් දැනුනේ නැහැ නේද? මේවා තමයි සම හරක් ට නොපෙනෙන පැති.(බ)

:       0       0

අමන්දා Monday, 29 June 2015 05:32 PM

ඕන දෙයක් කරන පිළිවෙලක් තියෙනවා. සරත් ෆොන්සේකා ඇතුලට දාල නඩු ඇහුවේ ඉස්සර (බ)

:       0       0

පියලාල් Monday, 29 June 2015 06:21 PM

රටක් පාලනය කරන්න ඕන රටේ නීතියට අනුවයි.රජයේ සේවයන් බදවා ගැනීමේදී අදාළ රටේ පුරවැසිභාවය තිබිය යුතුයි.මේක ලෝකයේ සෑම රටකම වාගේ තියන නීතියක්.(ම)

:       0       0

සෙලෙන්සියස් Monday, 29 June 2015 07:12 PM

කලින් කෝප් වාර්තාවල හොයාගත්ත දේ වල වලට මොකද වුනේ ? (බ)

:       0       0

ද සිල්වා Monday, 29 June 2015 10:23 PM

ලබන පාර්ලිමේන්තුව අවහම මේ ප්‍රශ්නය අපහු ගෙනෙමු ,(ම)

:       0       0

දහම් Monday, 29 June 2015 11:32 AM

අැයි අනේ එහෙනම් පාර්ලිමේන්තු කාලය තව දික් කරලා හරි එ්ක එලියට දාල නිර්දොසි බව ඔප්පු කරන එකනේ කරන්න තිබුනේ. දැන් ඕනේ ගොනෙකුට තේරෙනවනේ එතන වහගන්න දෙයක් තිබුන නිසා කියල වහාම පාර්ලිමේන්තුව විසිරෙව්වේ. දැන් ඔහොම දේවල් කියනවනම් අනිත් සාමාජිකයනුත් එහි ඇත්ත තත්වය ප්‍රකාශ කළ යුතුයි. (බ)

:       0       0

දස්කොන් Monday, 29 June 2015 11:43 AM

අපිව රවට්ටන්න නේද ඔය හදන්නේ (බ)

:       0       0

අමිත Monday, 29 June 2015 11:44 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ.(බ)

:       0       0

පියලාල් Monday, 29 June 2015 11:51 AM

ඔව් මේකයි, පුරවැසිභාවය නැතිව රජයේ සේවයට බදවා ගැනීමයි දෙකම අදින්න ඕන.(බ)

:       0       0

අබේ Monday, 29 June 2015 11:53 AM

අපි අබින් කාල කියල හිතාගෙනද දන්නේ නැහැ මේවා කියන්නේ! (බ)

:       0       0

ජයරත්න අබේධීර Monday, 29 June 2015 11:52 AM

කිව්වොත් කියන්නේ බොරු (බ)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 02:27 AM

උගුරට හොරා බෙහෙත් ගිලීම (බ)

:       0       0

කුමාර Tuesday, 30 June 2015 02:30 AM

අනේ දහම් ඔයා වගේ මෝඩ මිනිස්සු තව කොච්චර ඇතිද කෝප් කිය කියා අර පිස්සන්ට ඕන විදියට පාර්ලිමේන්තුව නටවන්න ඉඩ දෙන්න පුළුවන්ද ලංකාවේ එකම ප්‍රශස්නය කෝප්ද. ඔයත් මැරිලා ඉපදිලා වගේ ඔයාට මතක නැහැ අජිත් කබ්රාල් හෙජින් ගහලා කෝටි 25000 ක් පාඩු කරපු හැටි රටට. එතකොට කව්ද මුදල් ඇමති මහින්ද රාජපක්ෂ නෙමෙයිද වැරදි කරලා තියෙනවානම් අර්ජුන් මහේන්ද්‍රට දඩුවම් දෙන්න ඕනේ ඒ වගේම පෙනි පෙනි වැරදි කරපු කබ්රාල්ට හා මහින්දටත් දඩුවම් දිය යුතුයි.(අ)

:       0       0

තිලකසිරි Tuesday, 30 June 2015 02:32 AM

අනේ මෙතන ගොන් ප්‍රතිචාර දාපු අය ඊයේ පත්තර බලන්න. ශ්‍රී ලංකා මහා බැංකුවේ පළමුවන අධිපති ඇමරිකානු ජාතිකයෙක්. (අ)

:       0       0

මහේෂ් Tuesday, 30 June 2015 03:10 AM

සුජීව මැතිතුමා නිවැරදියි. එම වාර්තාව ඊළඟ පාර්ලිමේන්තුවෙන් විමර්ශනය කරන්න අවශ්‍ය කටයුතු යෙදුව හැකි තවත් පරක්කු කළොත් උසස්පෙළ කාලසටහන අවුල් වෙනවා. (බ)

:       0       0

සමීර Monday, 29 June 2015 12:38 PM

ඕක වහගන්න පාර්ලිමේන්තුව විසිරුවා කියන එක ගොන් තර්කයක් නේ. ඉතින් ඊළගට පත්වෙන පාර්ලිමේන්තුවට පුළුවන්නේ ඕක ගැන හොයලා වරදක් වෙලා නම් දඩුවම් දෙන්න. පාර්ලිමේන්තුව විසිරෙව්වම නිලධාරී කරන වැරදි එක්ස්පයර් වෙන්නේ නැනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 318 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1387 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1647 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2366 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2975 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35266 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site