IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහ වන මැද මහ පිරිතක්

ලාහුගල ඓතිහාසික නීලගිරි සෑය අසළ අද පිංකමක් පැවැත්විණි. ලාහුගල කිරි වෙහෙර , කොට වෙහෙර හා නීලගිරි විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ලාහුගල ගැමියන්ගේ හා නැගෙනහිර බෞද්ධ පුනගරාගමනය මේ පිංකම් සංවිධානය කළේය.

පෙර දින රාත්‍රී පහන් පූජාවක්හා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්විණි.

අද සියක් නමක් උදෙසා සාංගීක දානායක් පැවැත්විණි.

පන්සියයකට අධික පිරිසක් නීලගිරි සෑය අසල පෙහෙවස් සමාදන් වූහ.

පළමු වැනි සියවසටත් වඩා ඉපැරණි බව කියන නීල ගිරි සෑය අලි ඇතුන් ගහන මහ වන මැද පිහිටියේය.

ආසියාවේ කළු ගලින් නිම කළ පේසා වළල්ලක් ඇති එකම සෑය නීලගිරිය බව පුරා විද්‍යාඥයො කියති.

නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව පුරා විද්‍යාඥයෝ කියති.

(වීඩියෝ යූ විජේසිංහ)

 



අදහස් (0)

මහ වන මැද මහ පිරිතක්

ගිහාන් Friday, 20 September 2013 12:43 PM

බුදු පිළිම කලාව පැමිණීමට පෙර මෙම ස්ථානය ගොඩ නැගු බවට සාක්ෂි ඇත. එවකට ශ්‍රී පතුල වන්දනා මාන කල බවට සාක්ෂි සතර දිසාවෙන්ම පෙනේ. (ස)

:       0       0

කුමාරන් Thursday, 19 September 2013 09:02 PM

අපිට හෙකි විදියට උඩු කරනවා. අපි මෙය ගොඩනගමු,නැතිනම් කට්ටිය මොනවා කරයි ද,ඊට පස්සේ අපි මොකක් හරි කුව්වම පිල්ලේට කෙලම් කියාවි,පිල්ලී කියාවි එක පින්ම ඕකත් ඉවත් කරන්න කියල.(අ)

:       0       0

ලාල් Thursday, 19 September 2013 09:31 PM

.මේ තම හැබැම හාමුදුරුවරු සහ දේශප්‍රේමියෝ.ඔබසැමට තවත් ශක්තිය ලැබෙවා (අ)

:       0       0

සුනිල් Thursday, 19 September 2013 09:57 PM

බෞද්ධ ඉගැන්වීම ගැන අපේ අය තවම ඉගෙන ගෙන නෑ (අ)

:       0       0

නිමල් Thursday, 19 September 2013 10:28 PM

සිල් රකින බෞද්ධකම රකින අය ඉන්නවා.සිංහල බෞද්ධ අයිතිය රකින අය ඉන්නවා. අද වැඩියෙන්ම අවශ්‍ය සිංහල බෞද්ධ අයිතිය රකින අය (නි)

:       0       0

ඉෂාර Thursday, 19 September 2013 10:33 PM

මෙය ලාහුගල රක්ෂිත වනයේ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී කාවන්තිස්ස රජු විසින් සාදා ඇත. මී.182 උසය. ගමන් මග රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය, මොනරාගල, සියම්බලාන්ඩුව, පොතුවිල් මාර්ගයේ පිහිට ඇත. කොළඹ සිට කි.මී.310 දුරක් ඇත. හැඩ ඔය තරණය කර පිවිසිය හැක. (නි)

:       0       0

ධම්ම Thursday, 19 September 2013 03:02 PM

ඉතිහාසය කන්නද කියපු නායකයෝ හිටි රටක් මේක. සෑයේ සංරක්ෂණ කටයුතු අවසන් වෙනවා අහන්නත් සතුටුයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 September 2013 03:03 PM

අවංකවම බුදු දහම රකින්න ඉන්න හාමුදුරුවරු ඉන්නේ මේ වගේ තැන වල කියලත් හිතෙනවා. මොකද මේසා දුක් කම් කටෝලු විඳගෙන මහා වන මැදට වෙලා මේ කරන උතුම් පින්කම් එලොව මෙලොව දෙකටම වැඩ දායී නිසා.(නදී)

