IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත්  තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා පෙරේදා (20) දින නියෝග කළේය.

කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ පසුගිය 19 දා සවස නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්දුවේ නිලධාරීන් පිරිසක් සහ මුලතිව් පොලීසිය, මුලතිව් මහේත්රාෙත් ආර්.සර්වනරාජා මහතා ඇතුලු අධිකරණ නිලධාරීන්, නඩුව ගොනුකරන ලද පාර්ශවය ඇතුලු පිරිස කුරුන්දි විහාරයේ චෛත්‍ය , නටඹුන් සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව පෙරේදා (20) සවස මීට පෙර චෛත්‍ය ඉදිකිරීම් හා නටඹුන් ඉවත් කිරීමට ලබා දී තිබූ නියෝගය අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බවය.

පසුගිය ජුලි 14 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී කුරුන්දි විහාරයේ චෛත්යය සංරක්ෂණය කිරීමට එරෙහිව ගොනුකරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්රාකත් ආර්. සර්වනරාජා මහතා විසින් චෛත්‍ය ඉදිකිරීම් වහාම නවතා අදාල ඉදිකිරීම් සියල්ල ඉවත්කරන ලෙසට මුලතිව් පොලීසියට නියෝග කළේය.

අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාල අධිකරණ නියෝගය පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දී නීතිපති සහය බලාපොරොත්තූ වූ අතර අනතුරුව අදාල අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපර්තමේන්තු නිලධාරීහු ද සාකච්ඡාවක් සිදුකළහ.
එමෙන්ම මුලතිව් පොලීසිය මගින්ද මුලතිව් අධිකරණයට දැනුම් දී සිටියේ කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කිරීමට අපහසු බවටත් එවැන්නක් තුළින් දැඩි විරෝධයක් මෙන්ම ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවීමේ අවධානමක්ද පවතින බැවින් අදාල නියෝගය පිළිබඳව සලකා බලන ලෙසටය.

කෙසේ වෙතත් මුලතිව් මහෙස්ත්රාිත්වරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින්ම ලබාදුන් නියෝගය අවලංගු කොට නැවත සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට අවසරය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

 



අදහස් (2)

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී

ruwan Thursday, 21 July 2022 08:08 PM

එහෙම තමයි වෙන්න ඔනි

:       0       0

sharm warn Friday, 22 July 2022 08:54 AM

මේක කරවාගන්න අර නඩුව දාපු දෙමළ මන්ත්‍රීටත් අර වහල් නිවාසවලින් එකක් දෙන්න ඇති බඩුමුට්ටුත් එක්කම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දෙන්න යයි
2024 සැප්තැම්බර් මස 17 17 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැව


ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කරන්න මෙහෙයුම් මැදිරියක්
2024 සැප්තැම්බර් මස 17 29 0

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 134 0

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 194 0

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


රියදුරාට නින්ද ගිහින් මාළු ලොරිය මාර ගසේ
2024 සැප්තැම්බර් මස 17 364 0

හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 381 0

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 85 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2147 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 996 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site