IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


‘මේ අයවැය හිඟන්නාට පවුඩර් දැමීමක්‘ - බන්දුල

මෙය හිඟන්නාට පවුඩර් දැම්මා වැනි අයවැයක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අයවැය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසූ ඒ මහතා මේ අයවැය තනිකරම පුස් බංකොළොත් අයවැයක් බවත් මේ අයවැයෙන් ජනතාවට ලැබුණු සහනයක් නැති බවත් කීය.වී, රබර්, තේ ගොවියාට දෙන බව කිවූ සහන කිසිවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නැතැයිද ඔහු කීවේය.

 



අදහස් (0)

‘මේ අයවැය හිඟන්නාට පවුඩර් දැමීමක්‘ - බන්දුල

මුතු Saturday, 21 November 2015 02:12 AM

සිරි, ඔයාගේ කතාවට මම එකඟයි. (නි)

:       0       0

රාධා Saturday, 21 November 2015 04:21 PM

බන්දුල මහත්මයාණෙනි, අපි දශක 4 කට පමණ පෙර ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ අවිස්සාවේල්ල පැත්තේ පන්තියකින්. එහිදී අපි ඉගෙනගත්තේ අපනයනය වැඩිවෙනකොට රුපියලේ අගය අඩුවීම පාඩුවක් නොවන බවයි (නි)

:       0       0

අංගොඩ ලාල් Saturday, 21 November 2015 04:52 PM

බලාගෙන යනකොට ආර්ථික විද්‍යාව ගැන අපිට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

හේමන්ත Saturday, 21 November 2015 03:57 AM

ඒ කියන්නේ පසුගිය ආණ්ඩු කාලේ නිර්මාණය වුනු හිඟන්නො ගැන වෙන්න ඇති. (ස)

:       0       0

වනස්පති Saturday, 21 November 2015 04:11 AM

මේ මනුස්සයනම් කිසිම විලිසන්ගයක් නැති කෙනෙක්. තව කතා කරන්නවත් ලැජ්ජාවක් නැද්ද මන්ද. (ස)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Saturday, 21 November 2015 06:47 PM

අද කාලේ හිඟන්නෝ දවසට දහපහළොස් දාහස් හම්බකරනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 November 2015 03:08 PM

ඒක ඇත්ත රුපියල් දෙදහස් පන්සීයකින් දරුවන්ටත් උගන්නගෙන කාලා ඇඳල ඉන්න පුළුවන් එකේ මොනවට බජට්ටු තියාගෙන කරදර වෙනවද මන්දා. (බ)

:       0       0

මානවි Friday, 20 November 2015 03:09 PM

ඔව් ඔව් පව්ඩර් නෙමේ සෙන්ට් දානවා. එයාලගේ කාලේ 2500න් කෑව අපට හොදට මතකයි (බ)

:       0       0

රන්ජිත් Friday, 20 November 2015 03:40 PM

තවත් කතා කියනවනේ ලැජ්ජා නැතුව (නි)

:       0       0

පෙරේරා Saturday, 21 November 2015 05:36 AM

රුපියල් 2500 කින් පවුලකට ජිවත් වෙන්න පුළුවන් කිව්ව මේවගේ අයට ජන්දේ දෙන්න තාමත් අපේ රටේ මෝඩයන් ඉන්නවා, ඉතින් මොනවා කරන්නද ? (ම)

:       0       0

නලීන් Friday, 20 November 2015 03:43 PM

අමතක කරන්න එපා. තුන්වේල කාලා රුපියල් 2500 න් මාසයක් ජීවත්වුණ ඇමතිලා සිටි රටක් මේක. (නි)

:       0       0

බණ්ඩාර Friday, 20 November 2015 03:43 PM

ඒකනේ. මේක වැඩකට නැති අයවැයක්. බන්දුල මහත්තයෝ, අපිට රු2500 ජීවත්වෙන්න පුලුවන් නොවැ. (නි)

:       0       0

සරසි Sunday, 22 November 2015 12:09 AM

ඔබතුමා අධ්‍යාපන ඇමති කාලයේ පාසල් බබාලාට ආදරයෙන් පවුඩර් දාලා ප්‍රශ්න පත්‍රත් අවුල්වුණ හැටි මතකයි. (නි)

