(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණා එමගින් රජයට රුපියල් බිලියන 1040 ක් පාඩුවක් සිදුකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (05) නියෝග කළේය.
ඒ අනුව, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කරමින් අධිකරණය යළි සිතාසි නිකුත් කළේය.
මෙලෙස යළි සිතාසි සහ විදෙස් ගමන් තහනම නිකුත් කෙරුණේ අංක 32/7, පාසල් මාවත නාවල පදිංචි හිටපු මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාටය.
චෝදනා 06ක් යටතේ පැමිණීල්ට අදාළ පළමු දිවුරුම් ප්‍රකාශය ඉකුත් 07 වැනිදාත් දෙවැනි දිවුරුම් ප්‍රකාශය ඉකුත් 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මෙම සිද්ධියේ පැමිණීලිකාර අංක 482/4, රාජගිරිය පාර, රාජගිරිය පදිංචි හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා විසිනි.
වර්ෂ 2006ක් වූ ජුලි මස 01 වන දින හෝ ඊට ආසන්න දිනක සිට 2015 ක්වූ ජනවාරි මස 08 වන දින ද්කවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටිමින් තමාගේ සමීපතම ඥාතීන් පිරිසක් ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළෙද පොළ නියෝජනයකරනු ලබන සමාගම්හි අධ්‍යක්ෂවරු සහ කොටස් හිමියන් ලෙස සිටියදී ඒ බව අනාවරණය නොකර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර ප්‍රාථමික වෙළෙද පොළේ විකුණා එමගින් ශ්‍රි ලංකා ජනරජයට රුපියල් බිලිය 10.04 සිට 10.06 දක්වා පාඩුවක් සිදුකරමින් ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 388 වගන්තියේ සාපරාධී විශ්වාසය කඩ කිරීම මගින් එම පනතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බව පළමු චෝදනාව වශයෙන් සදහන් කර ඇත.
ඒ අනුව, ඉකුත් 2015 පෙබරවාරි මස 01 වනදා සිට 2016 මාර්තු මස 31 ව දින දක්වා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුකර ඇති විවිධ අක්‍රමිකතා පිළිබදව සොයා බලා වාර්තා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලද බව පැමිණීලිකරු සිය පැමිණීල්ලේ සදහන් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ බැංකු හිටපු අධිපතිගේ විදෙස් තහනම දික් කරයි