(ප්‍රදීප් කුමාර සහ රොමේෂ් මධුෂංක)
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශයවන පාවක්කුලම ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
ඒ අනුව අදාළ ජලාශයේ වාන් දෙරටු 04 ම මේ වන විට විවෘත කර ඇති අතර පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරි ඉංජිනේරුවරුන් දැනුවත් කර තිබේ.
මේ වන විටත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් අමුණු සියල්ල පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර එත් සමඟ පාවක්කුලම ජලශයේ ද ජල මට්ටම අඩි 19.4 දක්වා ඉහළ ගොස් තිබේ. ඒත් සමඟ ජලාශයේ වන දොරටු 04 අගල් 06 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවරුන් සඳහන් කරයි.
කන්දසාමි නගර්, ක්රිස්තවකුලම් පවක්කුලම් හා වෙප්පම්කුලම් යන ප්‍රදේශවල ජනතාවට මෙම වන ජලය ගලා යාමත් සමඟ ගංවතුර අවධානමක් මතු විය හැකි බැවින් අවධානයෙන් පසු වන ලෙස අපදා කළමනාකරණ නිලධාරින් සඳහන් කරයි.
අධික වර්ෂාව සමඟ ඇති වූ සුලිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයක දී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින් 222 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇතැයි ආපදා කළමනාකරන ඒකකය පැවසීය.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර
රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහ වැස්සෙන් යාපනයේ පුද්ගලයින් 222කට පීඩා