(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනෙකු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නවෝදා කෝකු හැන්නදිගේ මෙනවිය විසින් අද(22) දින නියෝග කරනු ලැබුවාය.
ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු කර ගෙන යන හෙයින් ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ලබන 27 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි.
ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දින මැද මුලන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි .
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ’’ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024’’ සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආ
ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්ත
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර