IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මහ මැතිවරණය අගෝස්තු 5

මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය. 



අදහස් (30)

මහ මැතිවරණය අගෝස්තු 5

pradeep Wednesday, 10 June 2020 10:34 AM

සෙනසුරාදා දවසක් වෙනුවට මුළු රටම සතියක් අඩාල කිරීමට බදාදා දවසක් තෝරා ගත්තේ කාගේ උවමනාවකටද ? මෙහෙම වල පල්ලටම යමු.

:       116       10

karu Wednesday, 10 June 2020 10:45 AM

එතකොට සුමනේගේ අනාවැකිය..? ලොක්කාට කුමක් වෙයිද..? අපි බලාගෙන ඉන්නේ. නියමයි ඡන්ද කොමසාරිස් මහත්වරුන් තුන්දෙනාට අපේ ආචාරය. මමත් කියනවා " දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා" කියලා.

:       106       1586

හොඳම 225 Wednesday, 10 June 2020 10:55 AM

හොඳම පක්‍ෂයේ ලාංඡනය ඉදිරියේ කතිරය සලකුණු කරමු. ඒ කණ්ඩායමේ හොඳ කෙනාගේ අංකය ඉදිරියේ 1 සලකුණු කරමු. තව හොඳ කෙනෙකුත් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 2 සලකුණු කරමු. තුන්වනුවටත් හොඳ කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 3 සලකුණු කරමු. 2 ,3 නැත්නම් අතෑරලා දාමු. කිසිම හොරෙකුට, කිසිම කයිවාරුකාරයකුට, කිසිම දූෂිතයකුට, කිසිම කසිප්පු , කුඩු මුදලාලියෙකුට, කිසිම මහජන සල්ලි හොරකම් කරන්නකුට දරුවන්ගේ නාමයෙන්, දෙමව්පියන්ගේ නාමයෙන් ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්නම එපා... පින් සිද්ධවෙයි.

:       1       1334

liyanage Thursday, 11 June 2020 01:23 AM

රටට වෙනසක් සඳහා සහ දේශපාලකයන් හට පාඩමක් ඉගැන්වීමට නම් රටේ ජනතව බුද්ධිමත්ව සිතන්න. මෙවර මැතිවරණය වර්ජනය කරන්න. පාර්ලිමේන්තුවේ 225 ගෙදර යවමු කියන අපට අපේ බලය වෙන කිසිවකුට නොදී අප මත රදවා ගැනීමට අපට "සියලු ජාතීන්ට අයත් සියලු පක්ෂවල ඡන්ද දායකයාට " අවස්ථාවක් උදාවී ඇත. අපගේ කතිරයේ බලයෙන් හොරුන්, දූෂකයින් පාර්ලිමේන්තු නොයවන බවට අප විසින්ම තීන්දු කරමු. මැතිවරණ කාලයේදී අපව රවටා අපේ කතිරයෙන් පාර්ලිමේන්තු ගොස් අපටම කොකා පෙන්වන දේශපාලනයට තිත තබමු. covid-19 ලෝකය වෙනස් කළා සේ ලංකාවේ දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය වෙනස් කිරීමට අපට අවස්ථාවක් උදා වී ඇත. මෙය කළහැකි වන්නේ ජනතාව වන අපටමය. නිදහස ලබී වසර 70කින් පසුව හෝ මෙවර පවත්වන මැතිවරණය වර්ජනය කර දුෂිත දේශපාලනය රටින් අතුගා දමමු. කළයුතු වන්නේ ලබන අගෝස්තු මස 05 වැනිදා මැතිවරණයට ඔබගේ වටිනා ඡන්දය කිසිම දේශපාලන පක්ෂයකට නොදී සිටීම වේ. අපට එසේ කල හැකිනම් ඔබට අපට දේශපාලන පක්ෂ හා දේශපාලකයන්හට ප්‍රබල පණිවුඩයක් ලබාදීමට හැකිවේ. ඔබගේ, අපගේ ඡන්දයේ වටිනාකම අප රැකගනිමු. රටේ අනාගත පරපුර වෙනුවෙන් මෙම කැපකිරීම කරමු. එයට අවස්ථාව දැන් උදාවී ඇත. වෙනසකට මුල පුරමු....

:       58       46

Sathya Thursday, 11 June 2020 02:45 AM

කසිප්පු, කුඩු දුෂිතයන්ට නාම යෝජනා දීපු පක්ෂය ප්‍රතික්ෂේප කරමු.

