(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"ඉදිරි මාස 6 සඳහා බිලියන 619ක මුදලක් අධ්‍යාපනයට වෙන් කර තිබෙනවා.එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන්න වූ වැඩිම මුදල ලෙස හැඳින්විය හැකියි.
මේ මුදල වියදම් කිරීම සඳහා අප පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.අධ්‍යාපනය හරි විදිහට හදාගන්නේ නැතිව රට තුළ පරිවර්තනයක් කරන්නට බැහැ.සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනය කළ හැකි වන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයෙන් පමණයි
. අප ඒ පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් කටයුතු කරනවා යනුවෙන්ද අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය කීවාය.
රටට පිම්මක් පනින්නට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කළහොත් පමණක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තු
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොලකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරු
සෞඛ්‍ය සේවාව සහ ඖෂධ යනු මෙරට ජනතාවගේ ජීවිත සමඟ ප්රමුඛ ව බද්ධ වූ ක්ෂේත්රයක් බැවින් ඊට විකල්ප නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළි
හොඳ ජාත්‍යන්තර පාසල් අතර ජාත්‍යන්තර පාසල් කඩ බිහි වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා
යෝගා Monday, 10 March 2025 01:31 PM
දරුවන්ට ලිංගික අධ්‍යාපනය උපරිමයට දුන්නාම ඔය කියන වැඩේ සාර්ථක වන බව හරිනි හදවතින්ම විශ්වාස කරනවා ඇති...!
ජිල්බු Monday, 10 March 2025 01:34 PM
එතකොට අපිට ඉස්කෝලෙ බොරුනේ උගන්නලා තියෙන්නේ. ඔය දෙකම තියනවා කියලා විද්‍යාව ටීචර් කිව්වා. දැන් ටීචත් නෑ... ගිහිල්ලා හරි මොකක්ද කියලා අහගන්න..
දිමුත්Monday, 10 March 2025 03:42 PM
මුලින්ම හදවත හදන්න ඕන සමහර ගුරුවරුන්ගේ!
lakshan Monday, 10 March 2025 01:45 PM
හැමෝටම නොමිලෙ උගන්නන්න ගිහින් තරග විභාග තිබ්බම තමා කුහක ආර්මර්තකාමි පුද්ගලයක් බිහි වෙන්නේ. උසස් පෙළ දක්වා නොමිලේ සියලු දෙනාටම උගන්නලා ඊට පස්සේ උපාධිය කරන්න රජයෙන් ණයක් දෙන්න. උපාදිය ලබලා අවුරුදු 5ක් වත් රැකියාවක් කරනකන් සහන කාලයක් දීලා ඉන් පස්සේ වැටුපෙන් ණය ගෙවන්න කියන්න. එතකොට ඕන කෙනෙක්ට තමන් කැමැති උපාධියක් හදාරන්න පුළුවන්. රැකියාව සතුටින් කරයි. අන්තරේ වගේ මහජන බදු මුදලින් ඉගෙනගෙන පාරවල් ගානේ උද්ඝෝෂණ කරන අය නැතිවෙයි. ඕනෑම කෙනෙක් ඉල්ලුමක් තියෙන උපාධියක් කරයි. දැන් වගේ කිසිම ඉල්ලුමක් නැති කළා... උපාධි කරලා රස්සා ඉල්ල ඉල්ලා පෙළපාළි යන අය නැති වෙයි. උපාධිය අරන් රට ගියත් කමක් නෑ. රජයට පාඩු නෑ. ඔහොම තමා දියුණු රටවල් වල කරන්නේ. දැන් තියෙන ක්‍රමයෙන් මොලේ හැදෙන්නෙත් නෑ. හදවත හැදෙන්නෙත් නෑ. ගිරව් හදනවා විතරයි...
බද්රානි Monday, 10 March 2025 02:03 PM
මොළයයි, හදවතයි, දෙකම නැති එවුන්ගෙන් පිරුණු රටක් අධ්‍යාපනයෙන් වෙනස් කරනවා කියන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.. මොන දැනුම දුන්නත් අවසානයේ ඉස්මතු වෙන්නේ ජානවල ස්වභාවය.. කොහොමත්, දරුවන්ගේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට ප්‍රථමයෙන් මේ රටේ ගුරුවරුන් හා බෞද්ධ පූජකයිනගේ විනය හා ආකල්ප වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
karolisMonday, 10 March 2025 03:48 PM
ඇයි බෞද්ධ පූජකයන්ගේ විතරක්? අනිත් ආගමික පූජකයෝ විනය හා ආකල්ප වලින් පරිපූර්ණ වෙලා ඉවරද?
රම්බොඩ Monday, 10 March 2025 02:04 PM
මනෝවිද්‍යාව දියුණු වීමත් සමඟ (අපට නම් ගැඹුරුම මනෝවිද්‍යාව තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන්) ලෝකයේ අධ්‍යාපනය වෙනස්වෙමින් පවතිනවා. තරඟ විභාග සහ විෂය දැනුම පමණක් දීමෙන් උගත් පටු මිනිසෙක් බිහිවෙනවා. ඔවුන් එක් එක් මානසික ව්‍යාධිවලින් පෙළෙනවා. ඔවුන් රටට ආදරය නෑ. ඒ නිසා හදවතක් ඇති උගතුන් බිහිකිරීම අත්‍යාවශ්‍යයි...
අමුඩයා Monday, 10 March 2025 03:36 PM
මැතිණියනි, දකුණු පළාතේ ලොකු ලොකු කියන එවුන්ට නම් මොලෙයි, හදවතයි දෙකම නැහැ. මස්වල බර විතරමයි තියෙන්නේ...!
Toni Monday, 10 March 2025 03:44 PM
අම්මෝ ඉතින් කටින් වැඩ කෝටියයි