(සුමිත් පොතුපිටිය )
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සදරුවන් නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් සදහා පැමිණි අටදෙනෙකුද අද (12) පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බව පැවසේ.
එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් රෙස්කියු ටියුබ් රැගෙන මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි එකොළොස් දෙනෙකු බේරාගෙන ඇති බව පැවසේ.
බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20 ට අඩු තරුණයන් බවත්, අද දින මුහුද රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවත් ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි. ජීවිත බේරා ගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී සීරීම් තුවාල ලබා ඇති බවද ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්
යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව ම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑස
කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්