IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


මිනිස් මූලික අයිතීන් රකින්න ඉදිරියටත් ඕන තීරණයක් ගන්නවා

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ අයුරින්  ඉදිරියට ද අවශ්‍ය වුණහොත්  ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව කී ජනාධිපතිවරයා  ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන තිබෙන බව සඳහන් කළේය.

 ඉන් පසුව පළාත් සභා මැතිවරණයත්, අනතුරුව පළාත් පාලන මැතිවරණත් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ  මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ  පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනි.

ගෑස්, ඖෂධ, ආහාර හා ඉන්ධන නොමැතිව ජනතාවට දෛනික ජීවිතය ඉදිරියට ගෙන යා නොහැකි බව කී ජනාධිපතිවරයා ජනතාවගේ එම මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසරේ තමා කැප වූ බව පැවසීය.

ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේදී සෑම පැයකටම වටිනාකමක් හිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

දේශපාලන වශයෙන් අප මේ වන විට නව යුගයකට පැමිණ තිබෙනවා. එම යුගය අප කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද්දක් බව කිව යුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදි එම ආර්ථිකය ගොඩගැනීමට සාම්ප්‍රදායික නායකයින් ඉදිරිපත් නොවු අවස්ථාවක අප කණඩායම එකතුවී එම වගකීම බාරගත්තා. 

එදා අපේ ආර්ථික කඩා වැටී තිබුණා. රුපියලේ අගය පහත වැටී තිබුණා. නමුත් අප ආර්ථිකය නැවත සකස් කර රුපියල ශක්තිමත් කර රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. පසුගිය වසර දෙක තුළ රටේ ආර්ථිකය ශක්තිමත් වුණා වගේම ඉදිරි වසරේදී එය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම ආර්ථික වර්ධනය ඉලක්ක කරගෙන අප ඉදිරියට යා යුතුයි.

එහිදි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් කඩකළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එම කොන්දේසි සංශෝධනය කරනවා කියන්නේ දැන් තිබෙන කොන්දේසිවලින් ඉවත්වීමයි. අප මීට වඩා ලිහිල් කොන්දේසි ඉල්ලා සිටියා. නමුත් ඒවා හිමිවුණේ නැහැ. නමුත් මෙම සහන මඟින් අපට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා. නමුත් මේවා වෙනස් කිරීමට උත්සාහය කළහොත් ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා. එවිට අපට නැවත පෝලිම්  යුගයකට යාමට සිදු වෙනවා. 

අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවේ ඉතා අසීරුවෙන් බව කිව යුතුයි. මම රට බාර ගනිද්දි රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 සිට ඩොලර් බිලියන 76 කට පහතට වැටී තිබුණා. අපි නැවත මෙය ඩොලර් බිලියන 84කට ගෙනැවිත් තිබෙනවා. මෙම වැඩ කොටස අපි ඉටු කළේ වසර දෙකක් වැනි කොටි කාලයකදීයි. වෙනත් රටවලට මේ සඳහා වසර 5-10ක් ගත වුණා. අපට මෙවන් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වුයේ අප නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ගෙන ගිය නිසයි. අපි මෙම වැඩකොටස ඉටු නොකළානම්, මේ සියල්ල අතපසු කර ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ පැවැත්වුවානම් සිදුවන්නේ කුමක්ද කියා මම අහන්න කැමතියි. පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා අඩුම තරමින් මාස දෙක හමාරකවත් කාලයක් ගත කිරීමට සිදු වෙනවා. එම මාස දෙක හමාර අහිමි වූවානම් අද අපට ඩොලර් බිලියන 84ක දළ දේශීය නිෂ්පාදනයක් ලබාගත හැකිද කියා මම අහන්න කැමතියි. 

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා, ලෝකයේ විවිධ රටවලට ගොස් නායකයන් මුණ ගැසී සාකච්ඡා කළා. මෙම කාලය පළාත් පාලන මැතිවරණය සඳහා යෙදවුවා නම් මේ රටේ ආර්ථිකය ගෙඩ ගැනීමට හැකි වෙනවාද  කියා ඇසිය යුතුයි. අපට රට මෙම තත්ත්වයට ගෙන ඒමේදී  හැම මාසයම, හැම සතියම, හැම දිනයක්ම හා හැම පැයක්ම වැදගත් වුණා. ලෝකයේ කිසිම රටක් වසර දෙකකින් මෙවන් සාර්ථකත්වයකට පැමිණ නැහැ. ජාත්‍යන්තරය අපට ප්‍රශංසා කරනවා. අප මෙම පියවර නොගත්තා නම් මේ රට කඩා වැටෙනවා. 

