IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මළත් ඔබ මිය ගියේ නැත පුතේ

තිස් වසරක කුරිරු යුද සමයේ  ලක් දෙරන   සුරකිමින්  දේශය වෙනුවෙන් දිවිපිදු  අභීත රණවිරුවන් අනුස්මරණය කරමින්   ඒකල  ගුවන් හමුදා  කඳවුරේ ඉදිකළ  රණවිරු ස්මාරකය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම  මහතා විසින්   විවෘත කළ අතර රණවිරු ස්මාරකය වෙත ගුවන්හමුදාපතිවරයා විසින් පුෂ්පෝපහාරයක්ද දැක්වීය.

මෙම ස්මාරකය වෙත පියනගන විට ප‍්‍රථමයෙන්  හමුවන පිවිසුමි ද්වාරය රුදුරු යුද්ධයේ බියකරු බව සංකේතවත් කරයි. එහි ඇතුලත පිළිබිඹු කරනුයේ යුද්ධය නිමාවූ පසු ඇති වු සන්සුන් බවයි.

එතැන සිට ඇති දිගු මාවත නිර්මාණය කර ඇත්තේ එතැන සිට පියනගන අපහට රුදුරු යුද්ධය අහිමි කළ අපේ සහෘදයන් සිහිපත් කිරිමටය.
 
ඉන් ඉදිරියේ ඇති උස්බිමි දෙක දෙලොවක් සංකේතවත් කරයි. ඒ අප ජීවත් වන ලෝකය හා මරණීන් මතු ලෝකයයි. 

එම දෙවැනි උස්බිම මිහිදන් වු ඹවුන් සුවසේ සැතපෙන බවද සංකේතවත් කරයි.  

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු දිනය සැමරිමද ගුවන් හමුදාධිපතිවරයාගේ  ප‍්‍රධානත්වයෙන්  එහිදී සිදු කළේය.

මිය ගිය රණවිරු පවුල් වල සමාජිකයෝද  දෙනෙත් කඳුලින් පුරවාගෙන මිය ගිය තම සහෘදයන් වෙත පුෂ්පෝපහාර දැක්වුහ.

 මිය ගිය තම පුතු වෙනුවෙන් සමරු සටහන් තබන මව් වරුන්ද,  අහිමි වු තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් සමරු සටහන් තබන බිරින්දෑවරුන්ද,  මිය ගිය තම පියානන් වෙනුවෙන් සමරු සටහන් තබන දරුවෝද මේ අතර  වූහ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ  සංකල්පයකට අනුව මෙම රණවිරු ස්මාරකය ඉදි කර ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් පි රණසිංහ ඇතුළු නිළධාරින් මෙන්ම සෙසු නිළයන් හා මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජික, සාමාජිකාවෝ විශාල පිරිසක්  සහභාගි වූහ.

 

 

 



අදහස් (0)

මළත් ඔබ මිය ගියේ නැත පුතේ

ප්‍රමේ Thursday, 09 January 2014 03:20 PM

රණවිරුවනී අප ඔබට සදා ණයගැතියි ..මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා. (දී)

:       0       0

ධනුකේ Thursday, 09 January 2014 03:32 PM

මුළු රටම ණය ගැතියි ඔබට .නිවන් සුව,මොක් සුව ඔබට පතනවා.(දිල්)

:       0       0

සමන් Friday, 10 January 2014 10:03 AM

රණවිරුවනි ඔබ සැමදා අපේ හදවතේ ජිවත් වෙනවා. ඔබ සැමට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

මහේෂ් පීරිස්. Thursday, 09 January 2014 03:47 PM

අපේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දිනය පූජා කල අභීත රණවිරුවනි අපි ඔබව සැමදා සිහිකරමු. මහේෂ් පීරිස්. පැරීසිය (දී)

:       0       0

හේමන්ත Thursday, 09 January 2014 04:12 PM

ඇස් දෙකට කඳුලක් එනවා නේද සින්හලුනේ (දී)

:       0       0

ඉන්දික පෙරේරා Thursday, 09 January 2014 11:20 PM

මේ පුවත කියවා මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා . ඇස් දෙකට කඳුලුත් ආවා. සටනේදී මියගිය මගේ සොයුරන් රජවරුන් ව් යලි මෙලොව ඉපදේවා. ප්‍රබාකරන් සහ ත්‍රස්තවාදීන් හතරමහා අපායටත් අන්ත ස්ථානයක ඉපදීවා.(නදී)

:       0       0

ලියනගේ ඉදුනිල් Friday, 10 January 2014 10:25 AM

අප අද බුක්ති විඳිනුයේ ඔබේ ලෙයින් මසින් දිවි හිමියෙන් පුදා දිනා දුන් දේශයයි. සොයුරනි ඔබ සදානුස්මරණීයයි. ඔබ සැම මතු මතුවත් අප අතරම උපදීවා! (නදී)