:       44       28

PereraThursday, 11 June 2020 03:12 AM

හ්ම්ම්...බලාගෙන ගියාම චන්දෙ දෙන්න කෙනෙක් නැහැ මේ පාර. ගිහින් චන්දෙ කටු ගාලා දානවා.

:       6       0

HemanthaThursday, 11 June 2020 03:18 AM

ඔබේ අදහස් අගය කරනවා.. නමුත් මේ ඡන්දෙ තියෙන්නේ අපේ රටේනේ... එහෙම හොඳයි කියලා කෙනෙක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ...

:       1       39

ලියනගේ Wednesday, 10 June 2020 10:59 AM

ඉතාම අඩු ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශවන මැතිවරණයකි..

:       135       76

lakmal Wednesday, 10 June 2020 11:29 AM

තැබෑරුම්කරුවන් එලවමු. මෙවර මැතිවරණයේ සටන්පාඨය කරගමු.

:       14       589

mihira Wednesday, 10 June 2020 12:09 PM

අපේ නම් එකෙක් යන්නේ නැහැ.

:       120       152

Pathirana Wednesday, 10 June 2020 12:57 PM

මම වැඩකරන්නේ සෞදි අරාබියාවේ මට ඡන්දෙ දාන්න එන්න එයාපෝට් එක අරිනවාද?

:       71       66

Bandara Wednesday, 10 June 2020 01:47 PM

ගෝඨාභයට තියෙන කැමැත්ත මත අප පවුලෙ සියල්ලම ඡන්දය දාන්න.. අවශ්‍ය වුවත් අප බලාපොරොත්තුව වන මට්ටමේ අපේක්ශකයින් නොමැති නිසා අකමැත්තෙන් වුවද මෙවර අපගේ ඡන්දය කරමි...

:       360       296

isurandi Wednesday, 10 June 2020 02:01 PM

රටේ තියෙන සම්පත් විනාශ කරමින් මේ කා වෙනුවෙන්ද ඡන්ද පවත්වන්නේ...? අපිට ආදරේටද? රටට ආදරේටද? අපිට ඉතින් ඩෙංගු කොරෝනා පිහිට තමයි.

:       116       329

pradeepa Wednesday, 10 June 2020 02:56 PM

මම සහ මගේ ළගම නෑදෑයෝ , 45 විතර ඉන්නවා අපි සියලු දෙනාම මෙවර ඡන්දය වර්ජනය කරනවා. මුහුණු ආවරණ කර ගෙන, දුරස්ථභාවය රැකගෙන පෝලිමේ ඉගෙන පැයගණන්... සමහර විට කොරෝනා හැදෙන්න පුළුවන් ඡන්ද පොළදී, එදාට පුළුවන් තරම් ගෙදර ඉන්න ඔබ ඔබේ රටට ආදරයක් තියනවා නම් ඔබේ අසල්වැසියාට ඔබේ ගෙදර අයට කොරෝනා බෝ කරන්නේ නැතුව...

:       331       122

Tharindu PereraWednesday, 10 June 2020 03:24 PM

මෝඩ වැඩ කරන්න එපා. ඔය පැය 2-3 දුක්විඳලා හරිහමන් පිරිසිදු දේශපාලකයන් ටිකක් තෝරාගත්තේ නැත්නම් වංචාකාරයන් ආයෙත් බලයට පත්වෙලා මිනිස්සුන්ට තව අවුරුදු ගාණක් පවුල් පිටින් දුක් විඳින්න වෙන බව මතක තියාගන්න...

:       14       410

චන්දනWednesday, 10 June 2020 09:29 PM

තරිඳු ඔබ නිවැරදිය. තව දින 50 කින් පමණ තියෙන්න‍ේ අද වැනිම දිනයක් නොවේ යැයි සිතන්නට තරම් ප්‍රදීපාගේ බුද්ධිය හෝ මනස හෝ මුහුකුරා ගොස් නැත. ගත වූ දිනවල රට නැවත යථා තත්වයට පත් වූ ආකාරය දකින විට තව දින 50 කින් පමණ ඡන්දය තියන විට රට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වී තිබිය හැකි යැයි විශ්වාස කරමි. එසේ වේවායිද පතමි. මෙය කියවන කවුරුන් වුවද සිහියේ තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ අප පරමාදර්ශී ලෙස සලකන කුමන රටක දේශපාලන ක්‍රමවේදයක වේවා, නායකයෙකු තුල වේවා කුමන ආකාරයක හෝ දුර්වලතා අඩුපාඩු තිබෙන බැවින් රටට හා අපගේ ඉදිරි පරම්පරාවට බෙදුම්වාදයෙන් හා ත්‍රස්තවාදයෙන් තොර, පාතාලයන් කුඩු කාරයන්ගෙන් තොර රටක් බිහිකල හැකි වඩාත් සුදුසු කෙනා පත්කර ගැනීමට තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට අධිෂ්ඨාන කරගත යුතු වීමයි. ඔබ ඡන්දය දැමීමට මන්දෝත්සාහී වීමෙන් හෝ ඡන්දය වර්ජනය කිරීමෙන් සිදුවන්නේ අප වඩාත් අකමැති, අප රටට වඩාත් අහිතකර අයකු පත් වීමට ඉඩකඩ සැලසීමට උදවු කිරීමක් බවද අමතක නොකරන්න.

