IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


මාතෘ මරණ අනුපාතය ලක්ෂයට විසිපහක් ලෙස අඩුවෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට  විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් යැයි ද  එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට බාර දීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල්  මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් - බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන ඇත. 



අදහස් (8)

මාතෘ මරණ අනුපාතය ලක්ෂයට විසිපහක් ලෙස අඩුවෙයි

යෝගා Monday, 07 April 2025 06:48 PM

මේ වගේ ජයග්‍රහණයක් ලබාගෙන තියෙන්නේ 76 වසරක සාපේ නිසාද නැත්නම් හයමාසෙක පුනරුදය නිසාද?

:       7       14

රම්බොඩ Monday, 07 April 2025 07:49 PM

මෙයාලා හිටිය කාලේ වැඩ වැරීම් කරලා කරලා දැන් ගිහින් කැමරාව ඉස්සරහා විරිත්තනවා.

:       0       9

ගුණරත්න Monday, 07 April 2025 08:02 PM

පුනරුදේ හපන් කන්

:       3       6

කව්ද බෝයි Monday, 07 April 2025 08:14 PM

අනිවාර්යයෙන්ම 76 වසරක සාපේ නිසා. ඒක හින්දනෙ ඔයා වාගේ අය ඉපදිලා ඉන්නෙ.

:       0       5

Jagath Monday, 07 April 2025 09:52 PM

නෑ... ආර්ථික අර්බුදය නිසා උපත් අනුපාතය අඩු නිසා.

:       1       4

bakmi Tuesday, 08 April 2025 08:39 AM

හොරට සෞඛ්‍ය වාර්තා හදන රටවල් වලිනුත් ලංකාව ඉදිර්යෙන්ම ඉන්නෙ කියලත් දාන්න.

:       1       1

මුදිත් Tuesday, 08 April 2025 09:02 AM

අවුරුදු 76ක් මොනවද කරලා තියෙන්නේ කියල අහපු උන්දලා දැන් ටයි කෝට දාල ඉන්න අපුරුව. විලි ලැජ්ජාවේ බැහැ! ඇත්තටම බැලුවොත් 76 සාපය මුන්දලාම තමයි .

:       1       8

Upasena. Tuesday, 08 April 2025 09:45 AM

මේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම. ඒත් අපේ ජනාධිපතිතුමාත් කුණු බැනුම්. වෛරය ක්‍රෝධය පතුරවමින් ඔවුන්ට එරෙහිව සමාජය උසිගන්වන වැඩ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන්
2025 අප්‍රේල් මස 08 3 0

අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියා


මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්
2025 අප්‍රේල් මස 08 50 0

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත මගින් හැකියාව ලැබෙන


අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්‍ෂයි
2025 අප්‍රේල් මස 08 147 0

අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:- (පො.පෙ) පා


රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි
2025 අප්‍රේල් මස 08 78 0

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’අමෙරිකා බදු ගැන කතා කරන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න’’
2025 අප්‍රේල් මස 08 100 0

අමෙරිකාව පැනවූ ප්‍රතිචාරක බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)


අග්‍රාමාත්‍යවරිය - IMF ප්‍රධානී අතර සාකච්ඡාවක්
2025 අප්‍රේල් මස 08 141 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 678 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 573 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1028 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site