:       0       0

කල්ප Friday, 10 January 2014 10:25 AM

ඔබ දිවි පුදා පවුල් දහසක් රැකගත් පිනින් ඔබේ පවුල කිසිම කරදරයකින් තොරව දෙවියන් රැකදේවි. (නදී)

:       0       0

ක්‍රිෂානි Thursday, 09 January 2014 04:18 PM

රණවිරුවනි අපි ඔබට හිස නමා ආචාර කරන්නෙමු.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 09 January 2014 04:32 PM

තමන්ගේම පවුලේ කෙනෙක් යුද්දෙන් මැරුණු අයට මේ පුවත ඉතා සංවේදීව දැනේවි.(දිල්)

:       0       0

විමුක්ති Friday, 10 January 2014 10:46 AM

දුවේ, අම්මේ ඔයාලගේ පුත්තු මේ වෙනකොටත් තවුතිසාවේ දෙවිවරු එක්ක ඇති ඔයාල දිහා බලාගෙන ඔයාල හැමෝටම පින් මේවගේ දරුවන් රටට බිහිකරපු එකට(දිල්)

:       0       0

මොහාන් දර්ශිත Thursday, 09 January 2014 04:53 PM

හරිම දුකයි. අවුරුදු දෙකේ දරුවට පිය සෙනහස අහිමි වෙලා.(නදී)

:       0       0

මාෂි සුමායා Monday, 17 March 2014 11:54 AM

මේකේ ලියල තියන ඒවා කියවන්නේ බොහොම අමාරුවෙන්, බාගෙට කියවනකොට කඳුළු එනවා, අපේ සිංහල හමුදාව ගැන අපිට ආඩම්බර හිතෙනවා. ඒගොල්ලන්ගේ ආනගතේම පුජා කරේ අපේ හෙට දවස වෙනුවෙන් කියල හිතෙනකොට පොඩි දුකක් දැනෙනවා ඒගොල්ලන්ගේ පවුල් වල උදවිය ගැන (දිල්)

:       0       0

චාරුකා Friday, 10 January 2014 12:36 AM

අපේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දිනය පූජා කල අභීත රණවිරුවනි ...ඔබලාට නිවන් සුව ...ඔබ සැම සමාදානයේ සැතපේවා.(නදී0

:       0       0

සුනිල් විමලසුරිය Thursday, 09 January 2014 05:14 PM

නැති වී ගිය රණවිරුවනි! අප ඔබට සදා නය ගැතියි.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 09 January 2014 05:18 PM

මෙය ඉදිකරනු දුටුවෙමි. එහි සෙබලුන් වැඩ කළ අයුරු ප්‍රශංසනීයයි.(නදී)

:       0       0

දීප්ති සෙනෙවිරත්න Thursday, 09 January 2014 05:34 PM

ක්‍රියාව උතුම් නමුත්(අ)

:       0       0

හර්ෂ Friday, 10 January 2014 11:23 AM

විමුක්තිගේ කතාව හරියට හරි.(නදී)

:       0       0

ජයතිස්ස Friday, 10 January 2014 01:37 AM

දිවි තිබෙන තුරාවට රණවිරු දෙවිවරුන් අමතක නොකරමු . දිවි පිදු රණවිරුවනි ඔබ සියලු දෙනාට අමා මහා නිවන් සුව අත්වේවා. ආබාදිත රණ විරුවනි ඔබ සියලු දෙනා සුවපත් වේවා! (නදී)

:       0       0

ශාන සෞදි Thursday, 09 January 2014 05:47 PM

රණවිරුවනී අප ඔබට සදා ණය ගැතියි මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා. (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Thursday, 09 January 2014 05:47 PM

අපේ දුදරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් ඔබේ අද දවස කැප කල රණවිරු සොයුරනි ඔබට නිවන් සුව!!! (අ)

:       0       0

කෞශල්‍ය Thursday, 09 January 2014 05:50 PM

මගේ මුළු හද වතින්ම උත්තමාචාරය රණවිරුවනි (අ)

:       0       0

රෝසා Thursday, 09 January 2014 05:50 PM

හෙළ විරුවාණනි ...........අපි ඔබට සදානයගැති.....(අ)

:       0       0

පෙරේරා Thursday, 09 January 2014 05:51 PM

මගේ සහෝදර සෙබළුනි ඔබ සැමට නිවන් සුව, (අ)

:       0       0

චාන්දනී බණ්ඩාරනායක Friday, 10 January 2014 02:26 AM

අපට අපේ යැයි හඬ නඟා කියන්නට මට මගේ යැයි උදම් අනන්නට මේ අපේ යැයි හඩ නඟන්නට රටක් අප හට උරැම කර දුන් සඳා නොමියෙන මතක රන්දා වෙන් වුවත් නුඹ අපෙන් මතුදා නොමැකෙනා ලෙස ලියවුනා මතක සිත් තුල රැ‍දේ සැමඳා (දිල්)

