(විමුක්ති එස් රුද්‍රිගු)
මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.
ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් සෙවන් නිවුස් පුවත් සේවය සඳහන් කළේය.
පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් සෙවන් නිවුස් පුවත් සේවය පැවැසුවේය. මෙම සොරකම පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිදුව ඇති බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.
එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද පෙරේදා(18) උඩුගත කර තිබූ අතර දිනක් තුළ එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබිණි. මෙම වීඩියෝව ඔක්තෝබර් මස අවසන් සතියේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බවත් එහි නැරඹුම් වාර ගණන මේ වනවිට ලක්ෂ 100 පසුකර ඇති බවත් පැවැසෙයි.
රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානා
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.
සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිං
නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය
පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන
මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මාළු කූරියෙක් සොරකම් කළ පූසා අත්අඩංගුවට
අපිට පාන්ද? Friday, 20 December 2024 10:22 AM
සෙවන් නිවුස් වල වීව්ස් වැඩි කරගන්න කරපු වැඩක් වගේ. අර අනුයි කනුයි කළා වගේ. දැං ඒ දෙන්නත් සෑහෙන පිරිසක් දන්නවානේ...