IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


''මාළු වෙළෙන්දා" මිනී මරුවකු අල්ලයි

අනියම් බිරියගේ ඕනෑකමට මාසයකට කලින් පිළියන්දල හොන්නන්තර ධනවත් කතක හුස්ම හිරකැර මරා දැමූ බව කියන වඩුබාස් (41) වලස්මුල්ලෙන් අත්අඩංගුවට ගැනීමට මාළු වෙළෙන්දෙක් සමත්විය. මරාදැමුණු ධනවත් කතගේ පුතාගේ බිරිය වඩුබාස්ගේ අනියම් බිරිය විය. නැන්දම්මා ඝාතනයෙන් දින කිහිපයකට පසුව ඇය සියදිවි නසා ගත්තාය. එහෙත් ඇගේ ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය වලස්මුල්ලට ගොස් වඩු බාස් ගැන සෙවීය. මාළු වෙළෙන්දා වූයේ උප පොලිස් පරීක්ෂක නන්දනසිරි ගමගේය. ඔහු දින කිහිපයක්ම මාළු වෙළඳාමේ ගොස් තොරතුරු සොයාගෙන වඩු බාස් අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

''මාළු වෙළෙන්දා" මිනී මරුවකු අල්ලයි

බන්දු Saturday, 27 July 2013 06:06 PM

මම හිතුවේ මේවා රහස් පරීක්ෂක කතාවල පමණක් තිබෙන එවකියල බලනකොට අපේ අයට ෂර්ලොක් හෝම්ස්, පෙරිමසන් ල පරාදයිනේ (අ)

:       0       0

ආනන්ද ආර් Sunday, 28 July 2013 08:16 AM

මමනම් කැමතියි රහස් පොලිසියේ උපක්‍රම ප්‍රසිද්ධ නොකරනවා නම්. (නි)

:       0       0

බන්දු Saturday, 27 July 2013 06:06 PM

"ඔබට අනිවාර්යෙන්ම උසස් වීමක් ලැබේ" දැන් කරන රාජකාරිය හරියට කිරීම උසස් වීමක් ලැබීමට හේතුවක් නොවෙය් කියලයි මම අහල තිබෙන්නේ (අ)

:       0       0

බමුණූ Sunday, 28 July 2013 08:26 AM

"මමනම් කැමතියි රහස් පොලිසියේ උපක්‍රම ප්‍රසිද්ධ නොකරනවා නම්." ඔබ හරියට හරි (නි)

:       0       0

දම් Thursday, 01 August 2013 05:06 AM

තරු ටික පොලිසියේ ලොක්කන්ට,පොඩි එකාට කිසිදෙයක් නැද්ද? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 27 July 2013 06:30 PM

උප පොලිස් පරීක්ෂක මහත්තයෝ ඔබට උසස් වීමක් කොහොමත් ලැබෙයි, නමුත් අර අහවල වගේ කොන්ත්‍රාත් එහෙම ගන්න එපා දැන්නවනේ අන්තිමට නවතින්නේ කොහෙද කියල! (අ)

:       0       0

ටිකිරි Sunday, 28 July 2013 08:43 AM

බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒක ලංකාවේ සිද්ධ වෙන්න බැහැ.හොදට ඇස ඇරලා බලන්න අපි අපේ දරුවන්ට දායාද කරන්න යන රටේ නියම යතාර්ථය. (නි)

:       0       0

කෝලිත Sunday, 28 July 2013 09:00 AM

ඉතා දක්ෂ නිලධාරියෙක්.සුභ පැතුම්! (නි)

:       0       0

අසේල ඕමානය Sunday, 28 July 2013 09:21 AM

මෙන්න මේ වගේ නිලධාරින් පොලිස් සේවයටම ආඩම්බරයක්.ඔබට තවත් ශක්තිය ලැබේවා ! (නි)

