IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මළ බැල්ලිය නැඟිටුවන්න බල්ලා වෙර දරයි

එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය බැල්ලීගේ සිරුර ළඟට වී කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින බල්ලෙක් රුසියාවේ ෆීලිපෝවකා ගම්මානයේ සිටි. මේ දෙදෙනා රෝමියෝ ජුලියට් වගේ යැයි ගැමියෝ කියති. මේ බල්ලා සතියක් තිස්සේ බැල්ලියගේ සිරුර ළඟ තනි රකී. අධික සීතල නිසා සිරුර නරක් නොවී පවතී. තම ඉදිරිපස ගාත්වලින් විටෙක බැල්ලිව නැගිටුවන්නට මේ බල්ලා නොගන්නා උත්සහායක් නැත.



අදහස් (0)

මළ බැල්ලිය නැඟිටුවන්න බල්ලා වෙර දරයි

ජේසුස්මි Saturday, 13 October 2012 05:40 PM

කිවුවට තරහ ගන්න එපා. මම බල්ලන් ගැන හොඳට දන්නවා. මේ බල්ලාගේ හැසිරීමෙන් මට පැහැදිලිවම නිගමනය කරන්න පුළුවන් මේ බල්ලා බල්ලිව නැගිට්ටවන්න හදන්නේ වෙන දේකට කියලා. ඒක මේ බල්ලාගේ හැසිරීමෙන් මට නිකම්ම කියන්න පුළුවන්. (නි)

:       0       0

ranjani jayasinghe berlin Saturday, 13 October 2012 06:13 PM

මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ (අ)

:       0       0

මුතුකුඩ Saturday, 13 October 2012 07:04 PM

අාදරය කරැණාව දයාව සෑම සත්ව ෙයක් අතරම පවතී. නමුත් සත්ත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂෟත්වයාය. (නු)

:       0       0

හිල්මි Saturday, 13 October 2012 06:59 PM

සෙනරත්, අපි බෞද්ධයෝ කිය කියා අන්‍ය ආගමිකයන් අමු අමුවේ මරන එකත් කොතරම් වාසනාවන්තද කියලා හිතන්න පුලුවන් නේද? (නි)

:       0       0

nade Saturday, 13 October 2012 07:15 PM

මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ. පූදූමයට පත්විය යූත්තේ ඒ උසස් ගති ලක්ෂණ මිනිසා සතු නැතිවීම ගැනයි....!! (අ)

:       0       0

හේමන්ත Saturday, 13 October 2012 07:23 PM

මෙතන තනි රකින්නෙ බල්ලෙක් නේද?(නු)

:       0       0

කිවි Monday, 15 October 2012 06:37 AM

මිනිස්සුන්ට ‘බල්ලා‘ කියලා බනින එක බල්ලන්ට කරන අපහාසයක්. සමහර මිනිස්සුන්ට බල්ලන්ට තියන මේ වගේ ගති ගුණ නෑ.

:       0       0

ලංකාසිරි Saturday, 13 October 2012 07:36 PM

සෙනෙහස, ආදරය, කරුණාව උතුරා ගලා යන හදවතක්.. සෙනෙහස ආදර කරුණාව උතුරා ගලා යන බලු හදවතක් යනුවෙන් සදහන් කරන්න තරම් හිත් නොදේ.. මක් නිසාද යත් මිනිසු විසින් බල්ලා කිසිසේත නොකරන්නාවූ අසමජ්ජාති වැඩවලට බලු වැඩ යනුවෙන් හදුන්ව ගනු ලබන බැවිනි..!(නු)

:       0       0

නන්දලාල් Saturday, 13 October 2012 07:40 PM

බල්ලා උනාට හොද හදවතක් තියෙන්නේ..බල්ලෝ නුඹේ ආලය මහමෙර පරදියි..!(නු)

:       0       0

ජයී තිසර Saturday, 13 October 2012 07:53 PM

ස්නේහය ආදරය බැඳුමකි අප අතරේ මායා දැලට ඇද්දේ කොයි අවතාරේ මිනිසුන් කියති මේ දුක් ඇති සංසාරේ අයියෝ ඇයිද මා තනිවුනෙ මහපාරේ

:       0       0

මානා Saturday, 13 October 2012 08:08 PM

පෙර ආත්මවල සිට පැවතගෙන එන ආදරයක්.. මතු සසරේ ඔබ දෙපල එක්වේවා..! මෙවන් අනතුරක් නොවේවා..!(නු)

