නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා දුරකථන සමාගම් තුනකට අද (30) නියෝග කළේය.
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පොත් අස්ථානගත වූ කාර්යාලයේ සී සී ටීවී දර්ශන සවිකර නොමැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන සිදු කරන බවත්,සැප්තැම්බර් මස 25 වැනි දින සිට මේ දක්වා කාර්යාලී වැඩ කරන එම සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසත්,බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කාර්යාලය තුළට පිටස්තරින් පැමිණි පුද්ගලයකු විසින් මෙම පොත් සොරකම් කර ඇත්ද? නැතහොත් කිසියම් පාර්ශවයක් අස්ථානගත කර ඇද්ද යන්න පිළිබඳ අනාවරණය කර සැකකරුවන් හඳුනා ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය.
එක පෙළට තිබූ අංක සහිත පොත් දොළහක් මෙසේ අතුරුදහන් වී ඇති බව පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්
රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මස් වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මරදාන ජේ ඊ ගුණසේකර මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළ
පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අටකගේ දුරකතන විස්තර ඉල්ලයි