IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මෝදි පිළිගන්න රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්‍රයේ

(අංජුල මහික වීරරත්න)

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට (5) පෙරවරු 9ට මහත් අභිමානවත් අයුරින් පැවැත්වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (4) රාත්‍රියේ කටුනායක ගුවන්තොටින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය  අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්" යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දු ලංකා ඒකාබද්ධ  මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙයි.

නරේන්ද්‍ර මෝදි මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට සහ ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබේ. 



අදහස් (6)

මෝදි පිළිගන්න රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්‍රයේ

Sanath Friday, 04 April 2025 05:46 PM

අද දිවයිනට ඇවිල්ලා ඉන්නවානම් අද රෑ එන්න ඉන්නේ කවුද මචන්

:       0       0

ගුණරත්න Friday, 04 April 2025 06:55 PM

විජේවීර මිනීමරුවා අපායේ කැපිච්ච පණුවා වගේ දඟලනවා ඇති පක්‍ෂය දැන් ඉන්දියා අගමැති පිළිගන්න සැරසෙන එකට...!

:       4       9

Gihan Friday, 04 April 2025 11:21 PM

දැන් ඉතින් හිනා වෙනයි..., ඔළුව වෙනයි, හැබැයි කතාව නැහැ. මෝදි ගියා විතරයි. ඔන්න පටන් ගනියි ආයෙත් මයික් පලන්න.

:       0       1

Damith Friday, 04 April 2025 11:28 PM

චීත්තය නම් හරි මදි. කමිසයේ බොත්තම් ටික දාගන්න. බයයි තමයි මොනවා කරන්නද? ඔයා දැන් ලොක්කනේ..!

:       0       0

Nalin Saturday, 05 April 2025 06:02 AM

පිළිගන්න වඩිග පටුන නටන්න වෙනවා මේ පාරත්...

:       0       0

nanda Saturday, 05 April 2025 09:29 PM

පාරවල් වහනකොට බස්වල පැය ගණන් දහඩිය පෙරා ගෙන රස්තියාදු වන්නේ රටේ අහිංසක පුරවැසියෝ කියලත් ටිකක් හිතුවොත් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1152 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 246 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 427 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 448 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 515 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 911 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 439 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site