:       0       0

ගිහාන් Friday, 20 September 2013 12:47 AM

කරුණාරත්න මහතා (නැගෙනහිර බෞද්ධ පුනගරාගමනය) මෙම මහා පින් බිම 2004 දී පමණ සොයාගනු ලබා ඇති අතර 18, 19 වෙනි දෙදින "නැගෙනහිර බෞද්ධ පුනගරාගමනයේ" අරම්බක අවස්ථාවක් සනිටුහන් කළේය. කොළඹ සිට අප මෙතුමාගේ ආරාධනාව මත ජය සිරි මහා බෝ අංකුරයක් වැඩමවා 19 දින සුබ මොහොතින් රෝපණය කළේය. සුවඳ දුම්, පහන් ආලෝකයෙන් මුළු ප්‍රදේශයම සුවඳවත් වී ආලෝකමත් විය. කරුණාරත්න මහතා 2004 දී පැමිණෙන්න විට විශාල කටු ගස් වලින් ගහනය වුන ප්‍රදේශයක් බව ප්‍රකාශ කර සිටියේය. රණ විරුවන්ගේ සහාය ඇතුව ආහාර පානාදිය හිස මත තබාගෙන කිලෝමීටර 5 පමණ දුර ගෙවාගෙන ඔවුනට සංග්‍රහ කරමින් මෙම ස්ථානය ගොඩ නගා මහා මෙහෙවරක් කල පින්වන්තයෙකි. මෙහි වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.(නදී)

:       0       0

නාමල් Thursday, 19 September 2013 03:09 PM

මේ තැන් වලට යන හැටී ලිපිනය/ දුරකථනය වගේ විස්තරත් පල කරනවා නම් මිනිස්සු උදවු කරනවා. කරුණාකර ඒ විස්තරත් සමග විස්තර යලිත් පලකරන්න.(නදී)

:       0       0

අනුර Thursday, 19 September 2013 03:10 PM

බොදුනුවනි, මෙම විහාරය ගොඩ නගමු විදුලිය හිරු එළියෙන් නිපදවන උපකරණ සපයමු. මාර්ගය පිළිසකර කරමු. එතෙක් හෙලිකොප්ටෙර් අංගනයක් ගොඩ නගමු. ආවාස ගෙයක් ළිදක් ජලය සැපයුමක් අරඹමු ඇති හැකි අය දායක වී මෙය ආරම්භ කරමු. බුදුසරණයි.(නදී)

:       0       0

අනුර Thursday, 19 September 2013 03:12 PM

කරුනාකර මෙම ස්ථානයේ පිහිටීම මාර්ග තොරතුරු සිතියමක් පල කරන්න.(නදී)

:       0       0

අංජුල Thursday, 19 September 2013 03:26 PM

මෙන්න අපේ බුදු දහම රකින හාමුදුරුවෝ. මේ වගේ බුදු දහම අනුව ජීවත් වෙන බුදු දහමට දෙයක් කරන අපේ හාමුදුරුවෝ. ඔබ වහන්සේලා නිසා අපේ රටේ නිර්මල බුදු දහම රැකිලා තියෙන්නේ. බුදු දහමේ කියල දීලා තියෙන අවිහිංසා වාදය මෙන්න මේ විදියට. නැතුව කඩු පොලු අරගෙන අනිත් ආගම් වලට ගහන එකවත්, පල්ලි කඩන එක නෙමෙයි. මම සෞදි වගේ රටක ඉදල මේ වගේ දේවල් දකිනකොට මට මගේ බුද්දාගම ගැන හරි ආඩම්බරයි. මේ පාර ලංකාවට ආවම මම යනවා මේතැනට. (නදී)

:       0       0

සැම් Thursday, 19 September 2013 03:30 PM

මෙය මොන වගේ වෙයිද?(නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් Friday, 20 September 2013 02:56 AM

ඒ4 මාර්ගයේ රත්නපුර,‍මොණරාගල,සියබලාන්ඩුව,පොතුවිල්,මඩකලපු මාර්ගයේ ලාහුගලට යාහැකියි. කිතුලන වැව පසුකරනවිට හමුවන දෙවන මාර්ගයෙන් දකුණට හැරෙන්න. එය නීලගිරි විහාරයට යන මාර්ගයයි.(ගූගල් පිටුවට ගිහින් ලාහුගල ටයිප් කර මැප් ක්ලික් කරන්න).(නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 19 September 2013 03:41 PM

අර කට්ටිය කොලඹට වෙලා කැගහනවා. වන මැද ඉන්න අපේ හාමුදුරුවරු ශාසනේ රකිනවා. මේ දේවල්නේ කරන්න ඕනේ.(නදී)

:       0       0

කුමාරි Thursday, 19 September 2013 03:46 PM

අනුර, ඔබේ අභිප්‍රාය ගොඩක් හොදයි. ඒත් මම හිතනවා හෙලිකොප්ටර අංගන වගේ දේවල් වලින් එහි ස්වාභාවිකත්වය විනාශ වේවි. සිත පහන් කරන්න වගේම ධර්මයේ රැදෙන්නත් නාගරිකකරනය නොවූ තරමටයි යනු මගේ අදහසයි. අපේ බුදුදහම රැකෙන්නේ මෙවැනි දේ වලිනි.(නදී)

