දහවල් 2.00 වන විට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්ම වූ බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.
අද පස්වරු 2 වන විට ගම්පහ සියයට 52,මාතර සියයට 49.5, කෑගල්ල සියයට 50, රත්නපුර සියයට 55, කොළඹ සියයට 50, නුවරඑළිය සියයට 60. ගාල්ල සියයට 50, හම්බන්තොට සියයට 48, මුලතිව් සියයට 50, අනුරාධපුර සියයට 52,පොලොන්රුව සියයට 51,පුත්තලම සියයට 41ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
-------------------------------------------------------
12.00
උදෑසන 7.00 සිට දහවල් 12.00 වන විට දිවයිනපුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 40ක් පමණ වූ බව මැතිවරණ කාර්යාල පවසයි.
ඇතැම් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම යම් උදාසීන තත්වයක් පැවැති බව ද එම ආරංචි මාර්ග කියයි.
දහවල් 12.00 වන විට අනුරධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 30කි. ජනපතිවරණයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහවල් 12.00 වන විට සියයට 70 පමණ ප්‍රතිශතකයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
නුවරඑළිය සියයට 40ක් ද, පෙරවරු 10.00 වන විට මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 24ක්ද. පෙරවරු 10.00 වන විට ගම්පහ සියයට 20 ද,අම්පාර දහවල් 12 වන විට සියයට 37ක්, බදුල්ලේ සියයට 41.3ක්ද,රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 35ක් ද, පුත්තලම දිස්ත්‍රික්යයේ සියයට 35ක් වශයෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව වාර්තා විය.
(රන්ජන් කස්තුරි තිලකරත්න දිසානායක,ඥානසිරි හෙට්ටිආරච්චි, දයාරත්න ඇඹෝගම, ජේ.ඒ.එල්.ජයසිංහ,එම්.ඩබ්ලිව්.සෝමරත්න, පාලිත ආරියවංශ,අජිත්ලාල් ශාන්තඋදය)
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඡන්දය දීමේ ප්‍රතිශතය චුට්ටක් වැඩි වේ