රෝෂන් තුෂාර
මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (24) අවසර ලබා දුන්නාය.
මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නැමති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.
මාලබේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවා දායකයා පලායාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේදී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
කොටහේන ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සලක පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකරුවකු පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරී
කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර
විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප
වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර