(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිස්ගල යට සූක්ෂම ලෙස තැනූ කුහරයක සඟවා පාසල් සිසුන්ට මත්කරල් අලෙවි කළ කාන්තාවක් මට්ටක්කුලිය පර්ගියුසන් පාර නිවසකදී අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාරිය සමග මත්කරල් 1310 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලිම කළ බව පොලිසිය කියයි.
පාසල් ළමුන් සහ අමතර පන්ති යන ළමුන් ඉරක්ක කරගෙන මත් කරලක් රුපියල් සියය බැගින් අලෙවි කර ඇති බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත.
56 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකාරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි අත්තිකාරම් මුද
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අ
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බ
චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මිරිස්ගල යටින් මත් කරල් මතුවේ:කතක අල්ලයි