:       0       0

සොපි Saturday, 21 November 2015 06:18 AM

සමස්ත අය - වැය වාර්තාව සම්බන්ධයෙන් මධ්‍යස්ත , ප්‍රවීණ, ආර්ථික විශාරදයින් කියන්නේ මොනවද කියල ජනතාව සොයා බලා දැනුවත් විය යුතුයි .දේශපාලකයන්ගේ කතා හරියන්නේ නැහැ .(ම)

:       0       0

සුඛිත් Friday, 20 November 2015 03:59 PM

අනේ දැන්වත් කට වහගන්න මහත්තයෝ (නි)

:       0       0

නවින් Friday, 20 November 2015 04:03 PM

2500න් කන්න ගිහින් හත්පොළේ ගාගත්තා වගේ... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 04:07 PM

එයාලා කළේ එක පවුලක් වටා ධනස්කන්දය ඒකරාශි කිරීමක්. ඒත් මේ අයවැයෙන් රටේ කන බොන අත්‍යවශ්‍ය මිල ගණන් අඩුකරලා තිබෙනවා. ඒ අතින් දුප්පත් මිනිසුන්ගේ පැත්තෙන් හොද අයවැයක්. (නි)

:       0       0

ලියනගේ Friday, 20 November 2015 04:08 PM

අනේ තවත් කතා මොකටද මහත්තයෝ? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 20 November 2015 04:04 PM

හිඟන්නාට පවුඩර් දැමීමේ බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස නම් බොහොම හොඳයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 04:09 PM

අපිට නම් කියනවා රුපියල් 2500 කින් හොඳට කන්න බොන්න පුළුවන් කියලා. අනේ මගේ කට! (නි)

:       0       0

සෙබස්තියන් Friday, 20 November 2015 04:11 PM

අමුතුම කතාවක් මේක. හිනා යන්නත් එනවා. ඒත් යන්නේ නැහැ. ඔයාලා ඔක්කොම ජනතාවට විහිළු සපයන්න පටන් අරගෙන දැන්. පොඩි මිනිස්සු ගැන හිතලා ඉදිරිපත්කළ අයවැය ගැන හොඳක් කියන්න දිව නැමෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 20 November 2015 04:08 PM

අපිට රුපියල් දෙදහස් පන්සීයකින් දරුවන්ටත් උගන්වාගෙන කාලා ඇඳලා ඉන්න පුළුවන් කියලා මෙයාලා කළේ මොකක්ද? (නි)

:       0       0

විජේසුන්දර Sunday, 22 November 2015 02:21 AM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

ශාන සෞදි Saturday, 21 November 2015 06:53 AM

මොකද දන්නේ නැහැ මහින්ද අදහස් දක්වා නැත්තේ? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 21 November 2015 07:05 AM

ඔව් ඉතින් එයාලට මොනවා කියන්න බැරිද? (නි)

:       0       0

ප්‍ර‍සාද් Friday, 20 November 2015 04:30 PM

මේ මිනිග හැමදම මොකක් හරි ගොන් කතාවක් කියල නාගන්නවා. (ස)

:       0       0

ලක්විදු Friday, 20 November 2015 04:37 PM

ඇයි මහත්තයෝ ඔහෙලා හිඟන්නන්ට බෙන්ස් දුන්නද ? (ස)

:       0       0

සිරි Friday, 20 November 2015 04:38 PM

එයා හිතන් ඇති ලංකාවේ සේරමලා රාජ කුමර කුමරියෝ කියල. මේගොල්ලෝ ටික දෙනා හැර සමස්ථ ලංකාවම හිගන්නෝ තමයි. ඉතින් පව්ඩර් දැම්මම මොකෝ. (ස)

:       0       0

රෙක්ස් Friday, 20 November 2015 04:39 PM

සුනාමි වෙලාවේ මිනිස්සු පණ අදිද්දී දුල දෙන්න හෙලිකොප්ටරෙන් කොළඹ එව්ව මිනිහ නේද මේ? (ස)

:       0       0

රංග Friday, 20 November 2015 04:42 PM

ඒක තමයි මහත්තයෝ. මීටවඩා 2500න් ජීවත්වුණ කාලේ කොච්චර හොඳද? (නි)

:       0       0

බටගල Saturday, 21 November 2015 07:21 AM

ඒකියන්නේ මේගොල්ලෝ හිඟන්නන්ට පවුඩර් දානවට කැමති නැහැ කියන එක නේද? ඒකනේ ඔයාලව ඡන්දෙන් යැවුවේ (නි)

