(ගයාන් සූරියආරච්චි)
වත්තල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ 68 හැවිරිදි හෝටල් සේවකයකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෝ තිදෙනෙක් පෙරේදා 2 වත්තල පොලීසිය සහ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර වෙහෙරහේන ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි හෝටල් සේවකයකු එසේ ඝාතනය කර තිබු බව පොලිසිය පවසයි.
දෙමටගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් වයස අවුරුදු 36 හා 44 වියේ පසුවන කොළඹ 9 පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මට්ටක්කුලිය රජමල්වත්ත ප්‍රදේශයේදී ඉකුත් 25 දින ඇතිවූ ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල කිරීමකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටින පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවටපොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අපරාධයෙන් පසුව මාලදිවයිනට පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිසිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන දෙකක් සමග විදෙස් ගමන් බලපත්‍රය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්
කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මිනී මරා රට පනින්න බැරිවේ