:       0       0

වරුණ Monday, 15 October 2012 08:11 AM

මාගේ හැගීම නම් බල්ලා යනු හොද කළගුණ දත් සත්ත්වයෙක් යනුයි. (නි)

:       0       0

රසිකා ඩුබායි Saturday, 13 October 2012 09:16 PM

ඇත්තමයි ඇස් දෙකට කදුළු එනවා වීඩියෝව දැක්කම..!(නු)

:       0       0

අමරා අයිරංගනී Saturday, 13 October 2012 09:34 PM

විපතේදීත් හැර නොගිය සැබෑ ප්‍රේම වන්තයෙක් පව්..!(නු)

:       0       0

ඉන්දික Monday, 15 October 2012 10:03 AM

සංවේග ජනකයි

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 09:55 PM

මම දවසක් මේ වගේ කටුසු ජෝඩුවක් දැක්කා.. තිරිසනුන්ටත් දුක දැනෙනවා..!(නු)

:       0       0

දීපාල් Saturday, 13 October 2012 10:15 PM

කැමති දෙය නිසා දුක හටගන්නවා කියන එකට උදාහරණයක්(නු)

:       0       0

නාලක Sunday, 14 October 2012 12:17 AM

සමහරු ලෝකෙ මොනවා හරි උනොත් එක් අපිට ගලපලා වංශෙ කබල් ගාන්න පටන් ගන්නවා හරියට අර මැක්කාගේ කතාව වගේ..!(නු)

:       0       0

අජිත් වීරක්කොඩි Sunday, 14 October 2012 01:42 AM

අපි එක් උනා පෙම් දමකින් ලබා පින අද වෙන් වෙන්න සිතුවේ නැහැ මෙලෙසකින මතු සසරේදීත් ඔබ මට හිමි කරගන්න හැරදා නොයමි ඔබ ඉන්නා තුරු මෙතන (නු)

:       0       0

අශාන් Sunday, 14 October 2012 03:53 AM

මුතුකඩු, අද වෙන දේවල් වල හැටියනම් ඔයා කතාව කියන්න වෙන්නේ අනිත් පැත්තට නේද?(නු)

:       0       0

සේනානායක Saturday, 13 October 2012 03:43 PM

සෙනෙහස අදුනන සිව්පාවෙක් .පව් ලබන ආත්මෙදි කොහෙදිහරි ඔය දෙන්න‍ට එකට ඉන්න ලැබේවා !!!!!!!!!(ස)

:       0       0

සෙනරත් Saturday, 13 October 2012 03:42 PM

අට ලෝ දහම නොදන්න තිරිසනාට කියා දෙන්න විදියක් නෑ. ඒ අතින් බෞද්ධයෝ වන අපි කොච්චර වාසනා වන්තද(අ)

:       0       0

නිරාන් Saturday, 13 October 2012 03:50 PM

මේ සතා‍ගේ වේදනාව කොපමණ ඇද්ද ,ඔවුන්ට බැරි එය අපිට කියන්න විතරයි (ස)

:       0       0

මනම්පේරි Sunday, 14 October 2012 08:25 AM

සත්තු උනත් බලන්නකෝ (දී)

:       0       0

හෂාන් Sunday, 14 October 2012 09:34 AM

සංවේදී පුවතක්

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 05:07 PM

මිනිසූන් තූලවත් නැති උසස් ගති පැවතුම් තිරිසනූන්ට තිබීම පූදූමයට පත්වීම අවශ්‍යය නොවේ. පූදූමයට පත්විය යූත්තේ ඒ උසස් ගති ලක්ෂණ මිනිසා සතු නැතිවීම ගැනයි....!! (අ)

:       0       0

පවන් Sunday, 14 October 2012 10:41 AM

මිනිසා තුළ තිබුණු තිරිසන් ගති යටපත් කරමින් ශිෂ්ටාචාරය ගොඩනැගුණා. එම ශිෂ්ටාචාරය විසින් මිනිසා තණ්හාබරිත ආත්මාර්ථකාමී වාණිජ පාරිභෝගිකවාදී මිනිසෙක් බවට පත් කළා. ඒ නිසා මිනිසා තුළ යටපත්ව තිබුණු තිරිසන් ගති යළි ඉස්මතු වෙලා. අද අපි අලුත් පරම්පරාවේ මිනිසුන්ට බණිනවා. නමුත් ඒ සමාජ ක්‍රමය නිර්මාණය කළේ අපිමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 228 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1097 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 166 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2879 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 339 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site