:       0       0

උපුල් Sunday, 22 November 2015 05:03 AM

මේ වගේ අය ගැන මහජනතාව වශයෙන් අපි තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

සුරේෂ් Sunday, 22 November 2015 05:12 AM

අහෝ බන්දුල මහතාණෙනි! (නි)

:       0       0

සමීන් Friday, 20 November 2015 05:12 PM

තේ ගොවියාට හොඳටම වැරදි ඇතිබව නම් සැබෑය (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 22 November 2015 06:39 AM

වැරදිලාවත් ඕක ඔබතුමාගේ ගෙදර නම් කියන්න එපා. (නි)

:       0       0

ලයනල් Friday, 20 November 2015 06:06 PM

ඕක ඉතින් විරුද්ධ පක්ෂය සුපුරුදු ලෙස කියන කතාවක්නේ (නි)

:       0       0

මුදලිගේ Friday, 20 November 2015 06:26 PM

උසස් පෙළට ආර්ථික විද්‍යාව උගන්වපු බුද්ධිමත් මැතිතුමා මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

ජගත් Saturday, 21 November 2015 08:47 AM

මෙයාලට හැමදේම හොඳ නැහැ. (නි)

:       0       0

අශාන් Friday, 20 November 2015 06:38 PM

ඔයාලා තමයි හිඟන්නාව බිහි‍කළේ. පවුඩර් දැම්මහමවත් මිනිස්සු හිඟන්නා දෙස බලයිනේ. (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 20 November 2015 06:44 PM

එදා වේල හොයාගෙන කන දුප්පතාට මේ අයවැය සහනයක්. ඔබගේ පාලන කාලයේ වැඩියෙන් වෙන් කළේ ඔබතුමාලගේ සැපටනේ. දුප්පතා කාලා ඉන්නවට ඔබතුමා අකමැතිද? (නි)

:       0       0

විජිත් Friday, 20 November 2015 06:54 PM

අපෝ ඔව්! ඔයාලා හරි වැඩකාරයොනේ! (නි)

:       0       0

වින්සන්ට් Friday, 20 November 2015 07:20 PM

පසුගිය කාලයේ මේගොල්ලොත් ඔහොම කිවුවා. මාරුවෙන් මාරුවට පවුඩර් ලබන අපි සැමදා ජනතා හිඟන්නෝ වෙමු. සැප සම්පත් ලබන දේශපාලකයන්ගේ පැත්ත අන්ධ වී සිටින හිඟන්නන්ටද පෙනෙන්නේ නැත. (නි)

:       0       0

රොහාන් Saturday, 21 November 2015 10:41 AM

හිඟන්නෝ ඇතිකළේ අපිද? (නි)

:       0       0

අරවින්ද Friday, 20 November 2015 09:38 PM

අනේ මෙතුමාගේ කතා! (නි)

:       0       0

හේරත් Friday, 20 November 2015 09:44 PM

ඔව්. හිඟන්නාට පවුඩර් දැම්මා විතරක් නෙමෙයි, ගිය ආණ්ඩුව කාලේ හිඟන්නාගේ තුවාලයත් විකුණාගෙන කෑවා (නි)

:       0       0

සමන්ති Friday, 20 November 2015 10:07 PM

මාසයක් රුපියල් 2500න් කාපු හිඟන්නෝ බඩුමිල අඩුවුණාම පවුඩර් සෙන්ට් දානකොට අපිට දුක නැද්ද? (නි)

:       0       0

දිබී Saturday, 21 November 2015 11:37 AM

මෙයා කිව්වේ සක්කරයාගේ පුතා වෛමාටවත් බඩුමිල අඩුකරන්න බැහැ කියල. බලාගෙන ගියහම වත්මන් මුදල් ඇමතිවරයා සක්කරයාගේ පුතාට වඩා දක්ෂයි(රේ).

