IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යන මහත්වරු මෙවර මහ මැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග නොකිරීමට තීරණය කර ඇත.

සමගි ජන සන්ධානය හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමූණ මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා වෙත නාම යෝජනා භාර දුන් අතර ඔවුන්ගේ නම් එම ලේඛන වල ඇතුලත් නොවීය.

2020 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට මනාප ඡන්ද 114319 ක් ලබා ගනිමින් කරුණා කොඩිතුවක්කු මහතා මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනද මනාප ඡන්ද 103534 ක් ලබා ගත් ඩලස් අලහප්පෙරුම මහතා තෙවැනි තැනද මනාප ඡන්ද 80595 ක් ලබා ගත් මහින්ද යාපා අබේවර්ධන මහතා පස් වැනි තැනද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී ඩලස් අලහප්පෙරුම හා කරුණා කොඩිතුවක්කු යන මහත්වරු සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කරමින් එම පක්ෂයට එකතු විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සමීපතමයින්ගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.

ඔහුටම සහාය පල කළ හිටපු විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙවර මහ මැතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමූණ යටතේ තරග කිරීමට නාම යෝජනා භාර දුන් අතර එම නාම යෝජනා පත්‍රයේ මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම ඇතුලත් නොවීය. ඔහු වෙනුවට ඒ මහතාගේ පුත් චමීර යාපා අබේවර්ධන මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

ඊට අමතරව දකුණු පලාත් හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙවර තරග නොකරන අතර ඔහුගේ පුත් පසද යාපා අබේවර්ධන මහතාද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමූණ යටතේ නාම යෝජනා භාර දී තිබේ.

2020 මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වු නිපුණ රණවක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ද හය වැනියා බවට පත් වු වීරසූමන වීරසිංහ මහතා සර්ව ජන බලය පක්ෂය යටතේ ද මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා භාර දීමට නියමිතව ඇත.

මීට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු බුද්ධික පතිරණ මහතා මෙවරද එම පක්ෂයෙන් තරග කිරීමට නාම යෝජනා භාර දී තිබේ.

ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හදුන්නෙත්ති මහතා ද සිය කණ්ඩායමේ නාම යෝජනා පත්‍රය භාර දුන්නේය.

සමගි ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව

බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, කපිල ගමගේ, රංජිත් මුණසිංහ, නිරෝෂන් ප්‍රේමරත්න, කලුතන්ත්‍රිගේ මහින්දරත්න, රෙහාන් ජයවික්‍රම,බිමල් ජයසිරි,නිර්මාල් සමරසිංහ,තුෂාර විජේසූරිය.

ජාතික ජන බලවේගයේ නාම යෝජනා ලැයිස්තුව

සුනිල් හදුන්නෙත්ති,සරෝජා සාවිත්‍රී පෝල්රාජ්,උපුල් කුමරප්පෙරුම,අබේවික්‍රම ලියනගේ මෙත්තපාල,මුහම්මදු ඉල්යාස්,විජිත රුවන් වික්‍රම ආරච්චි,ජයන්ත පතිරණ,ලාල් ප්‍රේමනාත්,අජන්ත ගම්මැද්දගේ,නුවන්ජිත් සෙල්ලහේවා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

කංචන විජේසේකර,ගයාන් සංජීව,පසද යාපා අබේවර්ධන,විජය වීරසිංහ,සරත් ද අල්විස්,දිමුතු දර්ශන අබේවික්‍රම,බී ජී.චන්දන ප්‍රියන්ත,ධම්මික සොලමන්, තිවංක ජනිත්, චමීර යාපා අබේවර්ධන



අදහස් (3)

මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ

පිටරටවැසියා Thursday, 10 October 2024 07:16 PM

පරණ සෙට් එකටම.. දැන්, වරදාන-වරප්‍රසාද, ආරක්ෂක නඩ නැතිව ඡන්දේ ඉල්ලන්න යන්න බැහැ. ඉල්ලුවාට ඡන්දෙ හම්බ වෙන්නෙත් නෑ... ජනතාවගෙන් අසූචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ.. රට කාපු තක්කඩි හැත්ත...

:       1       30

Nimal 1 Thursday, 10 October 2024 07:32 PM

ඔය තරග නොකරන අය නොඑන එකමයි. ආවානම් දුවන්න වදිනවා.

:       1       13

උකුස්සා Thursday, 10 October 2024 07:34 PM

ස්තුතියි මාලිමාවට...

:       1       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 40 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 175 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 361 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 724 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 488 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site