IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන් අද (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

වර්තමාන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත්, එම ගැටලු විසඳා ගනිමින් ඔවුන් වෘත්තීය දැනුමෙන් මෙන්ම මානව ගුණාංග වලින් සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෙස ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා කෙරුණි. 

මෙහි දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීම,වෘතීය පුහුණු පාඨමාලා නවීකරණය,තරුණ කටයුතු පිළිබදව දැනට සේවය කරමින් සිටින නිලධාරීන්ව තව දුරටත් පුහුණු කිරීම යන මූලික කරුණු තුනක් යටතේ ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළැඹීමට යෝජනා විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත, වෛද්‍ය දයන්ත රණතුංග මහතා, වැඩසටහන් සම්බන්ධීකාරක යෂාරා නතානීල් මෙනවිය, සමාජ ප්‍රතිපත්ති නිලධාරිනි පියුමාලි රණසිංහ මෙනවිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 4 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 22 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 23 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


අවුරුදු දෙකේ දරුවා බසයට බිලි
2025 අප්‍රේල් මස 02 869 0

ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.


එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්
2025 අප්‍රේල් මස 02 3521 4

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව ස


බසයට හානි කළ සෙබළා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 02 737 0

බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 185 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 774 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 776 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site