:       0       0

චන්දි Thursday, 09 January 2014 06:03 PM

මගේම කෙනෙක් මෙතන නැති උනත්, මගේ දෙනුවන් තෙත් කල විරෝදාර සෙබළුනි ඔබට මගෙත් උත්තමාචාරය! සසර වසන තුරු නිවන් දකින තුරු මේ පුංචි හෙළ බිමේ යලි ඉපදේවා! (නදී)

:       0       0

රන්ජනී Friday, 10 January 2014 03:09 AM

මෙවන් නිර්මාණශිලී ස්මාරකයක් මුළු ලෝකෙමවත් නැතුව ඇති.මහා දුකක් සමගම සතුටක් දැනෙනවා.හරිම සංවේදී සමරුසටහන්.මියගිය දරුවන්ගේ දෙමව්පියන්ට පවා අපි සදා ණයගැති.ඔබලා මිය ගියත් අපේ හදවත්වල අමරණීය සිහිවටන සදහටම පවතීවි! ඔබ සැමට නිවන්සුව පතමු! (දිල්)

:       0       0

කුමාරි Thursday, 09 January 2014 06:17 PM

අපට රට ජාතිය බේරා දී දැන් සමුගත් අපේ රණවිරුවන්ට අජරාමර නිවන් සුව පතමි! (නදී)

:       0       0

අනුරාධ. Thursday, 09 January 2014 06:27 PM

මේ පුවත දකිනවිට මේ දසුන් දකිනවිට කොහෙන් පටන් අරගෙන මොනවා ලියන්නදැයි මට නොතේරේ. මන්ද, මෙය එතරම්ම හද කකියවන අවස්තාවක් නිසා. මේ අභීත රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පූජාකලේ සමස්ත රටේම ජීවත්වන අයව ජීවත් කරවන්න. ඉතාම කණගාටුදායක තත්වය නම් අප වෙනුවෙන් ජීවිතය දුන්න මේ මහා අනර්ඝ වස්තූන් අපේ රටේ බොහෝ අයට අමතක වී තිබීමයි. ඒ විරුවන් හැදු වැඩු දෙමවුපියන්,තම ආදරණීය බිරින්දෑවරුන්, තම ලෙයින් බිහිකළ දූ දරුවන් අමතක කර ජීවිත පූජාවෙන් මවුබිම වෙනුවෙන් සේවය කලා මිස රටෙන් තමන්ට ලැබිය යුතු දේවල් ගැන සිත සිතා සිටියේ නැහැ. ඒ නිසා අප සියලුම දෙනා මේ අභීත විරුවන්ට සාදා ණයගැති බව නැවත නැවතත් සියල්ලන්ටම මතක් කරදීමට ගෞරවනීය ගුවන් හමුදාධිපති තුමා ප්‍රමුඛ ගුවන් හමුදාවේ සියලුම දෙනා කල මේ කටයුත්ත ඉතාමත්ම අනර්ඝයි. අප වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට අමා මහා නිවන් සුව අත්වේවා! සියලුම දෙනාට තෙරුවන් සරණයි! (නදී)

:       0       0

අනුර Thursday, 09 January 2014 06:48 PM

අප රට බේරාදුන් ඔබ සියලු දෙනාට සම්මා සම්බු සරණින් නිවන් සුව ලැබේවා. අපි ඔබලාට ඔබව උස මහත් කල දෙමාපියන්ට අපගේ පින් බලයෙන් නිදුක් නීරෝගේ වෙත්වා. මෙවන් අකල් මරණයකට මතු ආත්මේ ගොදුරු නොවේවා! (නදී)

:       0       0

විජය Thursday, 09 January 2014 06:54 PM

සෙබළාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ හඬවන්න මා මේ රෑ යාමයේ මතකයි එදා ඈත රණ බිම පුරා සටනේ වැදීලා දෙන්නා එදා නොසිතූ නිමේෂයෙන්ම මරු හා ගීයේ මව් භූමියේ ලේ ගංගා ගලා සොයුරාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ විරුවෙක් විලාසෙන්ම වෙන් වූ දැයේ රතුමල් පිපේවී නාමෙන් ඔබේ විඳිනා මෙවන් නේක දුක් වේදනා උපහාර වේ මේ ගී ගායනා මමත් නාවික හමුදාවේ සේවය කල රණවිරුවෙකි....(නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 10 January 2014 04:47 AM

