IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.

ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.

මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති සහ පාලක මණ්ඩලය එළඹී 2024-2026 සාමූහික වැටුප් ගිවිසුමට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව බැඳී සිටින බවද එම සංගමය සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පැවැසුවේය.

බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බවත් එම සංගමය පැවැසුවේය.

 



අදහස් (37)

මහ බැංකුවේ පඩි වැඩි වූ හේතුව මෙන්න

de silva berlin Tuesday, 27 February 2024 10:59 PM

බුද්ධි ගලනය මොන බොරුවක්ද? ඔය කියන ආකාරයට මේකේ ඉඳලා රට ගියා කියන දක්ෂ, අවංක බුද්ධිමත් නිලධාරීන් හිටියා නම් රටේ ආර්ථිකය මේ විදිහට විනාශ වේවිද? යුරෝපයේ, ඇමරිකාවේ සේවය කළත් ආදායම් බදු විශාල ලෙස ගෙවන්න වෙනවා. මෙහේ වගේ බොරු කරකර කාලය ගත කරන්න එහෙ බැහැ. බොරු කළොත් එළියේ...

:       3       29

Lalla Tuesday, 27 February 2024 11:03 PM

මහබැංකුවට වඩා වැඩි වෘත්තිකයින්ට සංඛ්‍යාවක් වෛද්‍ය ඉන්ජිනේරු තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අහිමි වුණා... මහබැංකුව තම රාජකාරිය හරියට නොකළ නිසා... ඔවුන් ජන ජීවිතය පවත්වාගෙන යාමට රටට අත්‍යාවශ්‍යම කණ්‌ඩයම්... මහබැංකුව නැතිව රටට දුවන්න පුළුවන් කියලා කබරාල් උන්නැහේ වගේ අයෙක් ඒකේ අධිපතිකමට දාලා රාජපක්‍ෂ කල්ලිය පෙන්නුවා.

:       0       29

SAM Tuesday, 27 February 2024 11:09 PM

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වීම ගැටළුවක් නොමැත. රටේ ආර්ථිකය කඩාවැටී සමස්ත ශ්‍රී ලංකාවම සහ රටේ දුප්පත් මිනිසුන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබෙන්නා වූ අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා කටයුතු කිරීම වෙනත් රටක හෝ ආයතනයක ඉහළ වැටුපකට රැකියාවක් ලබාගැනීමට වඩා වැදගත්වේ.

:       1       13

Muthu Tuesday, 27 February 2024 11:49 PM

මම යෝජනා කරනවා... මේ කියන දේ ගැන විගණනයක් කරන්න. මමත් ඔතැන හිටපු කෙනෙක්. මහා බැංකු අධිපතිටවත් ඔය කියන ආයතන වලින් ඉල්ලුමක් නෑ. අස්වෙලා යන්නේ පොඩි රස්සාවලට සේරම... මට කවදාවත් ලංකාවේ කෙනෙක් WB එකේ පිටරට කාර්යාල වල ඉන්නවා හමුවෙලා නෑ. මම හොඳින් දන්නවා එක සැරයක් CFO කෙනෙක් ගන්න අවස්ථා 5ක් තිබුණු දවසේ එක දිගටම, ඩුබායිවල. ලංකාවෙන් CB එකේ BOI එකේ හා වෙනත් විශාල මූල්‍ය ආයතනවල ලොකු පුටුවල අය හිටියා. එක්කෙනෙක් වත් ඒ IQ එක පාස් වුනේ නෑ. පස්සේ ලීඩර් ශිප් ඇසෙස්මන්ට් එකත් ඒ වගේ. හෝගන් එකෙන් තමයි මේ ටෙස්ට් දෙකම කළේ... විවිධ රටවල 53 දෙනක් හිටියා. ඒවා ඉතා අමාරු ඇසෙස්මන්ට් එකක්. ඩොලර් 30,000 එහා මාසික වැටුප් ලැබෙන ජොබ් නිසා...!

:       0       24

සුමිත්Wednesday, 28 February 2024 04:08 PM

මුතු, ඔයා හරි ඔයත් මහ බැංකුවේ ඉහළ පුටුවක ඉඳලානේ ගියේ... ඔයාට කියන්න මුතු බැංකුවේ SSMD එකේ හිටිය කබ්රාල්ගේ කාලේ ගත්තු ඇස් දෙක යාන්තම් පෙනෙන SO කෙනෙක් එයත් ගිය අවුරුද්දේ Uk ගිහින් මහ බැංකුවෙ විධායක නිලධාරි සංගමය කියන බුද්ධි ගලන කතා බින්න නියම හේතුව සුදුස්සාට සුදුසු තැන නොදීම පහු ගිය කාලේ අස්වෙලා ගිය අය ලියපු ඊමේල් වල නියම හේතු තිබුණා.

:       0       8

පිටරටවැසියා Wednesday, 28 February 2024 12:01 AM

බුද්ධි ගලනය නැවැත්වීමට මහ බැංකුවේ විතරක් පඩි වැඩි කරලා හරියනවාද? දියවන්නාවේ ඉන්න කෂ්ටියගේත් පඩි සහ දීමනාත් සියල්ලම වැඩිකළ යුතුයි... බැරිවෙලාවත් දියවන්නාවේ කෂ්ටිය රට හැර ගොස් උගන්ඩාවේ රාජ්‍ය පාලනයට ගියෝතින්, අපේ රට 2048 වෙනකොට ආසියාවේ ආශ්චර්යය වෙන්නේ කොහොමද? පොඩ්ඩක් කල්පනා කරනවලකෝ...!

:       0       16

Danushka Wednesday, 28 February 2024 12:05 AM

තමන්ට කෙලවෙනකොට තමයි තේරුනේ දරන්න බැරි තරම් බදු කැපුවාම රට හැර යනවා කියලා.. මහ බැංකුව විතරක් ඇරගෙන මොකටද මහත්තයෝ රටම කඩා වැටෙන්න දීලා.. අනිත් සියලුම ක්ෂේත්‍රවල ඉරණමත් ඔච්චරයි.. ඕකෙ ඉන්න ලොකු තැන්වලට කපාගත්තු බදුවලට හරියන්න තමන්ගේ පඩි වැඩිකරන ගමන් හිතලා බලන්න කියන්න, ඒ ගොන් තීරණ හින්දා අනිත් සියලුම ක්ෂේත්‍රවල විද්වතුන් රට හැර ගියාට පස්සේ මහ බංකුවත් වහලා දාන්ඩ වෙයි කියලා...!

:       0       18

Dilum Wednesday, 28 February 2024 12:08 AM

අපේ පඩියෙන් උපයන විට බදු වැඩිකරේ මේ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්නද?

:       1       20

Prabha Wednesday, 28 February 2024 03:42 AM

පලපුරුද්ද වැඩි වෙලා වෙන්න ඇති රට මේ තත්වයට වැටුණේ...!

:       0       20

ලුම්බිණි Wednesday, 28 February 2024 04:20 AM

"මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැරයාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය" බම්බුව තමයි. බැංකුව හොරකම් කරන කාලේ ඒ ඇත්තෝ කොහෙද උන්නේ?

:       0       15

kumara Wednesday, 28 February 2024 04:34 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු! අනේ මෙහෙමත් රටක්! එන්න, අපි අමාරුවෙන් වැඩකරලා, බදුගෙවලා, දේශපාලුවන්, රජයේ සේවකයින්, සහ මහබැංකු සේවකයින්ට ලොකු පඩි ගෙවලා රට බංකොළොත් කරමු.

:       0       15

MMSB Wednesday, 28 February 2024 04:38 AM

එතකොට රට බංකොලොත් වෙනකම් සැලසුම් හදලා ඒවා අනුමත කරලා නිශ්ශබ්දව හිටියේ ඔය කියන ආර්ථික ඔස්තාර්ලා නොවෙයිද? ඕකට ගමේ සිල්ලර බදු කඩේ මුදලාලි කෙනෙක් උපදේශක තනතුරු දුන්නා නම් රටම ගොඩ...

:       0       16

Che Wednesday, 28 February 2024 06:03 AM

කිතුල් ගහට නැග්ග හොරා වගේ...!

:       0       18

ranjith Wednesday, 28 February 2024 06:44 AM

බුද්ධි ගලනය මහබැංකුවට පමණද? දොස්තරලා, ඉංජිනේරුවෝ වගේ වෙනත් ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය අවුලක් නැතිද?

