(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් අද (11) පත් කරනු ලැබීය.
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිනිය ලෙස හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාර ද සිල්වා මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය.
සහකාර අධ්‍යක්ෂ පරිපාලන සී.එම් බුලත්සිංහල සහ ප්‍රධාන නිලධාරී පී.ජී.පී ප්‍රියංකර එහි සෙසු සාමාජිකයෝ වෙති.
මෙම විමර්ශනය ලබන 14 සිකුරාදා උදේ10.30 ට කාරක සභා කාමර අංක 7 හිදී පැවැත්වීමට නියමිතය.
අභ්‍යන්තර විමර්ශනයෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව බාහිර විමර්ශනයක් පැවැත්වීමටද කතානායකවරයා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල මැතිසබයේද ලොකු කතාබහක් ඇතිවිය.
එසේම සිද්ධිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ. මේ සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ඇතුළු තිදෙනෙකු පාර්ලිමේන්තු සේවයේ නෙරපා හැරීමට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බාහිර පරීක්‍ෂණ කමිටුව පසුගියදා නිර්දේශ කළේය. ඒ අනුව එම තිදෙනා පාර්ලිමේන්තු සේවයෙන් නෙරපා හැරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පියවර ගනු ලැබීය.
එම සිද්ධියේ බාහිර විමර්ශනය පවත්වනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි.
රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් පෙබරවාරි 13දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් මහතා අතර හමුවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (11)සිදු විය.
පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මැතිසබේ IT අංශයේ කාන්තා හිංසන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
අරවින්ද මොණරවිල Tuesday, 11 February 2025 04:36 PM
රැකියාවෙන් නෙරපා හැරලා විතරක් බැහැ කථානායක තුමෝ නීති මගින් කටයුතු කරන්න කියලා පොලිසියට උපදෙස් දෙන්නත් ඕනා.