නමුත් විපක්ෂය කළේ ගිහින් නඩු දාන එක. ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න කියලා 2022 ඔවුන්ට ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න බැරි වුනේ ඇයි. ඒ නිසා මෙම මැතවරණය කල් දැමීම පිළිබඳ මගේ කිසිම කණගාටුවක් නැහැ. මේ රටේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකියි. එය ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ ඡන්ද අයිතියට මම ගරු කරනවා. ඒ වගේම ජනතාවගේ ජීවත්වීමේ අයිතියට මම ගරු කරනවා. ගෑස් නැත්නම්, ඖෂධ, ඉන්ධන නැත්නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ. එම මුලික අයිතිවාසිකම් මම ආරක්ෂා කළා. නැවත අවශ්‍ය නම් මම ඒ වැඩකටයුතු ඉටු කරනවා. 

මෙම මැතිවරණය පැවැත්විය යුතු කාලය කුමක්ද කියා මැතිවරණ කොමිසම තීරණය කළ යුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට අප සියලුදෙනා තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වන විට මුදල් සොයාගෙන තිබෙනවා. ඉන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදහස් කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව බොහෝ දෙනා පවසන අතර අප ඒ සමඟ එකඟ වෙනවා.

ඒ සඳහාද අවශ්‍ය මුදල් අප මේවන විට සොයා ගනිමින් සිටිනවා.ප්‍රාදේශීය සභා සහ නගර සභා මැතිවරණ ඉන් පසුව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපට නව නීති ගෙන ඒමට සිදු වෙනවා. තරුණ නියෝජනය ගෙන ඒමට සිදු වෙනවා. අපට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවීම පිළිබඳ මම සතුටු වෙනවා. ඒ නිසා අප ගත් තීන්දුව හරිද, වැරදිද කියා ජනතාව තීරණය කළ යුතුයි.

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ද අදහස් දැක්වීය.

නව ජනතා පෙරමුණේ  අනුශාසක පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති  වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පුජකවරුන්ද, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගිවන්න, අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක,  නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, උදයන කිරිදිගොඩ, ප්‍රදීප් උදුගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ යන මහත්වරු සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, කාන්තා කටයුතු ලේකම් තිළිණි ද සිල්වා, ප්‍රචාරක ලේකම් විමුක්ති ජයසුරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පක්ෂ සාමාජික සාමාජිකාවෝ  විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (16)

මිනිස් මූලික අයිතීන් රකින්න ඉදිරියටත් ඕන තීරණයක් ගන්නවා

පුරවැසියා Friday, 23 August 2024 09:46 AM

මුං හදන රටවල්

:       59       27

siri Friday, 23 August 2024 10:06 AM

එහෙනම් චන්දෙ තියන්න එපැයි .මේ රටේ අධිකරණය නිසා මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් රැකෙන්නේ

:       59       28

nanda Friday, 23 August 2024 10:16 AM

ඉදිරි චන්දෙන් දිනන කෙනා හැමදේම හරියට කරාවි

:       55       25

sachith Friday, 23 August 2024 10:18 AM

ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකපු විදිහ ගැන ඊයේ අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නේද ?ආයෙම ආවොත් නම් ඊට වැඩිය හොඳට රැකිලා කියලා අපි දන්නවා

:       54       19

සුරෛන් Friday, 23 August 2024 10:25 AM

ඔබතුමා කියන විදියෙ අශ්චර්‍ය කිසිවක් වෙලා තියෙනවද, ජනතාව දැන් පෙරට වඩා සිහි කල්පනාවෙන් ඉන්නෙ කරන කියන බොරු අහලා අපෙ කණ්නාඩි පවා දැන් වේදනාවෙන් හා පිලිකුල් මනසෙන් ඔබලා දිහා බලන්නෙ. ඔබතුමා ණය ගත්තා මිස ණය ගෙව්වෙ නැහැ. ඔබතුමාගෙ නඩත්තුවට සල්ලි ඔය පැත්තට එන අයට බෙදන්න ඇතිවෙන්න සල්ලි වෙන් කරගත්තා. ජනතාව අපා දුක් විදිනවා

:       51       23

අරවින්ද මොනරවිල Friday, 23 August 2024 10:42 AM

මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කෙරුව බවට උසාවිය තීන්දුවක් දීලා ඒකේ තීන්ත වේලෙන්නත් කලින් බයිලා ගහනවා.ලැජ්ජා නැති කම පින් ජනාධිපති කමටත් වැඩිය ලොකූයි කියලා පෙන්වන්න වෙන්න ඇති.

