IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන

(විමුක්ති එස් රුද්‍රිගු)

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අංකය ලබා ගැනීමට සිටින බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 17 ක් 18 ක් පමණ සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය.

නව බදු සංශෝධන යටතේ සියයට 5 සිට 10 දක්වා වැඩිවූ පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද පසුගිය 1 වැනිදා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි විශාල පිරිසක් ටින් අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුලස්ථානයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එයට හේතුව වාර්ෂික ආදායම ලක්ෂ 18 ට අඩු පුද්ගලයන්ට සිය ගිණුමෙන් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද අය කරගැනීම වළක්වා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදිය යුතු ස්වයං ප්‍රකාශය සඳහා ටින් අංකය අවශ්‍ය වීම බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

නමුත් පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද අය කර නොගන්නා ලෙසට දන්වමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදෙන ස්වයං ප්‍රකාශය ටින් අංකය නොමැතිව වුවද ලබාදිය හැකි බවත් මේ වනවිට ඒ බව චක්‍ර ලේඛනයක් මගින් මූල්‍ය ආයතන සහ බැංකුවලට දැනුම් දී තිබෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

ටින් අංකය නොමැතිව බාර දෙන ස්වයං ප්‍රකාශ එළැඹෙන මාසයේ මුල් සතියේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන ලෙස බැංකු සහ මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබෙන බවත් එලෙස ලැබීමෙන් පසු එම අයැදුම් පත්‍රයේ ඇති තොරතුරු භාවිත කරමින් ටින් අංකයක් සදා අදාළ පුද්ගලයන්ට මෙන්ම බැංකු සහ මුල්‍ය ආයතනවලටද ලබා දෙන බවත් ඒ මහතා පැවැසුවේය.

බදු ගෙවිය යුතු යැයි අනුමාන කළ මිලියන 9 කට පමණ ආසන්න පිරිසකට නොදන්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වනවිටත් ටින් අංකය සදා අවසන් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් තමාට ටින් අංකයක් තිබේද? නැද්ද? යනවග දැනගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ස්වයං ප්‍රකාශය බැංකුවලින් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි බවද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතා ප්‍රකාශ කළේය. එසේම ටින් අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්, මුලස්ථාන හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ හෝ තැපැල් මාර්ගයෙන් තොරතුරු ඒවා සාදා ගත හැකි බවද ඔහු පැවැසුවේය.

සංශෝධිත පොලිය මත රඳවා තබා ගැනීමේ බද්ද ජනතාවට ලබාදුන් සහනයක් බවත් ස්වයං ප්‍රකාශ ලබා දෙන අයගෙන් එම බද්ද අයකර නොගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. සංශෝධනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 60 ක පමණ ආදායමක් අහිමිවන බවට ඇස්තමේන්තු කර තිබෙන බවද ඔහු පැවැසුවේය. බද්ද ක්‍රියාත්මක කිරීමේ අරමුණ බදු අනුකූලතාව ඉහළ දමා බදු ගෙවිය යුතු නමුත් නොගෙවා සිටින පිරිස බදු දැලට හසුකර ගැනීම බවද ශාන්ත මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් සාවද්‍ය ප්‍රකාශ ලබා දෙනන්ට දේශීය ආදායම් පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් මෙම වසරේ දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2195 ක් බවත් ඔහු පැවැසුවේය.



අදහස් (0)

මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 194 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 243 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 168 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 262 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 420 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 334 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 667 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 480 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site