IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහා විනාශයක් වැළැක්වුණේ ගයා කාලගුණය නිසයි

බෝම්බ පිපිරවීමට ගෑස් සිලින්ඩර යොදා ගත් ප්‍රථම අවස්ථාව  බුද්ධගයා ප්‍රහාරයෙන් පෙනෙතියි ඉන්දියා ස්වදේශ සුෂිල් කුමාර් ෂින්ඩ් කියයි. ඇමෝනියම් නයිට්‍රේට්, පොටෑසියම් හා ගෙන්දගම්වල මිශ්‍රණයක් එම ගෑස් සිලින්ඩරවල පුරවා තිබූ බවත්, එම බෝම්බවල ප්‍රබලත්වය වැලැක්වී ඇත්තේ ගයා පෙදෙසේ ඒ අවස්ථාවේ පැවති තෙතමනය නිසා බවත් බෝම්බ පිළිබඳ ඉන්දියා හමුදා විශේෂඥයෝ කියති.

බෙම්බ 13ක් බුද්ධගයාවේ තබා ඇති නමුත් පිපිරී ඇත්තේ 10ක් බවත් ෂින්ඩ් කියයි.

පිපිරී නොගිය බෝම්බවල උර්දු බසින් ලියා ඇති වදන්වලින් බෝම්බ පිපිරවිය යුතු තැන් කවරේදැයි ලියා උපදෙස් දී ඇතැයි ද ‘බරා පට්‘ යනුවෙන් සඳහන් කර ඇත්තේ ‘ලොකු පිළිමය‘ බව ද, ඉන්දියා පොලිසිය කියයි.

ඉරාකයේ සිද්ධිවලට පිළිගැනීමක් වශයෙන් මේ මෙහෙයුම කළ බව ද තවත් පණිවිඩයක දැක්වේ.



අදහස් (0)

මහා විනාශයක් වැළැක්වුණේ ගයා කාලගුණය නිසයි

රූපවතී Tuesday, 09 July 2013 01:26 PM

මිනිස්සු මොකටද මැරෙන්න මේවා ගානේ යන්නේ, සල්ලි වියදම් කරගෙන? තමන්ගේ ආගම, තමන්ගේ දෙවියෝ ඉන්නේ තම හදවතෙයි! එවිට අපි වරදින් මිදුන පුද්ගලයෝ! හදවතේ ජරාව පුරෝගෙන ආගම මොකක්ද වත් නොදැන ,ලෝකයට පෙනෙන්න වැඩ කලාම තමන්ගෙන් අනුන්ට වෙන්නේ හිරිහැර ,කරදර. ඉන් තමන් කර ගන්නේ පාපයක්.අසල්වැසියන් සමගින් සුහදව ලංකාවේ ඉදන්,තම නිවසේ සියල්ල සමග ගමේ පන්සල වැද පුදා ගන්න. අනුන්ට කරදරයක් නැති පුද්ගලයේක් වෙන්න (නි)

:       0       0

උදය Wednesday, 10 July 2013 04:50 AM

අනගාරික ධර්මපාලතුමා නොසිටින්න බුද්ධගයා කියන්නේ මුස්ලිම් පල්ලියක්. ඒකම තමයි මුන් ජෙරුසලමටයි, මක්කමටයි කලේ. ඒ දෙපොලම ඉස්සර පන්සල්. තවමත් හජ්ජි යන මිනිස්සු බුදු පිළිම වලට ගල් ගහනවා (නි)

:       0       0

ශීලා Tuesday, 09 July 2013 01:28 PM

ඉරාකේ බෝම්බ ගැහුවේ සදාම්ගෙන් රසායනික බෝම්බ කාපු කුර්දි ජාතිකයෝ ඇමරිකාවෙන් උදවු ඉල්ලපු නිසා.අපි මොකෝ කරන්නේ ඒකට? මොකෝ ඉන්දියාව හෝ බෞද්ධයෝ ගියාද ඉරාකෙට බෝම්බ ගහන්න.මේවා බොරු තර්ක. මෙයාලට ඕනෑ ලෝකේ ඔක්කොම මුස්ලිම් කරන්න. (නි)

:       0       0

පාලිත Tuesday, 09 July 2013 01:44 PM

බුදුහාමුදුරුවෝ කියල තියනවා ඉපදීම, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනය, පිරිනිවීම කළ තැනක් දැකලා පහන් සංවේගය ඇතිකරගන්න කියලා. මේ මිනිස්සු හරි මෝඩ මත දරන්නේ ධර්මය හරියට නොදැන. බුද්ධගයාවේ යාම කිසිවරදක් නැහැ. තමුන් කැමති නම් යනවා, නැත්නම් නිකන් ඉන්න (නි)