යුද්ධයේ ජයග්‍රහණයට හිමිකම් කියන්න පොරකන නොමිනිසුන් ඔවුන්ගේ ජීවිත රණවිරුවන් ලවාම රැක ගන්න යුගයක දැයේ සැබෑ දු පුතුනේ. දහසින් බැඳී පියල්ලෙන් වත් මිළ කළ නොහැකි ඔබලාගේ ජීවිත මේ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පුද කර ඔබ විසින් කරන ලද උදාර පරිත්‍යාගය ට ඔබගේ රක්ත වර්ණ රුධිරය වැගුරු තැන්වල රත් පියුම් පිපේවා කියා පතමි.(නදී)

:       0       0

සංජු Thursday, 09 January 2014 06:55 PM

රණවිරුවනී අප ඔබට සදා ණයගැතියි. මේ පින්තුර දැක්කාම ඇස් වලට කදුළු එනවා.(නදී)

:       0       0

මලිති හදපාන්ගොඩ Thursday, 09 January 2014 07:10 PM

යෝධ බල ඇවිත් අපගේ සෙබළුන්ට මවගෙන් බීපු කිරිවල ණය ගෙවන්නට සතුරා පරාජය කරලා දිනන්නට බේරා දුන්න මවු රට මතු පරපුරට ඔබ සැමදා අපේ හදවතේ ජිවත් වෙනවා සොයුරනි(දිල්)

:       0       0

පාලි Thursday, 09 January 2014 07:38 PM

රණවිරුවනි ඔබ සම සදා අමරනීයයි.(නදී)

:       0       0

දිමල් Thursday, 09 January 2014 08:07 PM

අපි ඔබට සදා ණය ගැති වන්නෙමු සොයුරනේ(දිල්)

:       0       0

මලිති හදපාන්ගොඩ Thursday, 09 January 2014 08:52 PM

රණ විරුවනි අපි ඔබලාට සදා නය ගැතී වෙමු. ඔබ සැමට නිවන් සුව පතමු! (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 10 January 2014 07:20 AM

උතුම් ක්‍රියාවක්, විරුවනි ඔබ සැමට නිවන් සුව!........(දී)

:       0       0

රොෂාන් Friday, 10 January 2014 07:55 AM

රට වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සොහොයුරනි ඔබ සැම සදා අමරණීයයි. ඔබලාට නිවන් සුව. ඔබ සැම සමාදානයේ සැතපේවා. මතු ලබන ආත්මයක දීර්ඝායු පතමි.(නදී)

:       0       0

පහන් Thursday, 09 January 2014 09:13 PM

අපේ සතුට වෙනුවෙන් ඔබේ ජීවිතය කැපකලා. වචන නැහැ මම ඔබට නය ගැති බව දනිමි. (නදී)

:       0       0

හමීඩ් Thursday, 09 January 2014 09:19 PM

අප සැම ඔබට සදා ණය ගැති වෙමු. (ත)

:       0       0

නිෂී Friday, 10 January 2014 08:23 AM

ඔබ සදා අමරණීයි. අපේ හදවත්වල ඔබලා සැමදා සිටිනවා.(නදී)

:       0       0

බිම්සර සන්දගලතැන්න Thursday, 09 January 2014 09:55 PM

සිංහල ජාතිය සහ බුදධාගම බේරගත්ත අපේ වීරෝධාර විරුවන්ට අපි සදා නය ගැතියි. නිවන් සුව හැමෝටම.(නදී)

:       0       0

බිම්සර සන්දගලතැන්න Thursday, 09 January 2014 09:55 PM

සිංහල ජාතිය ,ආගම බේර ගත්ත අපේ වීරෝධාර විරුවන්ට අපි සදා ණය ගැතියි . නිවන් සුව හැමෝටම.(දිල්)

:       0       0

සැම් Thursday, 09 January 2014 10:07 PM

අපේ රට බේරාදුන් රණ විරුවනි ඔබලා අපේ මතකයේ සදා රැදෙනු ඇත .ඔබලා දිවි දී රැකදුන් මේ මව් බිම නැවත අරාජික කිරීමට දේශපාලකයන් තවමත් දගලමින් ඇත.ලෝකයට ගතු කියමින් මේ රටට එරෙහිවන්නන් තවමත් සිටිති මේ රණවිරුවන් ගේ නාමයෙන්වත් නිහඩ වෙන්න (දී).

:       0       0

රේණුක Thursday, 09 January 2014 10:15 PM

රට වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සොහොයුරනි ඔබ සැම සදා අමරණීයයි ..මමත් ඔබලා වගේම ජීවිතේ යව්වන සමය රට වෙනුවෙන් කැප කල ගුවන් හමුදා සොහොයුරෙක් ....ඔබලාට නිවන් සුව ...ඔබ සැම සමාදානයේ සැතපේවා... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 437 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1093 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 333 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 70 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 442 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1707 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14589 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 183 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 102 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 145 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site