:       0       0

රෝහන Saturday, 21 November 2015 11:44 AM

මෙයාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තු ළමයින්ට දෙයියන්ගේම පිහිටයි.අනේ මන්ද මෙයා වැරදියට මයි කතා කරන්නේ.හිටපු මුදල් ඇමති(බයියා)කියල තිබුන එයාට තේරෙන්නේ නැහැ කියල.(රේ)

:       0       0

රෝහණී Friday, 20 November 2015 10:29 PM

එයාලා කිසිම දෙයක හොඳක් දකින්නෙම නැහැ (නි)

:       0       0

කුමාර Friday, 20 November 2015 10:42 PM

ඒක නම් සහතික ඇත්ත (නි)

:       0       0

කෝනාර Friday, 20 November 2015 10:43 PM

අපිත් එකඟයි (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Saturday, 21 November 2015 11:58 AM

මට නම් මුකුත් හිතාගන්න බැහැ. විපක්ෂ අය හොද නැහැ කියනවා ආණ්ඩු පක්සේ අය හොදයි කියනවා. හැබැයි ඉතින් මේ අයවැයම මහින්ද ජනාධිතුමා ඉදිරිපත් කළා නම් මේ කටින්ම කියයි. ලෝකේ හොදම අයවැය කියල. කොහොම උනත් ලංකාවේ දේශපාලකයෝ කියන ඒවා සතපහකට විශ්වාස කරන්න බැහැ. විපක්ෂ නායක තුමානම් කියල තිබුණා මෙය හොද අයවැයක් බව. කොහොම උනත් මාස තුනහතරකින් තමයි තේරුම් ගන්න වෙන්නේ හොද නරක(රේ)

:       0       0

දිමුතු Friday, 20 November 2015 11:01 PM

ඡන්ද කාලේ කිව්වේ කන බොන දේවල් වලින් සියලුම බදු ඉවත් කරනවා කියලා නේද? එහෙම කළා නම් 70% කින්වත් කනබොන දේවල් බහින්න ඕනෑනේ. මෙහෙම පොඩ්ඩක් අඩුකරලා පුලුවන්ද රටේ මන්දපෝෂණය නැති කරන්න? (නි)

:       0       0

කසුන් Saturday, 21 November 2015 12:44 PM

දැන් ඔබතුමා අපිට කියන්නේ හිඟන්න කියලද? . ඊලඟ පාරත් ඡන්දෙ ඉල්ලන් එන්නකෝ. (ස)

:       0       0

සුනිල් Saturday, 21 November 2015 01:12 PM

කතාව නම් ඇත්ත. රුපියල් 2500න් හිඟන්නෝ පවුල් ගණන් බුරියානි කාපු කාලයකුත් අපිට තිබුන නේ. (ස)

:       0       0

මනෝජ් Saturday, 21 November 2015 12:25 AM

කවුද එතකොට හිඟන්නා හැදුවේ? (නි)

:       0       0

ඩයස් Saturday, 21 November 2015 12:26 AM

අනේ මගේ කට! මෙතුමන්ලා කළේ හිඟන්නාව එම්බාම් කිරීමනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 21 November 2015 03:16 PM

හිඟන්නෝ හිඟාකද්දී, මෙයාලා සැප වින්ඳා.මෙයාල හිතාගෙන ඉන්නේ හැමදාම රටේ මිනිස්සු මෝඩයෝ කරලා සැප විඳින්න. දැන් ඉන්න තරුණ පරම්පරාව බුද්ධිමත්. රවටන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 21 November 2015 03:13 PM

මේ වගේ මිනිසුන් ගැන මහජනතාව වශයෙන් අපි තීරණයක් ගන්න ඕනෑ (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 21 November 2015 03:20 PM

අපිට රුපියල් 2500 කින් හොඳට කාලා ඇඳලා දරුවන්ට උගන්වන්න කියලා එයාලා කළේ මොකක්ද? ඒ ගෙවල් වල විදුලි බිලටම මාසෙට කීයක්ද? (නි)

:       0       0

විජිත Saturday, 21 November 2015 03:20 PM

මේකට ලියන ගොඩක් අය බලන්නකෝ රුපියලේ අගයට වෙලා තිබෙන හරිය. පාවෙලා ගිහින් හඳටම ඔන්න (නි)

:       0       0

බුද්ධික Saturday, 21 November 2015 02:02 AM

නියමයි මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 11 500 0

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ


බාල ඖෂධ ජාවාරමට රනිල් ප්‍රමුඛ කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරන්න යයි
2024 නොවැම්බර් මස 11 671 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව


වෛද්‍යවරයාට සුද්දයක් දුන් ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු
2024 නොවැම්බර් මස 11 624 0

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’
2024 නොවැම්බර් මස 11 1047 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි
2024 නොවැම්බර් මස 11 296 0

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි


පිල්ලයාන් හෙට CIDයට
2024 නොවැම්බර් මස 11 814 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 147 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1549 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site