:       0       0

චාමික Saturday, 27 July 2013 07:12 PM

අපේ රහස් පොලිසිය දක්ෂයි. අගය කල යුතු දේ අවිවාදයෙන් අගය කරනවා මම නම්. මේ දක්ෂතා හොද දේටම යොදාගන්න අපේ මහත්තයෝ. අපිටත් ඕනේ නීතිය රැකෙන රටක්. (නි)

:       0       0

විජේබා Sunday, 28 July 2013 06:15 PM

පගාවට සහ දේශපාලන බලයට යට වෙන්නට තියන අවස්ථා අවම වුනාම යුක්ති ගරුක නිලදාරීන්ට වැඩ කරන්න පුළුවන් කියන එකද මේ කියන්නේ ? (දී)

:       0       0

මහී Sunday, 28 July 2013 10:33 AM

පොලිසියට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සංජු Sunday, 28 July 2013 10:39 AM

ඉතා දක්ෂ නිලධාරියෙක්. නමුත් මෙවැනි පොලිස් රහස් ප්‍රසිද්ධ නොකරනවා නම් අති විශිස්ටය (නි)

:       0       0

දුමමලසූරිය Sunday, 28 July 2013 11:10 AM

සංජු ගේ අදහස මමත් අනුමත කරනවා. මෙවැනි දේවල් ප්‍රසිද්ධ කරන්න හොද නැහැ.රහසේ කරන වැඩ එළිපිට කියන්න ගියාම නැවත දවසක එවැනි දෙයකට ඒ පොලිස් නිලධාරියා යන්න බැරිවෙනවා (නි)

:       0       0

නදීෂා ගුනවර්දන Monday, 29 July 2013 09:58 AM

ඔන්න පොලිසි වලට කරනවනම් නියම වැඩ. (දී)

:       0       0

නානායක්කාර Sunday, 28 July 2013 11:42 AM

අපරාධ වැළැක්වීමට ඇති ලොකුම බාධකයත් අපිමයි (නි)

:       0       0

සුනේත්‍රා Friday, 02 August 2013 11:00 PM

මම නම් හිතන්නෙ මේ දේවල් හෙළි නොකරනවා නම් හොදයි කියලා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 08:49 PM

එක පාරක් සාස්තර කාරයෙක් විදියටත් ගිහින් එක් කෙනෙක්ව අල්ලලා තියෙනවලු (නි)

:       0       0

සදුනි Saturday, 27 July 2013 08:54 PM

ඉතා දක්ෂ නිලධාරියෙක්.නිතැතින්ම අගය කල යුතුයි. (නි)

:       0       0

පී කේ අමාරිස් Monday, 29 July 2013 10:52 AM

වඩු බාස්ලා ගෙවල් වලට ගිහින් පීරි ගානකල් ගෙදර මිනිස්සු ඇයි බලාගන හිටියේ. (නි)

:       0       0

පියල් Saturday, 27 July 2013 09:37 PM

ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

චමිල නුවන් පෙරේරා Saturday, 27 July 2013 01:30 PM

දැන් අපේ අය දියුණු වෙලා... හරි හොඳයිනේ. (ස)

:       0       0

සෙනෙවි ගාල්ල Sunday, 28 July 2013 01:36 PM

ප්‍රා මන්ත්‍රී කෙනෙක්වත් යන්තම්වත් ගැවිල හිටියා නම් ඔය පරීක්ෂණ ඉවරයි. (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 27 July 2013 01:38 PM

මිනී මරුවා අල්ලපු වැඩේ නම් සාර්ථකයි. සුවඳ සබනුත් යන්න ඇති දුසිම් ගානක්. පොලිස් පරීක්ෂකට. (ස)

:       0       0

විදානගේ Saturday, 27 July 2013 01:57 PM

පොලිස් නිලදාරියාට වහාම උස්සවීමක් දෙන්න ඕනනේ, රාජකාරීය ඇගයුමට ලක් ක‍රන්න ඔනේ.(නදී)

