(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක සිදු වූ ගල්පර්වත පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම්, ජලගැලීම් ,අධික සුළං ආදි විවිධ ආපදා හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් පවුල් 67 ක සාමාජිකයන් 239ක් විපතට පත්ව නිවාස 17කට අලාභහානි සිදු වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(20)වන දා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ දින කීපයක් නොකඩවා වර්ෂාව පතිත වෙමින් තිබූ අතර ඉකුත් 17 වන දින සිට 20 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, මීගහකිවුල, කන්දකැටිය, බදුල්ල, ඌවපරනගම, පස්සර, මහියංගණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිදු වූ විවිධ ආපදා වලින් මොවුන් මෙසේ විපතට පත්ව ඇතැයි හෙතෙම කීය.
මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලගැලීම් හේතුවෙන් රත්කිද, බතලයාය, උල්හිටිය, රොටලවෙල, මිල්ලැත්තාව,තෙල්දෙනියාය ග්‍රාම සේවා වසම්වල පදිංචි පවුල් 23ක සාමාජිකයන් 70ක් විපතට තෙල්දෙනියාය විදුහලේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයේ ඊයේ (19)වන දින තාවකාලිකව නතර කර තැබූ බවත් ඊට අමතරව විපතට පත්වූ පවුල් 25ක සාමාජිකයන් 77ක් සිය නෑදෑ හිතවතුන්ගෙ නිවාස වල තාවකාලිකව නතර වී සිටින බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ග
බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙ
ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය.
ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මහ වැස්සෙන් බදුල්ලේ පුද්ගලයින් 239කට පීඩා