:       0       0

ඩෙනම් Tuesday, 09 July 2013 01:50 PM

ඉරාක ප්‍රහාරවලට සහ බුද්ධගයාවට කිසිම සම්බන්ධයක් නැහැ. කව්රුත් මෝඩකම එළිදක්වන්න එපා.එහෙ ජීවත් වෙන බහුතරයක් හින්දු ජාතිකයන් බුදු දහමට විරුද්ධයි.ඉන්දියාවට ව්‍යාපාරික කටයුතු වල නිතර යන එන අපට හොඳින් තේරෙනවා මෙය පැහැදිලි කුමන්ත්‍රණයක් කියලා. (නි)

:       0       0

කුසල් Tuesday, 09 July 2013 01:57 PM

අපිට උපදෙස් දෙන්න ආවට අඩුම තරමේ තමන්ගේ රටේ පන්සලක්වත් රැකගන්න බැහැනේ (නි)

:       0       0

සම්පත් Tuesday, 09 July 2013 01:59 PM

මෝඩයන්ගේ මෝඩ වැඩ. මිනි මරල ධර්මය රකිනවා කියල හිතාගෙන ඉන්න කට්ටියගේ වැඩ තමි මේවා. මේ වගේ අයගේ මොලේ පරීක්ෂා කරවන්න ඕන.(අ)

:       0       0

ඉන්දික Tuesday, 09 July 2013 02:14 PM

නිලූ, ඒත් මම දන්නා විදියට බුදුහාමුදුරුවෝ කියල තියෙනවා පහන් සංවේගය ඇති කරගතයුතු ස්ථාන ගැන. මේක එයින් එකක්. (අ)

:       0       0

සෙලෝ Tuesday, 09 July 2013 02:25 PM

රුපවති මාතෘකාවට අදාලව තර්කයක් කරන්න.මෙතන තර්කය තමා බුද්දගයාවට ගහපු එකට විරුද්දද පක්ෂ ද කියන එක මිස එහෙ යනේ ඇයිද මොකද කියන දේ නෙවේ.කිතුනුවෝ ජෙරුසෙලමට වතිකානුවට යනවා මුස්ලිම් අය මක්කම යනවා වගේ දෙයක් මේක.අනික ලාංකිකයෝ විතරද එදා ඔතන හිටියේ. (අ)

:       0       0

අමිල - මෙල්බන් Wednesday, 10 July 2013 08:29 AM

ලංකාවේ නම් හාමුදුරුවරු ඝාතනය කල පන්සල් විනාශකල අය අද පාර්ලිමේන්තුවේ ඉන්නේ, ඉන්දියාවේ අයත් මේ විනාශය කල අයට මන්ත්‍රී කමක් වත් දේවිද දන්නේ නැ.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 09 July 2013 02:51 PM

තම රටේ අගමැතිව පරෙස්සම් කරගන්න බැරි වුනා එයාලට. ශ්‍රී ලාංකිකයන්ට බොහොම ඉක්මනට අමතක වෙනවනේ මේවා. ඒ මදිවට අදමිටු අදහස් පල කරලා නිකන් පවු පුරෝගන්නවා (නි)

:       0       0

කළණ Tuesday, 09 July 2013 03:02 PM

පහන් සංවේග උපදවාගෙන ඉන්න වරදිනකල්. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා. ළඟදීම ලංකාවත් තවත් බංගලිදේශයක් වෙනවා වෙනවාමයි. (නි)

:       0       0

සිතුම් Tuesday, 09 July 2013 03:08 PM

මේක ගැහුවේ ඉරාකේ සිද්ධියට පලිගැනීමට නොවෙයි මම හිතන්නේ. මේක තමයි අහවල් ජාතියේ අයට ඕනෑ. ලේසියෙන්ම නැති කරලා දාන්න පුළුවන් ආගම තමයි බුදු දහම පළමුවෙන්ම. ඒ එකක්ම එයාලගේ ආගම වපුරන්න පුළුවන්, රටවල් අල්ලා ගන්න පුළුවන්. (නි)

