IMG-LOGO

2024 ජුලි මස 01 වන සඳුදා


මිහින්තලේ ලොකු අනතුරක්

(බී.ජී. චතුරංග)

මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු  තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

එම මාර්ගයේ,  මිහින්තලය - පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ අනතුර සිදුව ඇති තිබේ.

අනතුරින් මෙලෙස රෝහල ගත කර ඇත්තේ,  එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බව පොලිසිය කියයි.

තුවාල ලැබු ලොරි රථ රියදුරා සහ රිය සහයක  යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක්  ප්‍රවාහනය කරමින් තිබියදී  මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක  පිටු පස ගැටීමෙන්  එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරලි  ගොස් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කලේය.

එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කරන පොලිසිය කියයි.  

මෙම අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩි දුර විමර්ශන සිදු කරති. 



අදහස් (2)

මිහින්තලේ ලොකු අනතුරක්

අසේල Friday, 21 June 2024 05:21 PM

උතුම් පොසොන් පෝය දවසේ, කිසිවකුට කරදරයක් නොවේවා! දෙදෙනාටම ඉක්මන් සුවයම ලැබේවා..!

:       0       2

Akila Weerasakara Friday, 21 June 2024 05:22 PM

හොද වේලාවට තෙල් බවුසරේ පිපිරුවේ නැත්තේ?

:       9       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


නීතිඥයත් හොර වැඩක් කරලා
2024 ජුලි මස 01 263 0

බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැක


හොරෙන් වැට පැන්න ධීවරයෝ 25ක් අත්අඩංගුවට
2024 ජුලි මස 01 110 0

ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතු


බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත්
2024 ජුලි මස 01 486 0

බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසක


ගජමුතු සමග සෙබලෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 01 148 0

තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළ


රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප
2024 ජුලි මස 01 481 0

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 472 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1532 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site