:       47       25

තොත්ත බබා Friday, 23 August 2024 11:01 AM

මූලික මිනිස් අයිතිවාසිකම් නොවෙයි අපිට ඕන ආණ්ඩුවක් සමග ගෝලයින්ට ගමේ ආණ්ඩු හදල දීලා ඉන්න පමණයි

:       6       33

ජනරළ Friday, 23 August 2024 11:53 AM

විහිළුවක් නෙමෙයි, මේක ඉදිරියේදී හරිම භයානක තත්වයක් බවට පත් වන්න පුළුවන් ජනතාව නිවැරදිව කල්පනා කරලා වැඩ නොකළොත්. රටක ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තීරණ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විදියට සහ ශ්‍රේෂ්ටාධිකරණය විසින් දෙන තීන්දු තීරණ අනුව විතරයි. ඒ නිසයි පළාත් පාලන මැතිවරණ ගැන ඒ තීන්දුව දුන්නේ. නැතුව මේ එක එක්කෙනාට ඕනි විදියට හිතෙන කියන විකාර දේවල් අනුව නෙමෙයි. ශිෂ්ට සමපන්න දියුණු සමාජයක ශ්‍රේෂ්ටාධිකරණය දෙන තීන්දු පිලිගන්නවා මිසක් ඊට එරෙහි වෙන්නේ නැහැ. තීන්දුවෙන් පස්සේ අධිකරණ තීන්දුවත් අධිකරණයත් ගරු විනිසුරු තුමන්ලා වත් හෑල්ලුවට දාලා කතා කරනවා නම් එවැනි අයෙකු ඉදිරියේදී බලයට පත් වුනොත් ජනතාවට වෙන්නේ ඔහු කියන දේ පමණක් හිස් මුදුනින් පිලි අරගෙන කරබාගෙන ඉන්නයි. තමන්ට වෙන අසාධාරණයට අධිකරණයෙන් යුක්තිය ඉටු කර ගන්න එක සිහිනයක් වේවි. මේක සැහැල්ලුවෙන් ගන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

:       31       15

JayasundaraFriday, 23 August 2024 12:34 PM

මූලික මිනිස් අයිතීන් කියන්නේ ආහාර හා ආරක්ෂාව ජනාධිපති කියන්නේ ඔහු ප්‍රමුඛතාව දෙන්නේ ඒකට කියලා තේරුම් ගන්න බැරිද? මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වුණාම තමයි අනෙකුත් අයිතිවාසිකම් ගැන බලන්න පුළුවන් වෙන්නේ ඇත්තටම 2019 වෙනකොට තිබුණු තත්වය ගැන කල්පනාවක් ඇත්තේම නැද්ද? ඔය පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම කළාම 12000 ක් පමණ දේශපාලුවෝ වෙනුවෙන් වැටුප් හා දුරකථන බිල්පත් අනෙකුත් පහසුකම් රජයේ මුදලින් ගෙවන්න වෙනවා. කරන්න වැඩක් නැතුව ජනතා මුදල් නාස්ති වෙනවා. ඉතින් ඇත්තටම ලංකාවට ඔය තියෙන පළාත් පාලන ආයතන අවශ්‍ය නැහැ...

:       9       41

Rata Perata Friday, 23 August 2024 11:55 AM

මේ වගේ ජනතාවගේ බුද්ධියට අපහාස කරන කතා කියන අපතයන්ට දඬුවම් කරන්න ඕනෑ. මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලාවත් මේ මනුස්සයා දන්නේ නෑ වගේ...