:       0       0

සෑම් Saturday, 27 July 2013 01:56 PM

ගිමිණී-සිරි, සුවඳ සබන්? රස්සාවලට ඔහොම ගරහන්න එපා යාළුවා. මාලු වෙළදාම කියන්නෙත් රස්සාවක්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 27 July 2013 10:30 PM

ගමගේ, ඇත්තටම කසිප්පු පෙරන්න අවශ්‍ය එතනෝල් ගුදම් දෙකක් ගෙන්වපු අයවත් තවම හොයා ගන්න බැරි වුනානේ.(නදී)

:       0       0

ලාල් Saturday, 27 July 2013 10:36 PM

අපේ පොලිසිය කොහොමත් දක්ෂයි. බාදකයකට තියෙන්නේ දේශපාලකයෝ එයාලා කොක්ක දානවා.(නදී)

:       0       0

අනුර-නාවලපිටිය Saturday, 27 July 2013 02:31 PM

හොද රාජකාරියක් ඉටුකළා! අගේ කල යුතු නිලදාරියෙක්.(නදී)

:       0       0

ගමගේ Saturday, 27 July 2013 02:29 PM

මේ රාලහාමි යැව්වා නම් අර එතනෝල් ගෙන්නපු එක්කෙනාවත් හොයා ගන්න තිබුනා නිකන් අපේ ඇමතිවරුන්ගේ මූන වල්වල දැලි ගාන්නේ නැතුව නේද?(නදී)

:       0       0

අර්ෂා Saturday, 27 July 2013 02:48 PM

ඔබට අනිවාර්යෙන්ම උසස් වීමක් ලැබේ.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 27 July 2013 11:15 PM

සැබෑ දක්ෂ්‍යා සුබ අනාගතයක් (අ)

:       0       0

ගාමිණී-සිරි Saturday, 27 July 2013 11:43 PM

සෑම් - මල්ලී ඔයා හරිම ලාමකයි.යමක් තේරුම් ගන්න හැකියාවක් නැහැ(අ)

:       0       0

සලනි ඩුබායි Saturday, 27 July 2013 11:58 PM

ආඩම්බරයි අපේ පොලිසිය ගැන. (අ)

:       0       0

මානගේ Saturday, 27 July 2013 03:42 PM

ඔය මාළු මුදලාලි ක්‍රමයෙන් බොහොම කලකට ඉස්සරත් සාර්ථකව හොරු අල්ලපු අවස්ථා අනන්තවත් තියෙනවා. එහෙම කරපු නිලධාරීන් දැන් විශ්‍රාම ගිහිල්ලත් ඉවරයි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 28 July 2013 12:13 AM

සෑම් - මල්ලී ඔයා හරිම ලාමකයි.හරි හැටි තේරුම් ගන්න හැකියාවක් නොමැති කම ගැන කණගාටුයි. (පී.ඔ .එල්.අයි.සී.ඊ.)පොලිස් යන වචනය ආවේ සුද්දන්ගෙන්.ඔය වචනය හදා ඇති සෑම අක්‍ෂරයකටම ඉංග්‍රීසි වචනයක් තියෙනවා.අයි. කියනේ (ඉන්ටෙලිජන්ස්) බුද්ධිය,රහස් තොරතුරතුරු රැස්කරන්නා ,යන අර්ථයන්.මෙම නිලධාරියාට මාළු වට්ටිය,තරාදිය,පිහිය,වෙනුවට දුගියෙක්,ලොතරැයි වෙළෙන්දෙක්,පරණ පත්තර,බෝතල්,කපුරු බෝල,රඹුටන්,වෙළෙන්දෙක් හැටියට රඟපාන්න තිබුනා මාළු වෙළඳාමෙන් සුවඳ සබන් ගාගන්නවාට වඩා ...ඒක තේරුම් ගන්න තරම් ඉන්ටෙලිජන්ස් නොමැති වීම කණගාටුයි.. (අ)