:       0       0

ප්‍රසන්න රත්නායක Friday, 20 September 2013 04:46 AM

ඒ 4 මාර්ගයෙන් සියම්බලාංදුව පසුකර ලාහුගලට එන්න' එතනින් දකුණට ඇති පාලමෙන් එගොඩ වූ විට හැඩ ඔය දක්වාම කුඹුර මැදින් ඉතා හොඳින් කොන්ක්‍රීට් කල පාර තියෙනවා. හැඩ ඔය හරහා පාලම හදල ඉවර උනාට විවෘර්ත කරලා නැහැ තවමත්. එතනිනුත් එපිටට තව කිමි 3ක් විතර කැලේ මැදින් කොන්ක්‍රීට් පාර තියෙනවා. හෙලිකොප්ටෙර් අංගන අවශ්‍ය නැහැ. සුර්ය විදුලියත් අවශ්‍ය නැහැ. රජයෙන් 3 පේස් කරන්ට් දීල තියෙනවා. බොරුවට මෙතන දියුණු කරන්න කියලා කොළඹින් ගිහින් ආධාර එකතු කරන්න හදන යට රැවටෙන්න නරකයි. දාගැබ සංරක්ෂණය කරන්නත් පුරාවිද්‍යා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. වන රක්ෂිතය බැවින් වෙනත් ඉදිකිරීම් වලට මෙතන අවසරයක් නැහැ. වන්දනා කරන්න අවසරය සහ පහසුකම් සියල්ල මෙහි තියෙනවා. (නදී)

:       0       0

ප්‍රදීප් චමිල් Friday, 20 September 2013 05:11 AM

සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 20 September 2013 08:07 AM

ඔතන දෙවියෝ ජීවමාන වෙනවා කිව්වා නම් හෙට මිනිස්සු ලක්ෂ ගණනාවක් එයි. එහෙම මැජික් වැඩක් කරමු කල්පනා කරලා. බොරුවට කැමති මිනිස්සුනට පොඩි බොරුවක් කළාට කමක් නැහැ. එතකොට වාද බේද නැහැ , ආගම් බේද නැහැ, ජාතිබේද නැහැ (නි)

:       0       0

රොහාන් Friday, 20 September 2013 08:18 AM

පරිසරයට හානියක් නොවෙන විදිහට වැඩකළ යුතුයි (නි)

:       0       0

කැනඩා දිසා Friday, 20 September 2013 08:28 AM

මේ තැන් වැඩිය හෙළි කරන්න එපා. මේවාත් කොල්ලකාවි. (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 20 September 2013 09:17 AM

අනුර, ඔබගේ යෝජනාව බොහොම හොඳයි. ශ්‍රී ලාංකිකයෝ හැටියට ආගම් භේදයකින් තොරව හැම කෙනෙකුටම දායක්වෙන්න පුළුවන්. අපිත් ශ්‍රී ලාංකිකයෝ හැටියට බොහොම ආඩම්බරයෙන් අපි කතාකරන්නෙ අපේ පෙර සිටි සිංහල රජදරුවන්ගෙ ගෘහ නිර්මාණ ශිල්පය, වැවු දාගැබ් ගැන පෙන්වලා තමයි. (නි)

:       0       0

චාමර බළන්ගොඩ Monday, 23 September 2013 09:45 AM

මම 2011 යනකොට මහ කැලෑවක් රුහුණේ ඉතිහාස අධ්‍යයනාංශයෙන් කැණීම් වලට සහභාගී වුනා.දැන් තත්‍වය දකින කොට සතුටුයි. (ස)

:       0       0

ගීතා Thursday, 19 September 2013 05:53 PM

මමත් කැමතියි උදව් කරන්න. කරුණාකර ලිපිනය පල කරන්න. ලංකාවට ආවහම මම යනවා මෙතනට (නි)

:       0       0

අතුල Friday, 20 September 2013 11:09 AM

අනේ සාදු! බුදු සරණයි (නි)

:       0       0

ටිරෝන් Thursday, 19 September 2013 06:33 PM

සාධු සාධු! කළයුත්තේ මෙවැනි දෑය (නි)

:       0       0

සජී Thursday, 19 September 2013 07:02 PM

සියඹලාණ්ඩුව පොතුවිල් ඒ4 මාර්ගයෙන් ලාහුගල අභය භුමියට ළගා විය හැකි අතර, ඓතිහාසික නීලගිරි සෑය මෙම අභයභුමිය තුළ ඇතැයි සිතමි. මෙම ස්ථානය හරියටම දන්නා පින්වතකු විසින් ගූගල් සිතියමෙහි අදාළ ස්ථානය සලකුණු කරන්නේ නම් යහපති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5214 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3043 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1413 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1521 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28245 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site