ශී‍්‍ර ලංකා පිලේ පා දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වූයේ යයි කියැවෙන අසත්‍ය පුවතක් ‘ට්විටර්’ ජාලයේ පළවීම නිසා ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ මෙන්ම ‘ට්විටර්’ පරිශීලකයෝත් මහත් සේ කැළඹී ගියහ. මෙම පුවත පළවීමෙන් පසු, සෙනසුරාදා (5 වැනිදා) රංගන හේරත් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා සිඞ්නි පිටියට පිවිසියේය.
‘ට්විටර්’ ජාලයේ පළවූ අසත්‍ය පුවතින් කියැවී ඇත්තේ සිඞ්නි නුවරදී සිදුවූ රිය අනතුරකින් රංගන හේරත් ජීවිතක්‍ෂයට පත්වූ බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් තුවාල ලබා දිවි බේරාගත් බවත්ය.
මෙම ප‍්‍රවෘත්තිය ඉතා වේගයෙන් පැතිරී ගිය අතර ඇතැම් ‘ට්විටර්’ පරිශීලකයෝ සිය සංවේගය පළකරමින් සහ රංගන හේරත්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය කණගාටුව ප‍්‍රකාශ කරමින්ද ‘ට්විටර්’ ජාලයට පණිවුඩ එක්කළහ.
සිඞ්නි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසි රංගන හේරත් පන්දු යවමින් ලකුණු 95 කට කඩුලූ 4 ක් දවාගත් අතර පන්දුවට පහර දෙමින් දිනය අවසානයේදී නොදැවී ලකුණු 7 ක්ද ලබා සිටියේය.
තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී රංගනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගෙන් වාර්තා කරුවෝ විමසා සිටියහ.
”අපි උදේ (සෙනසුරාදා) ආහාර ගනිමින් සිටින විට තමයි මේ කතාව දැනගන්නට ලැබුණේ. ඒත් රංගන නම් අපිත් එක්ක හිටියා” යයි ඔහු සිනාසෙමින් පිළිතුරු දී තිබේ.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මළ හේරත්‘ සිඩ්නි පිටියෙන් මතුවේ
අජිත් Sunday, 06 January 2013 11:38 AM
ට්විටර් හරියට අපේ ගමේ රොයිටර් ඇල්පි ආච්චි වගෙයි. (නි)
අසෝක Saturday, 05 January 2013 04:29 PM
ඇස්වහ කටවහ යන්නත් එක්ක ඒක හොඳයි. ලෝකය දියුණු වෙනචා කියලා මේ වගේ දේවල් වලින් අනවශ්‍ය වැඩ කරන අය තමයි වැඩි. ඇස් රතුවෙන විහිලු විහිලුවටවත් එපා. අපේ ක්‍රීඩකයන්ට ජයම වේවා! (ස)
ලලීන්ද Saturday, 05 January 2013 06:09 PM
ඔබට ධිර්ගායුෂ (දී)
ලලිත් Saturday, 05 January 2013 06:20 PM
අපි ඇත්තටම කනාගාටු උනා (දී)