(අමදෝරු අමරජීව)
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකියි.
දශක තුනකට වැඩි කාලයක් ලංකාවේ සීනි පරිභෝජනයට විශාල දායකත්වය දැක්වු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1993 වසරේ කන්තලේ සීනි කම්හල පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් පැන නැගුණු සේවක විරෝධතා හමුවේ වසා දැමීය.
කම්හලේ එවකට සක්‍රීය මට්ටමේ තිබු යන්ත්‍ර සූත්‍ර මේ වන විට දිරාපත්ව අභාවයට යමින් පවති. ලොව පළමු ඇගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට චොකොස්ලෝවැනියානු රජයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස 1960 ඔක්තෝබර් 02 දා ආරම්භ වු මෙම සීනි කම්හලේ මැද භාගය වනවිට ස්ථිර හා අනියම් සේවකයෝ 4300 ක් සේවය කළහ.
කම්හලට වාර්ෂිකව සීනි නිෂ්පාදනයට අවශ්‍ය වන උක් වගා කිරිම සදහා සීනි කම්හල අවට අක්කර 21333 රෑඩ් 02 පර්චස් 30 ක උක් වගා කරනු ලැබ තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඇරුන් හේමචන්ද්‍රා මහතා සීනි කම්හල විවෘත කිරිම සදහා අපේ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවා. ඊට පෙර භූමිය නිදහස් කර ගැනිමල වගා සදහා ජලය ලබාගැනිම තිබෙන පරණ යන්ත්‍ර සූත්‍ර ඉවත් කර ඒ සදහා නවීන යන්ත්‍ර සුත්‍ර සවි කිරිම මුලින්ම අපි සිදුකළ යුතුයිගඒ වගේම පසුගිය රජය කාලයේ ආයෝජකයකු සමග ඇතිකරගත් ගිවිසුම සොයාබැලිය යුතුයි.
කෙසේ වෙතත් අපේ රජයෙන් සීනි කම්හල විවෘත කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය
වත්මන් රජයෙන් මෙම උක්වගා භුමියෙන් අක්කට 11000ක් කෙටිකාලීන බෝග වගාව සදහා තාවකාලිකව මුදාහැර ඇති අතර නව රජය යටතේ මෙම සීනි කම්හල යළි නිෂ්පාදන සදහා විවෘත වනු දැකීම බව කන්තලේ වැසියන්ගේ බලාපොරොත්තුවයි. කම්හල සතුව භෞතික සම්පත් පවතින බැවින් නවීන යන්ත්‍රෝපකරණ සවිකර යළි උක් වගා කර මෙය ආරම්භ කිරිමට වඩා සුදුසු බව සියලු දෙනාගේ මතය වී තිබේ
දැනට උක් වගා භූමියෙන් කොටසක් අනවසර වගාකරුවන් ආක්‍රමණය කර ඇති අතර එය නවතා දැමීමට නම් කම්හල යළි සක්‍රීය මට්ට්මකට ගත යුතුව ඇතැයි බෝහෝ දෙනාගේ මතය වි තිබේග වසර ගණනාවක් කම්හලේ සේවය කළ ඇතැම් සේවකයෝ කිහිප දෙනෙකු කම්හල වැසි ගියද තවමත් නිල නිවාසවල රැදි සිටින අයුරු දැකගත හැකිය
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙන්න මහා අපරාධයක්
Aruna Monday, 25 November 2024 05:52 PM
ඔය අපරාදේ කළ අය බලේ ඉන්න කොටවත් ආයේ මෙහෙම නොකරන්න හිතාගන්න..