:       0       16

Ruwan Wednesday, 28 February 2024 08:48 AM

ඉස්සර පළපුද්ද තිබුණු අය ඉඳලත් මෙහෙම් කෙළ වුණා නම් දැන් මොකටද මේ අයට පඩි වැඩිකරන්නේ..? මහ බැංකුවේ වැඩ කලින් හරියට වුණා වගේ මේගොල්ලන්ගේ කතාව.. බුද්ධි ගලනය කියන්නේ ඔළුවක් තියෙන වැඩක් ක‍රපු උගත් පුද්ගලයින් රට හැරයාම... නැතුව රටට කෙළවෙන්න වැඩකරපු සමහරක් යන එක නෙමෙයි...

:       0       18

අරවින්ද මොනරවිල Wednesday, 28 February 2024 09:29 AM

කූඨ තක්කඩි දේශපාලුවන් සමග එක්වෙලා රට බංකොලොත් කෙරුව වැඩකට නැති වැඩ බැරි හොර නඩයක් මහ බැංකුව අස්සේ ලැගගෙන ඉන්නේ... ඒ නිසා ඉන්න බැරිනම්, කරන්න බැරිනම් කරුණාකරලා යන්න... පුළුවන් අය තව ඕනෑතරම් තව රටේ ඉන්නවා.

:       0       23

රංබොඩ Wednesday, 28 February 2024 09:31 AM

කිතුලේ නැග්ග මිනිහාටත් හේතුවක් තිබුණා. මොකද කට්ටිය රට හැර යනකොට උගත් තරුණ කොටස් නැද්ද ඒ අඩුව පුරවන්න...?

:       0       20

Surain Wednesday, 28 February 2024 10:07 AM

රටේ ඉන්න වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරිවරුද රට හැර යනවා හා ගියේ මොකක්ද..? ඔයාලාට විතරක් තියෙන අමුතු වැඩිවීම මුළු රටම අමාරු කාලයක් ගත කරනකොට ඕකත් එක්තරා හොරකමක් නොවෙයිද?

:       0       24

anton Wednesday, 28 February 2024 10:18 AM

ඔබතුමන්ලා දන්නවද මන්දා අනිත් රජයේ ආයතන වල නිලධාරීන්ගේ පඩිය. පොඩ්ඩක් ඔයාලා බලන්න.

:       0       23

නිහාල් Wednesday, 28 February 2024 10:59 AM

ඔහේලා කරපු දේවල් නිසා තමයි අද ශ්‍රී ලංකාවක් වෙලා තිබුණු රට නවශ්‍රීලංතයක් වගේ ඉහල රටක් වුනේ. සමහර රටවල නම් පිරමිඩ ජාවාරම්කරුවන් සල්ලි මංකොල්ල කාලා රට පනිනකම් දන්නේ නෑ. ඒකට අපේ මහ බැංකුව එසැනින් ක්‍රියාත්මක වෙලා ඒ වගේ මූල්‍ය ජාවාරම් නවත්තලා දානවා. සක්‌විති, දඬුවම් වගේ අය වෙන රටවල කරන දේ මේ රටේ කරන්න බැරි මහ බැංකුවේ අපේ මහත්වරු කරන කැපකිරීම නිසයි. ඉතින් ඒ අයට පඩි වැඩි නොකර ඒ මුදල්වලින් වැඩකට නැති අධ්‍යාපනයට වියදම් කරන්නද කියන්නේ...?

:       0       23

Prasanna Wednesday, 28 February 2024 11:04 AM

මොවුන්ගේ සේවය ගන්න අනිත් රටවලුත් බංකොළොත් වෙනවා.

:       0       37

සරත් Wednesday, 28 February 2024 11:14 AM

ඔය කියන බුද්ධි ගලනය අනිත් ක්ෂේත්‍රවලට අදාල නැද්ද?

:       0       37

Ruwan Wednesday, 28 February 2024 02:03 PM

බුද්ධි ගලනය කියන්නේ ඔළුවක් තියෙන වැඩක් ක‍රපු උගත් පුද්ගලයින් රට හැරයාම... නැතුව රටට කෙළවෙන්න වැඩ කරපු සමහරක් යන එක නෙමෙයි...

:       0       30

Lalla Wednesday, 28 February 2024 12:07 PM

ඒක පාර්ශ්වික බලය ප්‍රදර්ශනය කරන කැත විදිහට තමන්ට බෙදාගන්න උගත් කියන ජාතිය රටට ඕනද? ලංකාව ගොඩ ගන්න ඕන වැඩ කරන හොර නොකරන අනුන් ගැනත් හිතන සේවකයින් විතරයි. මේ වගේ අසික්කිත උගත්තු නොවේ...

