IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ.

උඩමළුව වෙත පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අතර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාද,  විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

SIRI Sunday, 06 April 2025 03:26 PM

අගමැති සහ ජනාධිපති දෙපළ සමඟ එදා උඩමළුවට වඩින්න ඇත්තේ අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ විසින් අනුමත කරනලද, වගකීමක් සහ යමක් කමක් දන්නා තෝරා බේරාගත් නායක ස්වාමින්වහන්සේලා වියයුතුයි. එතැනට ගිය කැමරා කරුවන් හරහා මුළු ලෝකයම බලා සිටියදී මෝදි අගමැතිවරයා එක්ක එක ස්වාමින්වහන්සේ නමක් තම ජංගම දුරකතනයෙන් "සෙල්ෆි ඡායරූප" ගත්තු එකෙන් මුළු පින්කමේම අගය බාල්දු කළා කියලයි මට නම් හිතුනේ. මෝදි කියලා කීවාට එයා මෝඩයෙක් නොවේ. බුද්ධ දේශනා හොඳින් දන්නා ඒවා අගේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම "මේ වගේ අයද බුදුන්වහන්සේගේ මේ උතුම් ධර්මය ආරක්ෂා කරන්න ඉන්නේ" කියලා ඒ වෙලාවේ අගමැතිතුමාට හිතෙන්න ඇති. අපේ නායක ස්වාමින්වහන්සේලාට ගමේ උපාසක අම්මලා එක්ක කරන පින්කම් සහ රාජ තාන්ත්‍රික මට්ටමේ උදවිය සමඟ කරන පින්කම් වල වෙනස තේරුම් ගන්න බැරි නම් එවන් උත්සව වලට සහභාගි නොවන එක වාඩාත් යහපත් කියලා තමයි අපට නම් කියන්න වෙන්නේ...

:       1       20

Jayasekara Monday, 07 April 2025 09:30 AM

මේ වගේ අති උතුම් පින්බිමක මහ බෝ සමිදුන් වැඩ වසන උඩ මලුවේ සෙල්ෆි ගහපු එක නම් හරිම අශෝබනයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අලුත් අවුරුද්දෙන් පසු ඇගලුම් සේවකයන්ගේ රැකියා අවධානමක
2025 අප්‍රේල් මස 07 0 0

ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට අපනයන භාණ්ඩවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බද්ද ක්‍රියාත්මක වුවහොත් අලුත් අවුරුදු සමයෙන් පසු ඇගලුම් කම්හල් සේවකයන්ගේ රැකි


නාමල් පැය 2කට පසු CID යෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 07 225 0

ඩේසි ෆොරෙස්ට් නොහොත් ඩේසි ආච්චි නැමැත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 2 කට ආසන්


මෛත්‍රී සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 07 233 0

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.


ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 යි
2025 අප්‍රේල් මස 07 486 0

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.


ජන හා නිවාස සංගණන වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 07 265 0

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදී අ


මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි
2025 අප්‍රේල් මස 07 498 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව 2024 මහා බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 508 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 511 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 992 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site