:       0       0

චන්දා Tuesday, 09 July 2013 03:18 PM

කළුවරේ අතපතගාන අයට මොන පහන් සංවේගද? මොනවත් කියලා වැඩක් නැහැ. හිතන්නෙම රුවිතෙට. බොරු පන්පොරි විතරයි. ඒ විතරක්ද බොදු සිතුවිලි පවා විකෘති කරනවා ජයටම. (නි)

:       0       0

නීරෝ Tuesday, 09 July 2013 03:55 PM

බුද්ධාගමයි,ඒකේ නිර්මාතෘවරයයි උපන් රටේම අය ඒවට විරුද්ධ වෙනවා නම්,ආයිමත් අනිත් රටවල බුද්ධාගම ගැන කවර කතාද? (නි)

:       0       0

නිහාල් Tuesday, 09 July 2013 04:37 PM

හැම ජාතියේම අන්තවාදීන් ඉන්නවා. අන්තවාදීන්ට අන්තවාදීන් යැයි කියනවා මිසක් මුස්ලිම් අන්තවාදියො කියා කියන්න අවශ්‍ය නැහැ. දැන් මියන්මාරයෙ බෞද්ධ භික්ෂුන්ට බෞද්ධ අන්තවාදියො කිවුවොත් අදහස් දාන වීරයො උඩපනියි කිසිම ධර්මයක් වැරදිකරන්න උගන්වන්නෙ නැහැ, වැරදි කරන්නෙ ධර්මය හරිහැටි පිළිපදින්නෙ නැති එක්තරා කොටසක් පමණයි, ඒවාට ආගම් පලි නැහැ, හැම මිනිසෙක්ම තම ආගම ධර්මය හරියට පිළිපදිනවා නම් ලොවේ සාමය ඉබේම ඇතිවෙයි කියලා (නි)

:       0       0

වාසනා Tuesday, 09 July 2013 04:46 PM

සෙලෝ වන්දනා නඩ ඉන්දියාවට අරන් ගොස් මුදල් හම්බ කරනවද ජාවාරම් කරනවද (අ)

:       0       0

රනිල් Tuesday, 09 July 2013 12:30 PM

මක්කම බෝම්බයක් පිපිරුනනම් අද මෙහෙ මුස්ලිම් අය පාරේ බැහැල බෙරිහන් දෙයි (අ)

:       0       0

නිලූ Tuesday, 09 July 2013 12:32 PM

ඉන්දියාවෙන් අපිට බුදු දහම ලැබුන එක ඇත්ත. ඒත් අපි මොකටද එයාලට බයවෙලා ඉන්නේ !!!! නිර්මල බුදු දහම යනු ගල්පිලිම හෝ ස්ථාන වන්දනාව නොවන බව සිහියේ තබාගන්න... (ත)

:       0       0

දයා අළහකෝන් Tuesday, 09 July 2013 05:26 PM

ලංකාවේ 13 වන සංශෝධන ප්‍රශ්නයට ගැළපෙන්න ජෝතිශය එහෙම බලලම බෝම්බ 13ක් තිබ්බද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රසන්ජිත් Tuesday, 09 July 2013 01:00 PM

මක්කම, වතිකානුවේ බෝම්බ තිබ්බා නම් කොහොමට හිටියි ද? (නි)

:       0       0

සම්පත් Tuesday, 09 July 2013 01:00 PM

කොන්දක් ඇතුව සත්‍ය නම් වලින් අදහස් දාන්න. නිවට ගති මකාගන්න (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 01:09 PM

හැම ආගමික ස්ථානයකම අනුහස් තියෙනවා. ඒකයි මෙහෙම බේරුනේ. දැන් කවුරුහරි පන්දමෙක් කියන්න පුළුවන් ඇයි එහෙනම් මෙහෙම බෝම්බ වැදුනේ කියලා. බෝම්බ වැදිලා හරි මෙහෙම සුළු හානි ඇතුව බේරුනේ අනුහස් නිසා තමයි (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 01:25 PM

ප්‍රසන්ජිත් මහත්තයෝ, වතිකානුවේ තිබ්බයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි (නි)

:       0       0

සෙල්වා Tuesday, 09 July 2013 01:25 PM

ඉරාකේ බෝම්බ ගැහුවට බුද්දගයාව වත් බෞද්ධයන් පලිද. මේවගේ තීරණ ගන්න බුරුවො තමා සටන්කාමියෝ... අම්මප මුන්ට ඇමරිකන් කාරය පන්න පන්න ගහන එක අහන්ට දෙයක්ද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1041 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 905 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3610 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2283 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site