:       40       19

අශෝක Friday, 23 August 2024 12:24 PM

හොරු රෑනක් එක්ක ඡන්දෙට ඉදිරිපත්වෙලා ඉන්නවා පමණක් නෙමෙයි, අධිකරන තින්දුවලත් ගරු කරන්නේ නැහැ. මෙයා ඇත්තටම ජනාධිපති වුණොත් හුසේන්ලා ගඩාෆිලා වගේ හොඳ වියරුවක් බලාගන්න පුළුවන් වෙයි ලංකාවේත්...!

:       36       14

Gayansika Friday, 23 August 2024 03:19 PM

මෙයා ඇත්තටම ජනාධිපති වුනොත් කියන්නේ එයා තාමත් ජනාධිපති කියලා නොදන්නා නිසා වෙන්න ඇති, ළිං වලෙන් ගොඩට ඇවිත් බලන්න...!

:       23       4

චන්දදාස Friday, 23 August 2024 02:06 PM

මෙයාට වලිගෙ පෑගිලා අධිකරනයෙන් කිව්වෙ මිනිස් අයිතීන් කැඩුවා කියලා. අනේ සීයේ

:       24       10

Nishan Friday, 23 August 2024 02:14 PM

ජනාධිපතිතුමා කියන දේ සියට දාහක් ඇත්ත. ඒ වෙලාවේ කෝටි දහදාහක් තියා කෝටියක්වත් තිබුණේ නෑ. ඡන්දවලට වියදම් කරන්න. කඩවල් වහලා මිනිස්සුන්ට කන්නත් නැතුවයි හිටියේ. රටම කළුවරේ. පොදු ප්‍රවාහනයත් ඇණ හිටලා තිබුනේ. ඒත් එයින් අදහස් වෙන්නේ නෑ උසාවි තීන්දුව වැරැදියි කියලා. ඒත් උසාවිය තීන්දු දීමේදි සලකා බලන කරුනුයි ප්‍රායෝගික ලෝකයේ සිද්ද වෙන දේවලුයි අතරේ වෙනස්කම් තියෙනවා. ඉස්සෙල්ලා මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපැයි මොනා කරන්නත්...

:       10       28

පොඩිඑකා Friday, 23 August 2024 04:24 PM

එහෙනම් මුත්තේ ඉස්සෙල්ලම අර පොරොන්දු වෙච්චි විදියට අර්ජුන් ගොයියාව ලන්කාවට ගෙනත්දෙන්න. ඔයා එයා ගැන වගකීම බාරගන්නවා කියලා පොරොන්දු වුණා මතක නැද්ද?

:       23       6

රනිල් වික්‍රමසිංහ Friday, 23 August 2024 04:40 PM

අනවශ්‍ය ප්‍රශ්න අහලා මාව අවුස්සාගන්න එපා....

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ දාන්න දුරකථන තහනම්
2024 සැප්තැම්බර් මස 12 511 0

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර


වතුර නැති සරසවි සිසුන් මහ පාරේ
2024 සැප්තැම්බර් මස 12 418 0

බදුල්ල බණ්ඩාරපුර ජයගම කලුගල්පිටිය බදුලු සිරිගම රඹුක්පොත ප්‍රදේශයට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අද (12) ජලය ලබා නොදිම නිසාවෙන් ඌව වෙල්ලස්ස විශ්වවි


දේශප්‍රේමී සම්මත්‍රණයේ දී දෙපිිරිසක් ගැටිලා
2024 සැප්තැම්බර් මස 12 728 0

දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී එහි කඩා වැදුණු පොලු මුගු


කිලෝ 75ක බෝම්බයක් කොටහේනෙන් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 12 2267 0

ගුවන් යානා මගින් බිමට හෙළන කිලෝ 75 ක පමණ බරින් යුත් බෝම්බයක් කොළඹ 12 මෛත්‍රී බෝධිරාජ මාවත පුද්ගලික ආයතනයක ගබඩා සංකීර්ණයක් තුළ තිබී හමු වූ බව කොටහේන පොලිසි


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ
2024 සැප්තැම්බර් මස 12 988 0

’’ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්’’ ආයතනය තවත් එක සාම්ප්‍රදායික අධ්‍යාපනික ආයතනයක් නොවේ. වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත්


මාධ්‍ය ආයතන නීති කැඩුවොත් ඡන්ද ප්‍රතිඵල නෑ
2024 සැප්තැම්බර් මස 12 1279 1

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 11 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site