:       1       37

chaminda Wednesday, 28 February 2024 12:55 PM

පුළුවන් අය ගිහිල්ලා ඉවරයි .දැන් ඔය ඉන්නේ මුකුත් කරගන්න බැරි නිකමෝ ටික

:       3       43

සුමිත් Wednesday, 28 February 2024 03:27 PM

මම 1986-2020 වෙනකන් මහ බැංකුවේ සේවය කරා. මහ බැංකුවේ නිලධාරින් විදේශ රැකියාවලට යන එක සාමාන්‍ය දෙයක්... 80 ගණන්වල tax කරේ නෑ. නමුත් යන අය ගියා... පඩි වැඩිකරා කියලා නිලධාරින් රට යන එක නතර වෙන්නේ නෑ. යනකෙනා යනවා. බලමුකෝ 2024 අවුරුද්දේ මහ බැංකුවේ අය ලංකාව දාලා යන්නේ නැද්ද කියලා? මහ බැංකු නිලධාරින් විදේශගත වෙන්නේ ඇයි කියන එකට නියම හේතුව වැටුප්ම නොවේ..

:       0       7

පිටරටවැසියා Wednesday, 28 February 2024 01:28 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා මෙවැනි ක්‍රමවේදයක් හදලා, කැබිනට් පේපර්ස් පාස් කරපු කට්ටිය උල තියලා ඉන්න ඕනේ...!

:       0       26

Dr Aruna Pieris Wednesday, 28 February 2024 02:10 PM

අපොස සාමාන්‍ය පෙළ සමත් සුළු සේවකයකුට වැටුප ලෙස රුපියල් ලක්ෂ 2ක් මාසික වැටුප ලෙස මහ බැංකුවෙන් ලැබේ. කෙසේ වෙතත් රාජ්‍ය අංශයේ වසර 25ක සේවයෙන් පසු ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකුට සියලු දීමනා ඇතුළුව මාසික වැටුප ලෙස ලක්ෂ 3ක් ලැබේ. මේ සංසිද්ධීන් සිතේ තබාගෙන රටේ අනාගත සෞඛ්‍යය ගැන සිතන්න. ඇත්තටම දක්ෂ අය මේ රටේ ඉඳියිද? සැබෑ හේතුවක් නොමැති නම්, මෙම ප්‍රවෘත්ති ඇසෙන විට බොහෝ දෙනෙකුට සංක්‍රමණය වීමට අවශ්‍ය වනු ඇත...

:       0       23

samanWednesday, 28 February 2024 03:08 PM

විශේෂඥ දොස්තර කෙනෙක් දවසක් චැනලින් වලින් ඔය ලක්ෂ 2 හොයනවා. මහ බැංකුවේ අයට වෙන ආදායම් මාර්ගයක් බලනවා තියා තමන්ගේ ධනය ඉස්වෙස්ට් කරන්න පවා සීමා තියනවා.

:       14       5

SamWednesday, 28 February 2024 04:02 PM

අනේ යන්න. අපි නොදන්න මහ බැංකු කෙරුවාව... ලංකාව බංකොළොත් වෙන්න ඔබලාත් ප්‍රධාන හේතුවක්...!

:       1       9

fairoos Wednesday, 28 February 2024 02:39 PM

හොඳ වෙලාවට අර්ජුන් මහේන්ද්‍රන් නැත්තේ නේද?

:       0       19

චන්දිම Wednesday, 28 February 2024 03:22 PM

අනිත් මිනිස්සුන්ටත් පඩි වැඩි කරන්න කියන්න මතක් වෙලා තියෙන්නේ දැන් තමයි. කලින් කියලා කෙරෙව්වේ තියෙන පඩියත් බදුවලට කපා ගන්න එක. බදුවලට පඩි කැපුණු අනිත් මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු වෙන කොට එදා කිව්වේ කැප කරන්න රට ගොඩ ගන්න උදව් දෙන්න කියලා. වැඩි කරපු බදු වලට පඩි කැපුවාට පස්සේ ඒ මිනිස්සු උන්නද මලාද කියලාවත් ඔය හාදයෝ බැලුවේ නැහැ. කිසිම සහනයක් දෙන්න නිකමටවත් බැලුවේ නැහැ. මට නම් කියන්න තියෙන්නේ මේ අයට ගෙවපු පඩිය මදිනම් යන දිහාවකට තොලොංචි වෙලා යන්න කියන්න. හරි නම් ඔය කට්ටියට කරන්න ඕනෑ පඩි අඩුකරන එකයි. තමන්ගේ රටේ මහ බැංකුව, රට බංකොලොත් වෙනකම් බකන් නිලාගෙන හිටපු මේ ගොල්ලෝ වෙන රටවල්වලට ගිහින් රස්සාවල් ඉල්ලපු ගමන් රතු පලස් එලලා පිළි අරගෙන මෙන්න කියලා දේවි ඉහළ තනතුරු... මහ බැංකුවල නෙමෙයි නිකම් පොඩි බැංකුවකවත් පියන් කමක්වත් දෙයි කියලා හිතන්න බැහැ. අනිත් අතට රටේ පාලකයෝ සමහර පනත් සම්මත කර ගන්නේ නිකම් අන්ද කයිප්පු කැවිලා වගේ. කාට වුණත් ස්වාධීන බලය දුන්නාම මෙහෙම දේවල් වෙනවා කියලා කලින්ම හිතාගන්න බැරි මිනිස්සු රටක් පරිස්සමට බලා කියාගෙන පාලනය කරාවී කියලා හිතන්නවත් පුළුවන්ද?

:       1       10

HD Wednesday, 28 February 2024 03:23 PM

තව, දවසක් දෙකක්, වැඩිම වුනොත් සතියක් මේ ගැන මතක තියෙයි. කතා කරයි. ඊට පස්සේ මොනවත් මතක නෑ. අපූරුවට වැඩිකළ පඩිය මහ බැංකුවේ අය ගනියි. බොරු වැඩ...!

:       0       17

නන්දන Wednesday, 28 February 2024 03:44 PM

පාර්ලිමේන්තුවට පසුව තනිකරම වන්චාව රජ කරවන ලංකාවේ ඇති ප්‍රධානතම ආයතනය ශ්‍රි ලංකා මහ බැංකුව. මේවාවල ඉන්න පාදඩ නරුමයෝ රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙමින් සිට එම ජනතාවටම විනාශය හදලා පසුව පිට රටකට තමන්ගේ ළමයි ටික යවලා තමනුත් ගිහින් පදිංචි වෙනවා. ද ෆිනැන්ස් සමාගම විනාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව කියලා මම බව නැතුව කියනවා. විශාල වත්කම් ප්‍රමාණයක් තිබූ ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම බංකොළොත් භාවයට පත් වුණේ මහ බැංකුවේ පාලනය යටතේ තිබියදී... වෝහාරික පරීක්ෂණයක් මේ සඳහා කළයුතුයි..

:       0       11

Menaka Wednesday, 28 February 2024 04:24 PM

ඕකෙ ඉන්නේ මන්ද බුද්ධිකයෝ...!

:       0       6

බුද්ධිකා Wednesday, 28 February 2024 04:37 PM

දැන් ඔය කියන විදියට ගිහින් ලෝක බැංකුවේ මහපුටුවල ඉන්න අයට නම් ඇතිනේද? කියන්න බලන්න දෙක තුනක්. නැතිනම් ඉතින් ලෝක බැංකුවේ ඉන්න යාලුවන්ගෙන් රටට බිලියන 30ක් විතර ණයක් අරන් දෙන්න. 0.1% වගේ පොලියට. ඔය ඉතිරි අයත් පුළුවන් නම් ලෝක බැංකුවට යන්න. මේ රට මහබැංකුව නැතිව හොඳට යාවි. මහබැංකුව පුච්චපු බිලියන 5ක් ඩොලර් ටික හරි තියෙනවා.

:       0       4

Bandara Wednesday, 28 February 2024 04:57 PM

මොනම ආයතනයකටවත් තනි ස්වාධීනත්වයක් (අධිකරණයට හැර) නොදිය යුතුයි. අධීක්ෂණයක්, නියාමනයක් සිදුකළ යුතුයි. මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තියනවා කියන්නේ බොරුනේ...!

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ තැපැල් සේවාවක් අද
2024 සැප්තැම්බර් මස 08 0 0

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීමේ විශේෂ තැපැල් සේවාවක් අද (8) ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිං


බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 08 49 0

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි ක


රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
2024 සැප්තැම්බර් මස 08 58 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ග


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 26 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 796 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 528 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site