:       0       0

චම්පි නිසංකා Thursday, 01 August 2013 10:37 PM

හ..හ..හ..හ..හ..හ..හා (දී)

:       0       0

විමල් කුමාර Saturday, 27 July 2013 03:55 PM

ශ්‍රීලංකා පොලිසියේ දක්ෂ නිලධාරීන් හැමදාමත් ඉන්නවා . එහෙත් අපි ඔවුන්ව අගය කරනවා මදි. ගමේ හොර පොල් කඩ කඩා ඉඳලා පොලිසියට ආපු සමහර අය, පොලිසියට ඇවිල්ලා පොලිසියේ නම කනවා. ඉතින් අපිත් පොලිසියේ හැමෝටම බනිනවා.(ස)

:       0       0

කෙවින් Saturday, 27 July 2013 04:11 PM

පොලිස් මහත්තය දැන් රාජකාරියට යන්න බැහැ කියනවා මාළු රස්සාව හොදා කියල. මිනිහට ලාබය දැකල හිතට අල්ලලා. ගෙදර නෝනා හොදටම බනිනවලු.(ස)

:       0       0

බමුණු Sunday, 28 July 2013 04:27 AM

සෑම් මල්ලි කලබල වෙන්න එපා පොලිසියයි දන්නේ වැඩේට සුදුසු මොන වගේ කෙනෙක්ද කියල නැතුව කතන්දර අහන අය නොවෙයි.(නදී)

:       0       0

බමුණු Sunday, 28 July 2013 04:36 AM

"පරණ පත්තර, බෝතල්, කපුරු බෝල, රඹුටන්,වෙළෙන්දෙක් හැටියට රඟපාන්න තිබුනා". ගාමිණී-සිරි ඔබ කියන කිසිම වෙළෙන්දෙකුට හැමදාම එකම ගෙදරකට යන්න බැහැ. කපුරු බෝල කාරයට පුලුවන්ද එකම ගෙදරට තුන් සැරයක් යන්න? නමුත් මාළු වෙළෙන්දාට පුළුවන්. ඔය රාජකාරිය එක දවසකින් කල එකක් නොවෙයි කීප වතාවක් නැතිනම් දින ගණනාවක් ඔතනට ගිහිල්ලා කල දෙයක් ඉතින් ඕක රඹුටන් වෙළෙන්දාට කරන්න පුලුවන්ද? දැන් කවුද ඔය කියන බුද්ධිය පාව්ච්චි කොරල නැත්තේ.(නදී)

:       0       0

පද්මිණී Thursday, 01 August 2013 10:46 AM

වෙස්වලා ගැනීම හා උපක්‍රමශීලි බව ඔබව සාර්ථකත්වයට පත්කලා.පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශයක් දුන් ඹබට නියම විධියට උසස්වීමක් ලැබිය යුතුයි. (ස)

:       0       0

මංගල Sunday, 28 July 2013 08:09 AM

අපි දැක්කා දැරනියගල පොලිසියේ කියුම් කෙරුම් පත්තරවල තිබුණා (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 01 August 2013 03:50 AM

දක්ෂ නිළධාරියෙක්.ඔය විදිහට නිතිය හරියට කරනවා නම් අපේ රටට හොද කලක් යයි. (නි)

:       0       0

ධර්මසිරි Saturday, 27 July 2013 05:49 PM

අපේ පොලිසියේ අයට ඕනෙම අපරාදකරුවෙක් අල්ලන්න පුළුවන් නිදහසේ රාජකාරිය කරන්න දෙනවා නම් . පිට රටවල් එක්ක බැලුවහම අඩු සම්පත් වලින් අපරාද කරුවන් හොයන හැටි අගය කරන්න ඕනි .මේ සිද්දියට අපක්ෂපාතිව හරියට රාජකාරිය කරලා තියෙනවා , මගේ ප්‍රණාමය නන්දසිරි ගමගේ තුමාට පුද කරමි . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 380 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 223 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1515 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 393 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 836 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 532 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 612 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site