IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්

 

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට  ඔවුන් බැලීම සඳහා  අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි  දැනුම් දීමක් කර තිබේ.

 ඇතිව තිබෙන තත්ත්වය මත අධිකරණ කටයුතුවලටද බලපෑම් එල්ලවී ඇතැයි බන්ධාගාර ආරංචිමාර්ග කියයි.  


රැදවියන්ට බාර වීමට අවස්ථාවක් :10 ක් කැමැත්තෙන්ම එයි

මාතර බන්ධනාගරයතුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරමින් හැසිරෙන රැඳවියන්ට සිය කැමැත්තෙන් විත් පාලනාධිකාරියට බාර වීමට හැකි බව මේ වන විට දැනුම් දී තිබේ.

ඒ අනුව මේ වන විට සිරකරුවන් දස දෙනකු කැමැත්තෙන්ම පැමිණ බන්ධනාගාර බසයකට ගොඩ වී සිටින අතර ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට සූදානම්බව බන්ධනාගාර අරංචිමාර්ග කියයි.

එමෙන්ම තවත් පිරිසක් බන්ධනාගාර භූමිය තුළ කා බී ගීත ගයමින් විනෝදවෙමින් සිටන අතර ඔවුන් පවසනුයේ ඔවුන්ගේ නිදහසේ  සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස බවද කියයි.

එමෙන්ම බන්ධනාගාරයේ ඖෂධ හා ජංගම දුරකථන රැදවියන් භාරයට ගෙන තිබේ.

මාතර බන්ධනාගාරය තවමත් සිරකරුවන් අතේ


මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් රැදවියන් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇතිවු තත්වය මත මාතර බන්ධනාගාරය තුල රදවා සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු කඩනමින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කලේය.

කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැදවියෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට තීරණය කිරිම නිසා සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් 500 කට වැඩි පිරිසක් ඉන් පිටතට පැමිණ කළහකාරීව හැසිරීමට පටන් ගෙන තිබුණි.

ඔවුන් බන්ධනාගාරය තුල වු දේපොල වලට ද අලුභ හානී සිදු කරන ලදි. මේ වන වීට මාතර බන්ධනාගාරය අවට පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ආදී වශයෙන් නිලධාරීන් 200 කට වැඩි පිරීසක් යොදවා පිටත ආරක්ෂාව තර කර තිබේ.

( ඡායාරූප සහ කතාව ක්‍රිෂාන් ජිවක ජයරුක්)

 වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.....

පෙර පුවත් සබැඳි

මාතර බන්ධනාගාරයේ කලබලයක්



අදහස් (5)

මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්

ගුණරත්න Wednesday, 23 April 2025 08:38 AM

නීතිය සහ සාමය සුරකින්න පොරොන්දු දී ආපු ආණ්ඩුව පත්වෙලා මාස් 6ට මිනීමැරුම් 100 කට වැඩියි. බන්ධනාගාර වල කැරලි. ගෙවල් වලට පැනල වෙඩි තියනවා. උසාවියේ වෙඩි තියල මරනවා. බන්ධනාගාර නිලධාරීන් මරනවා. පොඩි උන් පිස්සු වැටිලා හෙල්මට් වලින් ගහල යාළුවො මරනවා. එත් ඒ ප්‍රශ්න තියෙද්දී ඇමතිලා වාහන බෙදාගන්න චක්‍රලේඛ ගහනව. ඔන්න රටකට ගිය කල.

:       25       14

skaraya Wednesday, 23 April 2025 09:02 AM

ඇත්ත තත්වය නම් අපේ සමාජය දැන් ලෝකයේ තියෙන පළමු ගනයේ තිරිසන් සමාජයක තත්වයකට වැටිලයි තියෙන්නේ. නමුත් වගකිවයුතු කිසිවෙකු මේවා ගැන අවධානයක් ගන්න බවක් පෙනෙන්නේ නැහැ . මෙහෙම ගියොත් පුනරුද හෝ ධර්මිෂ්ඨ හෝ සමාජයක් නෙවෙයි උරුම වෙන්නේ ම්ලේච්ච සමාජයක්. හරිම කනගාටුයි මේ ගැන. ගුරුවරු, පොලිසිය , බන්ධනාගාර නිලධාරීන් ,පුජ්‍ය හා පුජක පක්ෂ මෙන්ම දේශපාලකයින් තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම මේ සමාජ ව්‍යසනයට ප්‍රභලම හේතුවක් උනා . ඒ වාසිය අපචාර වල යෙදෙන්නන්න්ට වාසියක් උනා .

:       9       16

බකල ජයා Wednesday, 23 April 2025 09:16 AM

ලොකු අයට වගේ "මිරිස්" කුඩු ටිකක් විකුණගෙන, කුලී "වැඩක්" කරගෙන නිදහසේ ඉන්න තමයි ඉල්ලන්නේ. නීතිය සැමට සමනම් ඉල්ලීම සාධාරණයි.

:       2       16

කව්ද බෝයි Wednesday, 23 April 2025 09:24 AM

ෆෙරාරි සීයා ගෙන්නපු කල් පැනපු කඳුළු ගෑස් නැතෙයි?

:       2       16

අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 10:02 AM

ගෝඨාභය සෑර් හිටියා නම් මෙලහකටත් විසදලා, දෙතුන් සීයක් හරි මරලා ! එහෙම නැති අඩුපාඩුව, දුක තමයි බකල ජයාලා ගුණරත්නලා එහෙම කියන්නේ. ආයේ හීනෙකින්වත් එහෙම වෙන්නෙ නැහැ හොදේ !

:       6       13

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 90 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 23 441 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 72 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 452 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 313 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 696 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 622 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site