(ටි එල් ජව්ෆර්කාන්)
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට අද (08) ඇතුළත් කර තිබේ.
දේශපාලන ගැටලු හේතුවෙන්, මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පුද්ගලයෙකු විසින් අද උදෑසන 6.00 ට පමණ පහර දී තිබූ බව මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් සාලි නලීම් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.
"මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා."
මේ අතර, මෙම සිද්ධියේදී එවැනි කිසිවක් සිදු නොවූ බවත් දෙදෙනාම තල්ලු කර දැමූ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්
’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
රුවන් Saturday, 08 February 2025 05:13 PM
ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය මිනිස්සු ඒ අයගෙන් හොරා කලා රජ පුටුවලට ගිය දේශපාලුවන්ගෙන් පලිගන්න පටන් අරන්. සමහර විට හෙට අනිද්දා මුහුණ වහන් යන්නේ වෙයි මේ අයට.