IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මාස දහයට 488ක් මරා දාලා

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ  අලුත්ම  වාර්තාවක සඳහන්වේ.

මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙඩි තැබීම් වලිනි.

තංගල්ල නුගේගොඩ ගම්පහරත්නපුර හා ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින්  32,27,24,24,20 වශයෙන් මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තාවී තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර දිවයින පුරා 2018- 2022 අතර කාල පරිච්ඡේදයේදී  බරපතල තුවාල සිදු කිරීම් හා මනුෂ්‍ය ඝාතන 7017ක් වාර්තාවී ඇතැයි පවසන එම වාර්තාව ඉන්  අපරාධ 2030ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී බවද ප්‍රකාශ කරයි.

රටේ බල අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි එම වාර්තාව නිර්දේශ කරයි.

මේ අතර පසුගිය වසර හයක කාලය සැලකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳීම් ආ කොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී  එම අපරාධවල සියයට පනහක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ගෙවල් බිඳීම හා කොල්ලකෑම යන බල අපරාධ විසඳීම ගත් විට පසුගිය වසර හයේදී අඩුම විසඳීමේ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේද පසුගිය වසරේදීය

මේ අතර කාන්තාවන්ට එරෙහි බල අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට විසි හතකින් වැඩිවී තිබූ බව පවසන එම වාර්තාව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බවද සඳහන් කරයි.

කාන්තාවන්ට බරපතල තුවාල  කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරයි.

පසුගිය වසරේදී මෙම අපරාධ විසඳීම සියයට 99ක ප්‍රගතියක් පෙන්නුම් කළද අපරාධ වාර්තා වීම  වැඩි වී තිබූ   බව පවසන විගණන කාර්යාලය අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද  ප්‍රකාශ කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (2)

මාස දහයට 488ක් මරා දාලා

රංබොඩ Saturday, 27 July 2024 06:18 PM

මේවා නතර කරන්න බෑ. කට්ටිය උසාවි යනවානේ. අල්ලන අල්ලන එකත් උසාවියෙන් එළියට යනවා. මේන්න මේ සිදුර වහන්නේ නැතිව මේවා මොකුත් නතර කරන්න බෑ...

:       8       105

පුෂ්පා Sunday, 28 July 2024 09:55 AM

අනේ මංද, මං ඉන්න රටේ නම් මේවා රිපෝට් කරන්නෙ පොලිස් දෙපාර්තමේන්තුව හෝ සංඛ්‍යාලේකන දෙපාර්තිමේන්තුව. අපේ රටේ විගනන කාර්යාලය. විගනනයෙන් කී දෙනෙක් මහා පරිමාන හොරැ අහුවෙලාද කියලත් රිපෝට් කරනවා ඇති කියලාත් හිතනවා. මහා පරිමාණ හොරකම් ඔය මැරකම් වලට ප්‍රධාන හේතුවක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැරදීමකින් අක්මාව ඉවත් කරලා
2024 සැප්තැම්බර් මස 08 149 0

ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින්, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ ර


ජනපති නැවත ජය ගෙන උතුරේ ගැටලු විසඳාවි
2024 සැප්තැම්බර් මස 08 94 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලං


බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 08 291 0

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි ක


රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
2024 සැප්තැම්බර් මස 08 215 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ග


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 42 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 1132 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site