IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මළ පසුත් නම රැකගන්න ’

‘මේ ලෝකේ යහපත් දේවලින් කරන්නට අපහසුම දේ තමන්ගේ දේවල් අනුන් වෙනුවෙන් පරිත්‍යාගය කිරීමයි . පෞද්ගලික වාසි ගැන බලාපොරොත්තු නොවී අනෙකා , සමාජය හා රටේ  යහපත වෙනුවෙන්  සිදු කරන පරිත්‍යාගය තරම් තවත් උතුම් දෙයක් නෑ. තමන් කරන වැඩ කටයුතු වලින් තමන්ට වගේම අනුන්ට අයහපතක් වෙනවානම් එය අතහැර දැමිය යුතුයි. කිසි විටකත් උපන් බිමට ජනතාවට හානික් සිදු කරන්න එපා .එය කවදා හෝ ශාපයක් වෙනවා’

යැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට දස වසරක් හා මොහාන් ලාල් ග්‍රේරු පදනමට දස වසරක් පිරීම නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී පැවැති ‘සියවසක් ඉක්ම වු දශයකයක්’ සංවත්සර උළෙල අමතමින්  උන්වහන්සේ මේ බව පැවසුහ.

මොහාන් ලාල් ග්‍රේරු පදනම පිළිබඳ සියළු තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් හා අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් විවෘත කිරීම ද එහිදී සිදු කෙරිණී.

එහිදී සෝභිත හිමියෝ මෙසේද කීහ.

‘බොහෝ දෙනා තමන් පිළිබදව පමණක් සිතන යුගයක මොහාන් ලාල් ග්‍රේරු මහතා දුප්පත් දරුවන් වෙනුවෙන් ඇරැඹු ග්‍රේරු පදනම සහ ලයිසියම් පාසල් සමුහයෙන් විශාල සේවයක් සිදු වනවා.

ඔහු ගිහි පැවිදි දෙපිරිසේම ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු  සදහා නොමිලේ  අවස්ථාවක් ලබා දී දීබෙනවා.ඇති හැකි අය තම දරුවන්ට  අධ්‍යාපනය ලබා දෙද්දී දුප්පත් දරුවන් එය සිහිනයක් වී ඇති යුගයක ග්‍රේරු පදනම කරන මෙහෙවර අගය කළ යුතුයි.’

‘කවදා හරි අපි මළත් අපේ නම ජීවත් විය යුතුයි. තමන් මහන්සියෙන් උපයා ගත් දැනුම හා ලාබය තවත් කෙනකුගේ යහපත උදෙසා භාවිතා කිරිමෙන්  ග්‍රේරු මහතා උතුම් ගුණාංග මුළු රටට පෙන්නුම් කර තිබෙනවා .’

අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන, යෞවන කටයුතු නිපුනතා හා  සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය ,එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්  , නව වාමාශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ.

සර්ව ආගමික පුජකවරුන් සහ දේශපාලනඥයින් ,කලාකරුවන් ඇතුලු ප්‍රභූන්  රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘මළ පසුත් නම රැකගන්න ’

ප්‍රසාද් පෙරේරා Monday, 28 April 2014 12:58 PM

ග්‍රේරු මහත්මයා කවදත් හොඳ දේ කළ මහත්මයෙක් කියා කට පුරවා කියන්න පුලුවන්. (ස)

:       0       0

විධුෂක Monday, 28 April 2014 02:32 PM

මෙතුමා පරමාදර්ශී බුද්ධිමතෙකි. එතුමාගේ ඒ උතුම් මෙහෙවර විශිෂ්ටයි. විවාදයක් නොමැත. (ස)

:       0       0

ජානකි Monday, 28 April 2014 03:24 PM

ඔබ සිදු කරන සේවය විශිෂ්ටයි අනාගතයේදීත් මීට වඩා සේවයක් රටට කරන්නට හැකි වේවා !(දිල්)

:       0       0

ලයනල් Tuesday, 29 April 2014 03:57 AM

නාමේ නොදිරනා කුණු කය දිරනා (දී)

:       0       0

කේ. සිරි Monday, 28 April 2014 12:13 PM

මෙතුමා නියම මහත්මයෙක්. හොඳ ආදර්ශවත් චරිතයක්. හිත නිවන ප්‍රවෘත්තියක් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. සුභ අනාගතයක්! (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 28 April 2014 12:15 PM

ගරු මැතිතුමනි, ඔබතුමන් අපේ රටට දෙයට කරන මහඟු සේවය කිසිදාක මිල කළ නොහැකියි. (නි)

:       0       0

කසුන් Monday, 28 April 2014 11:33 AM

ග්‍රේරු කියන්නෙ ඇත්තටම පරමාදර්ශයක්.මෙම ඡායාරූප ටික දැක්කහම මට හිතුනේ මේ විවිධ දේශපාලන අදහස් තියෙන සියලු දෙනා එක වේදිකාවකට අාවේ ඔහු තුළ තිබෙන නිරහංකාර අවංකකම නිසා කියායි.ඇත්තටම ඔබට පමණයි මේ එකතුව මෑත කාලය තුළ කරන්න පුලුවන් වුණේ.ඔබ රටට ජාතියට සම්පතකි.දේශපාලන සහ සමාජ සේවයට සුභ පතමි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 08:51 AM

හොඳ හෝ නරක නාමය පවතින්නේ තමන් කරන කියන දේ තුලිනුයි. මෙවැනි කටයුතු වලින් ඒ නාමය සදා පවතීවි.. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 28 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2024 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 269 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2840 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1766 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 726 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33528 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site