IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ නිවාඩු අවලංගුයි

(සුජිත් හේවාජුලිගේ)

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු  ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක මහත්මිය පවසන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය එම සතියේ සේවයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවයි.

මේ කාලසීමාවේ දී පාර්ලිමේන්තුවේ සියලුම අංශ නව පාර්ලිමේන්තුව පිහිටුවීමේ පූර්ව කටයුතු සඳහා සූදානම් කර තැබෙනු ඇත.

දස වැනි පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා ය.

දසවැනි  පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වේ. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට එහිදී  පුළුල් දැනුමක් ලබාදීමට නියමිතය.

නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ලබන 18,19 සහ  20 දිනවල කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අතර නව පාර්ලිමේන්තුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

එසේම නව පාර්ලිමේන්තුව වෙනුවෙන් සභා ගර්භය ඇතුළු  එහි බොහෝ ස්ථාන  ප්‍රතිසංස්කරණ කිරීමේ  සහ නවීකරණ කිරීමේ  කටයුතු ද ආරම්භ කරනු ලැබ ඇත.



අදහස් (0)

මැතිසබේ නිවාඩු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1211 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 20 0

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 170 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 128 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


ඡන්ද අල්ලස් තොගයක් අඩප්පන්වලින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 290 0

මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙ


ඡන්ද පත්‍රිකා වීඩියෝ කරලා
2024 නොවැම්බර් මස 14 37 0

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනකු අද (14) බේරුවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1665 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site