IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ

(සුජිත් හේවාජුලිගේ)

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් ද වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ගිය සතියේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ කාණ්ඩ අට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ප්‍රකාශ කළේය.

එම ඖෂධ ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද නිව් මෝනියා රෝගී තත්ත්වයන් මොලේ උණ රෝගී තත්ත්වයන් ඇතුළු තවත් බොහෝ ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ ඒ අතර ඇති බවද චමල් සංජීව මහතා පැවසීය

සෑම සතියකම මේ අන්දමට තත්ත්වයෙන් බාල වීම මත ඖෂධ කාණ්ඩ ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා සමත්ව නැතැයි හෙතෙම සඳහන් කරයි.

සතිපතා මේ අන්දමට බාල ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතල හානියක් වන අතර මේවා සම්බන්ධ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.

ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මේ තත්ත්වය ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාර්ථක ක්‍රමවේද වෙනසක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

 



අදහස් (0)

මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීගොඩ ඝාතනයට තවත් තිදෙනෙකු අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 23 149 0

මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බ


හොර නෝට්ටු සමඟ සිසුන් 4ක් මාට්ටු
2024 දෙසැම්බර් මස 23 197 0

තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි.


අක්මීමණ වෙළදසැලක් ගින්⁣නකින් විනාශයි
2024 දෙසැම්බර් මස 23 102 0

අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොල


ගැසට්ටුව නැති නිසා යළි සහල් ආනයනය බෑ
2024 දෙසැම්බර් මස 23 400 0

සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසය


තැනින් තැනට අදත් වැස්ස
2024 දෙසැම්බර් මස 23 45 0

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙ


මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ
2024 දෙසැම්බර් මස 23 962 0

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 54 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 36 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site