:       0       118

Nihal Wednesday, 10 June 2020 11:50 PM

මෙච්චර කල් පෝලිම් වල තෙරපි තෙරපී ගිහින් ඡන්ද දාලා අපි කරපු බුද්ධිමත් වැඩේ අහලා මට කියලා දෙන්න...

:       34       0

මුණසිංහThursday, 11 June 2020 01:31 AM

ඔබ කරන්න හදන්නේ 88-89 කාලෙ කරපු දේම තමයි. එහි සාමාජිකයෙක්ද මම දන්නේ නැහැ. නමුත් ඉන් වන හානිය බරපතලයි. අනෙක ඡන්දය වර්ජනය කරන්න කියලා බලපෑම් කිරීම නීති විරෝධියි. ඡන්දය ප්‍රකාශ කරන්න.. හැබැයි දූෂිතයින් පළවා හරින ආකාරයට-තමන්ට කැමති පක්ෂයකට...

:       1       130

gihan Wednesday, 10 June 2020 03:24 PM

රටේ ගුවන් තොටුපොල වහලා ඡන්දය තියන්න පුළුවන්ද? පිටරට වල ඉන්න ඡන්දයකින් කොහොමද ඡන්දය දන්නේ?

:       57       214

Bandara Wednesday, 10 June 2020 03:57 PM

ඡන්දය වර්ජනය කරන්නේ කොරෝනාවට ඇති බයට නොව, ගෝඨාගේ පක්ෂයේ ඡන්දය දෙන්න තරම් සුදුසු අය නොමති නිසායි..

:       190       1354

හොඳම 225 Wednesday, 10 June 2020 04:28 PM

ඔබේ තීරණය හරියට හරි.. දැනටත් යසඅගේට රටේ කටයුතු ටික කෙරෙනවනේ... කෝටි ගණන් වියදම් කරගෙන තවත් රොත්තකට මන්ත්‍රීකම් ලබා දෙන්න අපි මොටද කරදර වෙන්නේ?

:       4       11

ranebandara Wednesday, 10 June 2020 06:08 PM

වර්ජනය කරන්න එපා. අනෙක් පක්ෂවලින් අඩුම නරක එක්කෙනාට ඔබේ ඡන්දය දෙන්න. ඒක සාධාරණයි නේද?

:       11       7

sarathWednesday, 10 June 2020 07:51 PM

ගෝඨාගේ පක්ෂයේ අය විතරක් නොවෙයි.. ඇයි ගෝඨා? එයාට නඩු කීයක් තියෙනවාද.? එක නඩුවක් වත් ඇහුවාද... නඩු කාරයින්ව බය කළා.. කොඳු කැඩුවා... දැන් අපියි ලොක්කෝ. ඒ අය හිඟන්නන් වගේ අපේ ලඟට බඩගාගෙන එනවා. වරෙල්ලා... බල්ලන් ලිහලා ඉන්නේ... නුඹලාට මෙහෙ ඡන්ද නැහැ...

:       62       165

සමන් Wednesday, 10 June 2020 09:02 PM

හැමෝටම දැනෙන්න වෙනසක් ඇති කරමු ! ජනතාව එක්වුවහොත් දුෂිත දේශපාලනයට තිත තැබීමට හැකිය. "සියලු ඡන්දදායකයන් එක්ව මෙවර මැතිවරණය වර්ජනය කරමු" ...

:       15       1

Shan Wednesday, 10 June 2020 04:41 PM

උසස්පෙල මාසෙකින් කල් දාද්දිම තේරුනා ලෑස්තිවෙන්නෙ මොකටද කියලා.

