IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


මීගමුව සංචාරක නගරයට විදුලිපුර ධාවකයාගේ අවධානය

(යොහාන් භාසුර)

අනිසි ලෙස කුණු කසල බැහැර කිරීම, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න හේතුවෙන් අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්මන්තයට සුදුසු පරිදි පිරිසිදු කර යථාවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට, ජාතික ජන බලවේගයේ මීගමුව ආසන සංවිධායක, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරු එම ප්‍රදේශයේ නිරීක්ෂණය කළහ.

කලපුව සහ එහි ඇති දූපත ඇතුලු අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව මීගමුව ප්‍රදේශයේ වඩාත් වැදගත් ස්ථානයක් වන මීගමු කලපුව ආකර්ෂණීය ලෙස සංවර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තය සඳහා දායක කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාව ද නිරත වූහ.

ප්‍රදේශවාසීන්ගේ යෝජනා සහ අදහස් ද විමසා සිටි අමාත්‍යවරු නුදුරේදීම මීගමුව කලපුව ලස්සන පරිසරයක් බවට පත්කරන්නට කටයුතු කරන බව පැවසූහ.

අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරු මීගමුව, මුන්නක්කරය ප්‍රදේශයේ කුට්ටිකාඩුව භූමිය පිළිබඳ පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව ද සොයා බැලීමට එක්වූහ.

වැඩිහිටියන්ව සිටින තමන් කුඩා කල ක්‍රීඩා කළ එම භූමිය ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද ආරක්ෂා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු එහිදී අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියහ.



අදහස් (0)

මීගමුව සංචාරක නගරයට විදුලිපුර ධාවකයාගේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 02 42 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා


නිතී විරෝධි දුම්වැටි සමඟ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 02 80 0

රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 02 133 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු


අද වැස්ස නෑ
2025 පෙබරවාරි මස 02 53 0

දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි
2025 පෙබරවාරි මස 02 797 0

ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.


පූර්ව ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
2025 පෙබරවාරි මස 02 105 0

පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බවත් අ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 711 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 723 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site