IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී   ඉකුත් (14) දා රාත්‍රී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර  එහිදී මීගොඩ නාගහවත්ත පාර අංක 231 / 01   හි පදිංචි  නලින් සඳුන් කල්දේරා නොහොත් (බබා) නමින් හඳුන්වන (32) හැවිරිදි සමෘද්ධි අමාත්‍යාංශයේ කාර්යාල කාර්යය සහායකයෙකු මියගොස් තිබුණි.

ඒ ඔහුගේ  ඥාති නිවසක පැවති සාදයක් නිමවා සිය බිරිඳ හා බිළිදු දරුවා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදීය.

මීට අමතරව පනාගොඩ , පැලෑදගොඩ පාර , රණවිරු ගම්මානයේ නිවසකට ඉකුත් 18 දා අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියකින් නිවස දෙසට වෙඩි තබා  පලා ගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොතිබූ අතර නිවසේ ජනේලයකට හා බිත්තියකට පමණක් සුළු හානි සිදුව තිබුණි.

පසුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හයදෙනෙකු ටී 56 වර්ගයේ ගිනිි අවියක්,  උන්ඩ විසි හයක් , මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් , උන්ඩ 10, ත්‍රී රෝද රථයක් යතුරුපැදියක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබුණි.

පසුව  අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකම මීගොඩ පදිංචි පුද්ගලයකු විසින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ අනුව  ඔහු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි



අදහස් (0)

මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක නියෝජ්‍ය ඇමති - නාවික හමුදාපති අතර හමුවක්
2025 ජනවාරි මස 02 18 0

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අතර නිල හමුවක් අද (2) ආරක්ෂක නිය


මත්ද්‍රව්‍යට වැට බදින්න යුද හමුදාව මෙහෙයුම් වැඩිකරයි
2025 ජනවාරි මස 02 181 0

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි මෙහෙයුම් වැඩි කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ආරක්ෂක සේනා ආඥාපත


රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත ගැන බරපතල ගැටලුවක්
2025 ජනවාරි මස 02 378 1

රාජ්‍ය සේවය තුළ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍


වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි
2025 ජනවාරි මස 02 82 0

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරයි
2025 ජනවාරි මස 02 275 0

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය.


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 527 7

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 363 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 190 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 172 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site