:       0       1

rasika Wednesday, 10 June 2020 09:04 PM

ලංකාවේ කොරෝනා පාලනය හොඳ මට්ටමක තියෙනවා. ලෝකේ අනෙකුත් රටවල් සමග බලනකොට. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න නම් ඡන්දය අනිවාර්යෙන්ම තියන්න ඕනේ. ඡන්දය තියන්න එපා කියන එකෙන් වෙන්නේ කොරනාවලට වඩා භයානක එ්කාධිපති දේශපාලන වෛරසයක් තියෙන එක. විපක්ෂය ඡන්දය එපා කියන්නේ මිනිසුන්ට තියෙන අදරේකට නෙමේ.. මේ වෙලාවේ ඔවුන් බෙදිලා ඉන්න නිසා එ්ක ඔවුන්ට අවැසි සහගත නිසා. අාණ්ඩු පක්ෂයේ ඡන්දේ ඕනේ කියලා කියන්නෙත් ඔවුන්ගේ වාසියට. ඡන්ද කොමිසම ගත්ත තීරණය නිවැරදියි. ඔවුන් රටේ සහ ලෝකයේ සෞඛ්‍ය මට්ටම බලලා මේ තීරණය ගත්තේ... දැන් කොහොම වුනත් ජනතාවට අවස්ථාවක් තියෙනවා. හොඳ මිනිසුන්ව සහ හොඳ ප්‍රතිපත්තියක් දිනවන්න. ඒවගේම ප්‍රායෝගික වෙන්නත් ඕනේ...

:       0       22

චන්දන Wednesday, 10 June 2020 09:43 PM

දිනය ඉතාමත් නිවැරදිය.. කාලෝචිතය. විද්‍යාත්මක පදනමක්ද ඇත. මක්නිසාද යත් රටේ අනෙකුත් සියළු කටයුතු යථා තත්වයට පත්වුවද කුඩා දරුවන්ගේ පාසැල් තවමත් ආරම්භ කර නොමැති වීමත්, සියල්ල යතා තත්වයට පත් වී තිබුණද එය ප්‍රමාණවත් නොවීමත්, ඡන්දයක් පැවැත්වීම සඳහා කුඩා ළමුන්ගේ පාසැල් ආරම්භ කර තිබිය යුතු යැයි සිතා හෝ කුඩා දරුවන්ගේ පාසැල් ආරම්භ විය හැකි යැයි දින අනුමාන කර ඒ අනුව මැතිවරණ දින තීරණය කර තිබීම ඉතා නිවැරදි බැවින් හා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ඡන්දයක් දැමීමට පැමිණිය යුතු ආකාරයවත් නොදන්නා කුඩා ළමයින් වීමත් නිසාය.

:       0       4

ranjith Wednesday, 10 June 2020 11:14 PM

හිටපු අයට ඡන්දෙ දීලා වැඩක් නැත. අලුත් මුහුණු යවලා බලමු...

:       1       5

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 01:49 AM

මෙවර ඡන්ද දායකයා පත්වෙලා තියෙන්නේ පුදුම අසීරුතා වලට... කොරෝනා බිය නිසා මාස්ක් දාගෙන මීටරේ පාරතරේ තියාගෙන පෝලිමේ ඉන්න වෙලා. ඝෝඨාට යම් කැමැත්තක් තිබුණත්, ආණ්ඩුවේ සමහර දෙනාට මිනිස්සු කැමැති නැහැ. එදා හිටපු වියත් මගේත් ප්‍රශ්ණ තියෙනවා. විපක්ෂය කැඩී ගිහින්. ජේ.වී.පී. එකට ඡන්ද ටිකක් වැඩිවෙයි කියා සිතුණත්, එ්කත් හරියට විශ්වාස නැහැ. ලංකාවේ ඡන්ද දායකයා පලු යන්න බැන බැන ඉඳලා අපි කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් පොහොට්ටු කියා ඡන්දය පාවිච්චි කරන ජාතියක්. අපි මොකටද ඕවාට අලගු තියන්න ගිහිල්ලා බැනුම් අහන්නේ...?

:       0       119

siri Thursday, 11 June 2020 07:53 AM

අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළවෙනි වතාවට එකම පවුලක 6 දෙනෙකු එකම පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කරමින් වාර්තාවක් පිහිටුවීමට නියමිතය. මෙම වාර්තාව කිසිදාක කැඩිය හැකි එකක්ද නොවෙනු ඇත. ඔබට දැන් සතුටුද?

:       0       244

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 362 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 528 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 243 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 163 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 246 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 530 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site